29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPසායනික ඔක්ෂිජන් තොගයක් රැගෙන ඒම සඳහා ශක්ති නෞකාව ඉන්දියාව බලා පිටත් වේ.

සායනික ඔක්ෂිජන් තොගයක් රැගෙන ඒම සඳහා ශක්ති නෞකාව ඉන්දියාව බලා පිටත් වේ.

මෙරට රෝහල් තුල කොවිඩි 19 අසාධිත රෝගීන් සඳහා අවශ්‍ය ඔක්ෂිජන් ධාරීතාවය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ඉන්දිය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්ෂිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රි ලංකා නාවික නෞකා ශක්ති නෞකාව අද අළුයම (2021 අගෝස්තු 17)  ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය බලා පිටත් විය.

පවත්නා වසංගත තත්වය හමුවේ මෙරට රෝහල් තුල ඔක්ෂිජන් ධාරිතාවය නිසි ලෙස පවත්වා ගැනීම සදහා ඇනවුම් කරන ලද සායනික ඔක්ෂිජන් මෙරටට රැගෙන ඒමේදී වරායන් තුල සිදු විය හැකි ප්‍රමාදවීම් වළක්වා ගැනීමේ අරමුණෙන් අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් නාවික හමුදාධිපති වයිස් අද්මීරාල් නිශාන්ත උළුගේතැන්න වෙත එම සායනික ඔක්ෂිජන් නාවික හමුදාව මගින් රැගෙන එන ලෙස උපදෙස් දෙන ලදි. ඒ අනුව, මෙරටට ඇණවුම් කරන ලද එම සායනික ඔක්ෂිජන් තොගය රැගෙන ඒම සඳහා ශක්ති නෞකාව ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත මෙලෙස පිටත් කර හැරීමට නාවික හමුදාව විසින් අද අළුයම (2021 අගෝස්තු 17)  කටයුතු කෙරිණි.

ඒ අනුව, ශක්ති නෞකාව 2021 අගෝස්තු 18 පස්වරුවේදී  ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත ලඟා වීමට නියමිතව ඇත. තවද, මෙම සේවාව අවශ්‍යතාවය අනුව අඛණ්ඩව පවත්වාගෙන යාමට නාවික හමුදාව කටයුතු කරනු ලබන අතර, රටේ ඇති වන ඕනෑම හදිසි තත්වයකදී සිය ශඛ්‍යතාවයන් කාර්‍යක්‍ෂමව සහ ඵලදායිව යොදවා අවශ්‍ය දායකත්වය ඉදිරියටත් නොපමාව ලබා දිමට නාවික හමුදාව නිරන්තර සුදානමින් සිටි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments