29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ 7කට කොවිඩ්

කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ 7කට කොවිඩ්

කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින් 7 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේ දී දිනුකා ගුරුගේ මෙනෙවිය සඳහන් කළාය.

ඔවුන් සියලුදෙනාම කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි අය වන අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබේ.

ඔවුන් සියලුදෙනාම ආශ්‍රිතයින් ලෙස තහවුරු වීමෙන් පසු ස්වයං නිරෝධායනයට යොමු කර සිටි අයයි.

අද වනවිට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 1397ක්.

ඉන් අවසන් ආසාදිතයින් 51 දෙනා ඊයේ රාත්‍රියේ හඳුනාගැනුණු අතර ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ ආශ්‍රිතයින් වේ.

එමෙන්ම කොළඹ යූනියන් පෙදෙසේ සුපිරි මහල් නිවාස සංකීර්ණයක පදිංචි අයෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබේ.

කෙසේවෙතත් ඔහුගේ පවුලේ සාමාජිකයින්ට වෛරසය ආසාදනය වී නැතැයි තහවුරු විය.

අදාළ පුද්ගලයා රැකියාව කළ ස්ථානයේ අයෙකුගේ ඥාතියෙකු මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ ආශ්‍රිතයෙකු බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments