26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පොලිස් විශේෂ කාර්ය බලකාය බ්‍රෝරඩ් ලෑන්ඩ් ජල ව්‍යාපෘති ගබඩා සංකීරණය තුළ සිදුකළ...

පොලිස් විශේෂ කාර්ය බලකාය බ්‍රෝරඩ් ලෑන්ඩ් ජල ව්‍යාපෘති ගබඩා සංකීරණය තුළ සිදුකළ වැටලීමකදී නීති විරෝධි සිගරැට් තොගයක් අල්ලයි.

පොලිස් විශේෂ කාර්ය බලකායබ්‍රෝරඩ් ලෑන්ඩ් ජල ව්‍යාපෘති ගබඩා සංකීරණය තුළ දී වැටලීමක් සිදුකර තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද නීති විරෝධී සිගරට් තොගයක් සන්තකයේ තබාගෙන සිටි චීන ජාතිකයෙකු (16) අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වන විශේෂ කාර්ය බලකායේ මාධ්‍ය ඒකකය ප්‍රකාශ කර සිටින්නේ මස්කෙලිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දෙවන ක.අ.නි. ඩී.එම්.එන්. කැළුම් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇති බවයි. මෙහිදි රුපියල් එක්ලක්ස අසු දෙදහසකට වැඩි නීති විරෝධි සිගරැට් 2600ක් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙන බව එම මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
මීට අමතරව වැල්ලම්පිටියේ සිදුකළ වැටලීමක් සිදුකොට මහබුත්ගමුව පීසා හට් අවන්හල අසලදී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 650ක් අත්අඩංගුවට ගෙන තිබේ. ග්‍රෑන්ඩ්පාස් ස්ටේස්පුර සිදුකළ වැටලීමකදී කේරළ ගංජා මිලිග්‍රෑම් 308ක් හා ජංගම දුරකතනයක් අත්අඩංගුවට ගෙන ඇත. වැලිකඩ පොලිස් වසමේ ජනාධිපති විද්‍යාලමාවත, පොල්වත්ත රාජගිරිය ප්‍රදේශයේදී වැටලීමක් කර කේරළ ගංජා ග්‍රෑම් තුන්සියක් විදයුත් තාරදියක් වලංගු මුදල් 16.000ක් අත්අඩංගුවට ගෙන ඇත. දඹුල්ල පොලිස් වසමේ සිදුකළ වැටලීමකදී යාපාගමදී හෙරොයින් මිලිග්‍රෑම් 1,792ක් අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුණු තොරතුරකට අනුව නිලධාරින්ට ලද තොරතුරක් අනුව දංගල්ල පැපිලියවලදී නීති විරෝධි මත්පැන් මිලි ලීටර් 67.500ක් අත්අඩංගුවට ගෙන ඇත. අහුංගල්ල පොලිස් වසමේ සිදුකළ වැටලීමකදී කසළ තේ කිලෝ ග්‍රෑම් 9,576ක් හා කන්ටේනර් බහලුම සහිත ලොරි රථයක් අත් අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බලකාය කුරුණෑගල කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව මවතගම පොලිස් වසමේදී මැක්ස් ඔටෝමාර්ට් වෙහිකල් රෙපයාර් යන ආයතනය වැටලීක් සිදුකර පෙජරෝ වර්ගයේ ජීප් රථයක් අත්අඩංගුවට ගෙන ඇත. මෙවැනි වැටලීම් රැසක් සිදුකොට නීතිවිරෝධි භාණ්ඩ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments