වර්තමානයේ අපේ රටේ අත්‍යාවශ්‍ය භාණ්ඩ බහුතරයක මිල ගණන් වැඩිවී තිබෙන බවත්, රජය ඒ සම්බන්ධව දැඩි අවධානයක් යොමු කරමින් ගත හැකි ඉහළම ක්‍රියාමාර්ග ගනිමින් වැඩි වී තිබෙන අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිළ පාලනය කිරීම සඳහා වගකීමකින් කටයුතු කරනබව සඳහන් කරමින් සිටිනබව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(29) එම අමාත්‍යාංශයේ පැවැති සීනි, සහල් සහ වී මිල පිළිබඳව පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය………2021 ජූනි මස එකොළොස් වන දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතේ බලතල අනුව විධානයන් ගැසට් පත්රය මඟින් පළ කරමින් වී, සහල්, සීනි සහ බඩඉරිඟු ආනයනකරුවන්, ගබඩා කරුවන් පවත්වාගෙන යනු ලබන තොග පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ලියාපදිංචි කරන ලෙස ගැසට් නිවේදන පල කෙරුවා.
ඒ අනුව, 2021 අගෝස්තු 13 වන දින වන විට වී ගබඩා 157 ක වී තොග මෙට්රික් ටොන් 221, 664.64 ද සහල් ගබඩා 117 ක සහල් තොග මෙට්රික් ටොන් 17, 842. 97 ද , සුදු සීනි ගබඩා 74 ක සුදු සීනි මෙට්රික් ටොන් 124, 344.67 ද , රතු සීනි ගබඩා 52 ක රතු සීනි මෙට්රික් ටොන් 33, 132.11 ද බඩඉරිඟු ගබඩා 32 ක බඩඉරිඟු මෙට්රික් ටොන් 19, 896.49 ද වශයෙන් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ ලියාපදිංචි වී සිටිනවා.
විශේෂයෙන්ම සහල් මිල වැඩිවීම සඳහා අතරමැදි,වීගබඩා කරන්නන්, වී එක්රැස් කර වෙළඳපොල තුළ වී හිඟයක් ඇති කොට වැඩි මිලට විකිණීම, සහල් මිල වැඩිවීමට එක් සාධකයක් වූ බැවින් මෙම ලියාපදිංචි නොකරන ලද වී ගබඩා පසුගිය සතිය තුළදී උතුරුමැද හා නැගෙනහිර පළාත් වල සිදුකරන ලද විමර්ශනයන්හීදී ලියාපදිංචි නොකළ වී ගබඩා 52 ක මෙට්රිික් ටොන් 8,000 ක ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මුද්‍රා තැබුවා.
ඊයේ හා අද දින ගම්පහ සීදුව ප්‍රදේශයේ පිහිටි සීනි ගබඩා 3 ක මෙට්රික් ටොන් 5,400 කට ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මුද්‍රා තැබීමට පියවර ගත්තා.
නීතිපති සමඟ ඊයේ (29)මෙම මුද්‍රා තබන ලද ගබඩා හිමිකරුවන්ට විරුද්ධව ලබන සතියේදී අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු පිළිබඳව සාකච්ඡා කළ අතර, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත ට අනුව මෙම ලියාපදිංචි නොකරන ලද ගබඩා හිමිකරුවන්ට පනත ප්‍රකාරව රුපියල් 1,000 සිට රුපියල් 10,000 දක්වා ත්, සමාගමක් නම් රුපියල් 10,000 සිට රුපියල් 100, 000 දක්වා මුල්‍යමය දඩයක් හෝ මාස 6 ක සිර දඬුවමක් ලබාදීමේ නීතිමය ප්‍රතිපාදන ඇති බැවින් , ඒ අනුව ඔවුනට දිය හැකි උපරිම දඬුවම් ලබා දීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ජා කරන ලදී. ඒ අනුව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම ලබන සතිය තුළදී සිදුකරන බව දැන්වීය.
එම මුද්‍රා තබන ලද භාණ්ඩ සම්බන්ධයෙන් රටේ පවතින නීතිය අනුව ගතහැකි උපරිම ක්‍රියාමාර්ග අධිකරණය මගින් ගැනීමටත් මෙහිදී සාකච්ජා විය.
ඊට අමතරව ලබන බදාදා සිට සතොස සහ සමූපකාර මඟින් රතු සීනි, කිලෝ 1ක් රුපියල් 130/- කට අලෙවි කිරීම සඳහා සතොසට සහ සමූපකාරවලට අවශ්‍යකරන රතු සීනි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ මැදිහත්වීම යටතේ පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්ත ශාලා වලින් ලබාදීමට වැඩපිළිවෙලක් යොදා තිබෙනවා.
ඒ අනුව ලබන බදාදායින් පසු රතු සීනි සතොසින් සහ සමූපකාරය මඟින් කිලෝ 1ක් රුපියල් 130/- කට පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.