21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට.

තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට.

තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට ඇතුළු වී ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අමෙරිකානු ප්‍රමුඛ විදෙස් භට කණ්ඩායම් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගැනීමෙන් පසු කෙටි කාලයක් තුළ ඇෆගනිස්ථානයේ ප්‍රධාන නගර රැසක බලය සියතට ගත් තලේබාන් සටන්කාමීන් අද එලෙස අගනුවර බලය සියතට ගෙන තිබේ.

ආරක්ෂක අංශ සමග දැඩි වෙඩි හුවමාරුවලින් තොරව සටන්කාමීන් නගරය වෙත ඇතුළුවීම විශේෂත්වයකි.

ඇෆ්ගනිස්ථාන වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ, අන්තර් ආණ්ඩුවක් වෙත සාමකාමිව බලය පැවරිමේ සැලැස්මක් සඳහා කටයුතු කරමින් සිටින බවයි.

කාබුල් අගනුවර ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වළකින ලෙස තලෙයිබාන් සටන්කාමින් ද සිය සාමාජිකයින්ට දැනුම් දී තිබේ.

තලෙයිබාන් සංවිධානය නියෝග කර ඇත්තේ, නගරයෙන් පිටත් වන පුද්ගලයින්ට ආරක්ෂිතව ඉවත් වීමට ඉඩ සලසන ලෙසයි.

ඇෆ්ගනිස්ථාන හමුදා සාමාජිකයින්ට සිය නිවෙස් වෙත යාමට අවසර දෙන බව ද තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කළේ ය.

තලෙයිබාන් සටන්කාමින් කාබුල් අගනුවරට ඇතුළු වීමත් සමගම කාබුල් අගනුවර ඇමරිකානු තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් හෙලිකොප්ටර් යානයක් මගින් පිටතට රැගෙන යනු ලැබී ය.

වසර 20 කට පෙර තලෙයිබාන් සටන්කාමින් බලයෙන් පහ කෙරුනේ,සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඇමරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තර හමුදා සන්ධානය ඇෆ්ගනිස්ථාන ආක්‍රමණය කිරිමත් සමගයි.

සාමකාමිව ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයේ බලය අත්පක් කර ගැනිම සඳහා ඇෆ්ගන් රජය සමග මේ වන විට සාකච්ජා කරමින් යන බව තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කළේ ය.

විදෙස් වාර්තා අනාවරණය කළේ, ඇෆ්ගනිස්ථානයේ හිටපු අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යවරයකු වන අලි අහමඩ් ජලාලි නව අන්තර්වාර පාලන අධිකාරියේ ප්‍රධානියා ලෙස නම් කිරිමට නියමිත බවයි.

මේ වන විට තලෙයිබාන් සංවිධානයේ දේශපාලන කාර්යාංශ ප්‍රධාන මුල්ලා අබ්දුල් ගානි ද කටාරයේ සිට කාබුල් අගනුවර වෙත පැමිනෙමින් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේ ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments