21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකාරැපීඩ් ඇන්ටිජන්, පී.සී.ආර්. පරීක්ෂණ වැඩි කිරීමටත්,කොරෝනා වයිරස ප්‍රභේද හඳුනා ගැනීමේ පරීක්ෂණ පුළුල්...

රැපීඩ් ඇන්ටිජන්, පී.සී.ආර්. පරීක්ෂණ වැඩි කිරීමටත්,කොරෝනා වයිරස ප්‍රභේද හඳුනා ගැනීමේ පරීක්ෂණ පුළුල් කිරීමට රජය අවධානය කළ යුතුයි. වෛද්‍ය නවීන්ද්‍ර හේරත්

රැපීඩ් ඇන්ටිජන්, පී.සී.ආර්. පරීක්ෂණ වැඩි කිරීමටත් කොරෝනා වයිරස ප්‍රභේද හඳුනා ගැනීමේ පරීක්ෂණ පුළුල් කිරීමට වහාම කටයුතු කළ යුතු බව
රජයේ වෛද්‍යනිලධාරින්ගේ සංගමයේ හිටපු ලේකම් හා මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නවීන්ද්‍ර හේරත් මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ‘දිනමිණ‘ සිදුකළ විශේෂ විමසුමකට පිළිතුරු දෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීය………..කොවිඩ්19 වයිරස ආසාදිතයින් සොයා ගැනීම සිදුකරන රැපීඩ් ඇන්ටිජන් හා පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වැඩිකර ගන්න සිදුවෙනවා.

මෙරට හය දෙනකු හත් දෙනකු කොවිඩ් පරීක්ෂා කරනවිට එක් අයකු ආසාදිතයකු වෙනවා. මෙය හොඳට පාලනය කරන රටවල පුද්ගලයින් තිහක් කරන කොට එක් කෙනකු ආසාදියකු ලෙස හඳුනාගන්නවා. නවසීලන්තය වැනි රටවල පුද්ගයින් හාරදහසක් පරීක්ෂා කරනවිට එක්කෙනකු ආසාදිතයකු ලෙස හඳුනාගන්නවා. මේ තත්ත්වය බලනවිට අපේ රටේ හොඳටම ආසාදිතයින් වැඩි බව පැහැදිලියි. සමාජයේ හඳුනාගත්තේ නැති රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටින බව පේනවා. ඒ නිසයි මෙම රැපිඩ් ඇන්ටිජන් හා පී.සි.ආර්.පරික්ෂාව වැඩි කළ යුතු බව පෙන්වාදෙන්නේ.

එමෙන්ම අලුත් කොරෝනා වයිරස ප්‍රභේද සොයා ගැනීමේ කටයුතු පුළුල් කරගන්න වෙනවා. එම පරීක්ෂණ දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පමණයි සිදුකරන්නේ එය ප්‍රමාණවත් නැහැ. අලුත් ප්‍රභේද කල්තබා හඳුනාගත්තොත් තමයි අපිට ඊට සූදානම් වෙන්න පුළුවන් වෙන්නේ.

.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments