ඒ මහතා මේ බව සඳහන් කළේ (31)විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු .
සමගි ජනබලවේගයේ භාණ්ඩාගාරික කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා.
අද සදහන් වෙනවා රජයේ වියදම් අඩු කරන ලෙසට කැබිනට් පත්‍රිකාවක් ඇතුලත් කර තිබෙන බව එහි අමතර දීමනා අවම කරන්න ආරම්භ නොකර තිබෙන සංවර්ධන ව්‍යාපෘති අත් හිටුවන්න යන වශයෙන් එහි සඳහන් වෙනවා පසුගිය කාලයේ අපි විවිධ පෝලිම් දැක්කා එහි ගෑස් පෝලිම් ,කිරිපිටි පෝලිම් ,ඉන්ධන පෝලිම් තිබුණා .ආනන්ද පාලිත මහතා අත්අඩංගුවට ගත්තත් නැතත් හෙට අනිද්දා ඉන්ධන පෝලිම් ඇති වෙනවා. ඒ අතරේ ජනාධිපතිතුමා විසින් ඊයේ රාත්‍රියේ ගැසට් එකක් නිකුත් කරලා 2243/1 ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවශ්‍යතා තත්වයන් පැවතීම හේතුකොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා තත්ත්වය සුරක්ෂිත කෙරෙහි මහජන ජීවිත වලට අවශ්‍ය අත්‍යවශ්‍ය සැපීම් පවත්වාගෙන යෑම සඳහා අවස්ථානුකූල බව සඳහන් කරලා අත්‍යවශ්‍ය ආහාර සැපයීම් සඳහා වන හදිසි නීති රෙගුලාසි ශ්‍රී ලංකාව මුළුල්ලේම 2021 අගෝස්තු මස 30 වන දින මේ මොහොතේ සිට ක්‍රියාත්මක විය යුතු යැයි මෙම ප්‍රකාශයෙන් ප්‍රකාශ කරමි කියලා ජනාධිපතිතුමා අත්සන් කර තිබෙනවා. ඒ කියන්නේ හදිසි නීතිය යටතේ රෙගුලාසි පනවා තිබෙනවා එය ආහාර සැපයීම සඳහා වී සහල් සීනි අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අපි දන්නවා සත විසිපහට බද්ද අඩු කරලා සීනි ගෙනල්ලා ඒ සම්බන්ධයෙන් රජයට වෙච්ච පාඩුව රුපියල් බිලියන 15ක් කියලා මුදල් අමාත්‍යංශයෙන් ම දැනුම් දීලා තියෙන අවස්ථාවේ සතොසට ඒ රුපියල් අසු ගානට විකුණනවා වෙනුවට දෙසිය ගානට විකුණලා සතොසට පාඩු කරමින් සමහරු ලබාගත්තා අධික ලාභයක් පිළිබඳව වෝහාරික විගණනයක් කරන්න කියලා අපි දිගින් දිගටම රජයට කිව්වා නමුත් රජය කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ අපිට ආරංචි වෙන විදියට විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් එය සිද්ධ වෙන බව දැනගන්න ලැබෙනවා ඒ කොහොම වුණත් අද වන විට සත 25 බද්දට ගේන සීනි කිලෝ එක 230, 240, 250ට, විකිණුවාට සතොසෙන් දෙනවා 130ට කියන්නේ සලාක ක්‍රමයට. අපිට මතකයි එදා හාල්පොත තිබුණේ කොහොමද කියලා එහිදී සමහරු කලින් ඉදන්ම කිව්වා විකල්ප ආර්ථික මොඩලය හරහා රට නැවත 1977 කාලයට පත්වෙන වෙන බව නමුත් ඔවුන් කිව්වා එහෙම කතා කරන්න එපා ඔබලාගේ ආර්ථික වැඩපිළිවෙළට වෙනස් වෙච්ච දේශීය ආර්ථිකය ශක්තිමත් කරන දේශීය විවසායකයා සුරකින දේශීය ගොවියා සුරකින ආර්ථික වැඩපිළිවෙළක් අපි ගාව තියෙනවා ඒ විකල්ප ආර්ථික වැඩපිළිවෙළ හරහා අප ශ්‍රී ලංකාව ශක්තිමත් කරනවා කියලා .පසුව විශාල බදු සහන 2019 දෙසැම්බර් වන විට ලබා දුන්නා එහිදී හොරු කණ්ඩායමකට මහා විශාල ලාභ ලබන්න යින් බදු ගෙවන්නයි තියෙන ප්‍රමාණය අතිශයින් අඩු කරලා ඔවුන්ගේ සුඛවිවරණයට අවස්ථාව ලබා දුන්නා අපි දකිනවා මේ ආයතන වල ලාභ රුපියල් බිලියන ගණන් වලින් ඉහළ යන බව දැන් ලීසින් එක ගෙවා ගන්න ණය වාරිකය ගෙවා ගන්න බැරුව කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යසායක ඉතාමත් ම අමාරු තැනකට තල්ලු වෙලා. එහිදී බැංකුවල ලාභය 2020 මුළු අවුරුද්දටම 2019 ටත් වඩා ඉහල ගිහින් තිබෙනවා උදාහරණයක් විදියට ලංකා බැංකුවේ ලාභය මහා විශාල ලෙස ඉහළ ගිහින් තිබෙනවා කොළඹ කොටස් වෙළදපොළ අරගෙන බැලුවොත් අදහගන්න බැරි විදිහට ඉහළ යනවා අපි දකිනවා සමහර ආයෝජකයන් වට්සප් ගෲප් හදාගෙන ඒ හරහා අභ්‍යන්තර තොරතුරු යැයි කියා ගන්නා දේවල් ඔවුන් අතර හුවමාරු කරගනිමින් කොටස් වෙළෙඳපොළ කෘතීම ලෙස උස්සලා කාලීන වැඩපිළිවෙළක් හරහා වීමට භාජනය වෙලා තිබෙනවා ගිය පාර උස්සලා උස්සලා අවසානයේදී අර්ථසාධක අරමුදලට තමයි ඒක ඇතෑරියේ මේ පාර කොහොම වේවිද කොහොම කවුරුත් දන්නේ නැහැ නමුත් මම කියාගෙන යන්නේ යම්කිසි සුළු කණ්ඩායමක් විශාල ලෙස මේ වසංගත කාලය තුළ ධනය උපයා ගන්නා බව ඒවට බදු නොගෙවා නොයෙකුත් දේශීය විදේශීය බැංකුවල තැන්පත් කරනවා නමුත් සමස්ත මහජනතාවට ජීවත් වෙන්න බැරි තැනකට තල්ලු වෙලා අපි මේක දිගින් දිගටම කිව්වා විකල්ප ආර්ථික වැඩපිළිවෙළ හරහා මේ රට තවත් පල්ලෙහාට වැටෙන බව කරුණාකරලා යථාර්තවාදීව ප්‍රශ්නයට මුහුණ දෙන්න කියලා එහිදී ඔවුන් කිව්වා නෑ නෑ එහෙම අවශ්‍යතාවයක් නෑ කියලා තමයි කිව්වේ විකල්ප වැඩපිළිවෙළේ එක පැත්තක් තියෙන්නෙ ආනයන ආදේශන ක්‍රියාදාමය අනිත් පැත්තෙන් තියෙන්නේ නූතන මූල්ය්‍ය න්‍යායයි සල්ලි ගහෙන් කඩනවා වගේ මුදල් අච්චු ගහලා අද වන විට රුපියල් ත්‍රිලියන 1.2 මුදල් අච්චු ගහලා උද්ධමනය ඉහළ දාල ඒ හරහා වැඩි පුරම සිද්ධ වෙලා තිබෙන්නේ රුපියලේ අගය පල්ලෙහාට කඩාගෙන වැටිලා මිනිස්සුන්ට ආහාර ටික ගන්න තෙල් ටික ගන්න පොහොර ටික ගන්න බෙහෙත් ටික ගන්න අවශ්‍ය මුදල් නැති නිසා මිනිස්සු ඉතාම අසීරු තාවට පත් වීමයි මේ ආර්ථික කළමනාකාරිත්වයේ තියෙන දුර්වලතාවය නිසා තමයි මේ තත්ත්වයට මොවුන් පත්වෙලා තිබෙන්නේ කවුරුහරි කියනවා නම් මේකේ මේ කෝවිඩ් නිසා කියලා කිසි විදියකට එය පිළිගන්න හැකියාවක් නැහැ.
අපි දකිනවා අද පත්තරේ තිබෙනවා කෝවිඩ් නිසා මියගිය 85% ක්ම නිදන්ගත රෝගී වූ අය බව ඒ කියන්නේ රෝගියා මැරෙන්නෙ කොරෝනා වසංගතය ට වඩා කලින් තිබුණු නිදන්ගත රෝග නිසා එහිදී ලංකාවේ ආර්ථික ප්‍රශ්නයත් ඒකයි ආර්ථිකය කඩා වැටෙන්නෙත් නිදන්ගත රෝග නිසා එක පැත්තකින් කාලයක් තිස්සේ තිබුණු රාජ්‍ය මූල්‍ය අර්බුදය ආදායමට වඩා වියදම වැඩිවීම ඒ වගේම ණය කන්ද ඒ වගේම ආනයනය වලට සාපේක්ෂ ලෙස අපනයන මදිකමක් එහිදී එක පැත්තකින් නිදන්ගත රෝගය රාජ්‍ය මූල්‍ය ප්‍රශ්නය අනිත් රෝගය තමයි ගෙවුම් ශේෂය ප්‍රශ්නය එතකොට කෝවිඩ් වසංගතය හරහා යම් කිසි විදියට ආර්ථිකයට පහරක් වැදිලා තියෙන එක අපි පිළිගන්නවා නමුත් ඒ ආර්ථික පහර ළමනාකරණය කරගන්න පුළුවන් විය යුතුයි. මේ අපේ රටට පමණක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි අද බංගලාදේශයෙන් ඩොලර් මිලියන 200 දුන්න බවට කියනවා ඒ රටේ මිනිස්සු ජීවත් කොච්චර ජීවත් වෙනවද හැබැයි බංග්ලාදේශය මූල්‍ය අගය පොඩ්ඩක්වත් අව ප්‍රමාණය වෙලා නැහැ ලංකාවේ අව ප්‍රමාණ වීම වෙනුවට ඔවුන්ගේ සංචිත ඩොලර් බිලියන හතළිස් ගානකට වැඩිවෙලා තිබෙනවා එතකොට එහෙනම් බංග්ලාදේශය ටත් අපිට වඩා දරුණු පහරක් කොරෝනා වලින් වැදුනා ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටුණේ නැහැ . මෙය උදාහරණයක් පමණයි එය බංගලාදේශයෙන් ණයක් ගත්තා කියලා කියපු නිසා.
ආණ්ඩුව කියනවා නම් දීමනා වියදම් කපන්න ඕනේ කියලා කොහෙන්ද කපන්නේ දැන් ජනවාරි ඉදලා රජයේ මුළු ආදායම රුපියල් බිලියන 800 ජනවාරි ඉදලා ජූලි මාසෙ ඉවරවෙනකම් රජයේ මුළු වියදම රුපියල් බිලියන 1765 ණය වාරික ගැන නෙමෙයි මේ කියන්නෙ රජයේ සමස්ත අයවැය හිඟය මේ මාස 8ට රුපියල් බිලියන 965යි එහිදී ආදායම බිලියන 800යි හිඟය ඊට වඩා වැඩි 965යි කොහොමද මෙහෙම රටක් දුවන්නෙ කපන්න කියල කිව්වට කපන්න තැනක් නැහැ.
2020 මුදල් අමාත්‍යංශ වාර්තාවෙ තිබෙනවා රජය මොනවටද වියදම් කරන්නේ කියලා මධ්‍යම රජයේ වැටුප් ගෙවන්න පමණක් රුපියල් බිලියන 270 පළාත් සභා වැටුප් සඳහා බිලියන දෙසිය හතළිහක් ආරක්ෂක ත්‍රිවිධ හමුදාවේ පඩි ගෙවන්න රුපියල් බිලියන දෙසීයක් පොලීසියේ හා මහජන ආරක්ෂාව කරන අයට රුපියල් බිලියන 85ක් හැටියට පඩිය විතරක් ගෙවන්න රජයට සිද්ධ වෙලා තිබෙනවා අද මේ පඩිය කපන්න පුළුවන්ද ඊළඟට තියෙනවා භාණ්ඩ හා සේවා රුපියල් බිලියන 180ක් ඊළඟට පොලිය ගෙවන්න තිබෙනවා බිලියන 980ක් එහිදී මේ බැසිල් මුදල් ඇමතිතුමා මොනවා කිව්වත් මේවා කැපුවා යි කියලා කොච්චර ඉතිරි කිරීමක් ගන්න පුලුවන් වේවිද? එහෙම නම් මෙතන තියෙන්නෙ රජයේ ආදායම පිළිබඳව ප්‍රශ්නයක් රජයේ වියදම මීට වඩා කපන්න බැහැ සුළු ප්‍රමාණයයි කපන්න පුළුවන් කොහොමද එතකොට ආදායම වැඩි කරගන්නේ .
ඊළඟට අනිත් කාරණාව තමයි මූලිකම ගැටලුව දැනට ඩොලර් නැති ප්‍රශ්නය ආණ්ඩුව කොච්චර කිව්වත් ඩොලර් තියෙනවා කියලා මහබැංකුවේ ඩොලර් එක විකුනන්නෙ 203ට කිව්වට දැන් බැලුවොත් සම්පත් බැංකුවේ ඩොලරය විකුණන්නේ රුපියල් 226 ශත 25යි commercial බැංකු 226 කාවද මේ මුලා කරන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගේන්න ඩොලර් තියෙනවා කියලා කිව්වට එහෙම ඩොලර් නැහැ.
මේ වනවිට හමුදාවේ ප්‍රධාන නිළධාරියෙක් නම් කරලා තිබෙනවා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් වරයා විදියට ඊළඟට හදිසි නීතිය දාලා තිබෙනවා එසේ කරලා ආණ්ඩුව හිතනවනම් පෝලිම් නවත්තන්න පුළුවන් කියලා , ආණ්ඩුව හිතනවා නම් මිනිසුන්ගේ සීනී රුපියල් 85ට දෙන්න පුළුවන් කියලා, ආණ්ඩුව හිතනවනම් පරිප්පු මිල අඩු කරන්න පුළුවන් කියලා, ආණ්ඩුව හිතනවා නම් ආණ්ඩුවට පුළුවන් කියලා අහස උසට ගිහිල්ලා තිබෙන හාල් මිල අඩු කරන්න පුළුවන් කියලා, මේ හදිසි නීතිය දාලා එය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කොච්චර හදිසි නීතිය දැම්මත් කොච්චර හමුදාවෙන් දැම්මත් රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න බෑ හදිසි නීතිය දමලා ආර්ථික ප්‍රශ්න විසඳන්න බෑ හමුදා නිලධාරියෙක් පත් කරල මේ ආර්ථික ප්‍රශ්නය විසඳන්න බැහැ . තියෙන එකම වැඩපිළිවෙළ තමයි වෙලදපොල. ඒ හරහා පමණයි මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් වෙන්නේ එහෙම නම් කළ යුත්තේ කුමක්ද අපි කොහොමද මේ කෙටිකාලීන ප්‍රශ්නෙන් එළියට එන්නේ මොකක්ද තිබෙන විසඳුම උදාහරණයක් විදියට ආණ්ඩුව මහලොකුවට කෙටි පණිවුඩ යවලා කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු කියලා ඩොලර් මිලියන 787 ඊට පස්සේ බංගලාදේශයෙන් හම්බවුණා කියලා ඩොලර් මිලියන 150ක් චීනයෙන් හම්බ වෙනවා කියලා මිලියන 2000 ඒ කියන්නේ ඩොලර් මිලියන 300 ක් විතර ප්‍රමාණයක් හැබැයි ඔය බංගලාදේශයෙන් ලැබෙන ඩොලර් මිලියන 150ක් අර කලින් ඉන්දියාවෙන් ලැබුණා කිව්වා ඩොලර් 400 වගේ තමයි කෙටිකාලීන හුවමාරුවක් මාස 3ක කාලයකට මාස 3 කින් නැවත ගෙවිය යුතුයි එහෙම නැත්තං එක පාරක් එය තව මාස තුනක් කල් ගන්න පුළුවන් එතකොට මාස හයට වඩා තියෙනවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට එන්න වෙනවා ඒ වගේම චීනයෙන් ලැබිලා තියෙන්නෙත් යුවාන් මිලියන 2000ක් ඒ තමයි කලින් එකග වෙච්ච ඩොලර් බිලියන 1.2 අවසාන ලැබීම අප්‍රේල් මාසයේ ඩොලර් බිලියන 500ක් ලැබුණා 2021 ඩොලර් බිලියන 500යෙන් ලැබුණු ඉතුරු ඩොලර් මිලියන දෙසිය වෙනුවට ඩොලර් මිලියන 100ක වැඩි වීමක් සමග චීනයෙන් ලබා දීලා තිබෙනවා එච්චරයි එහි පලවෙනි බිලියන වියදම් කරලා ඉවරයි මේ ලැබෙන යුවාන් වලින් මිල දාලා ආනයනය කරන්න ණය ගෙවන්න පුළුවන් එහෙම නැතුව ණය ගෙවන්න බැහැ . යුවාන් වලින් බංගලාදේශයෙන් කෙටිකාලීන මාස තුනක මුදල් වලින් ණය ගෙවන්නත් බැහැ එ ගේම කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් මිලියන හයසිය අසූ හතක් ලැබුණ කියලා එම මුදල ලැබුණේ ලෝකයේ හැම රටටම ලබා දෙන මුදල අගෝස්තු මාසේ දෙවැනි දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රධානියා කියලා තිබෙනවා ඩොලර් බිලියන 650 ප්‍රමාණයක් සියලුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොටස් තිබෙන ප්‍රමාණයට අනුව බෙදලා දෙන්න යනවා කියලා එහි දී ඩොලර් බිලියන 650න් 250ක් විතර දියුණු වෙන්න සහ අඩු ආදායම්ලාභී රටවල් වලට ලැබිලා තිබෙනවා. එයට ප්‍රකාරව ලංකාවට ඩොලර් බිලියන 787 ලැගිලා තිබෙනවා එහිදී එම මුදල් පාවිච්චි කරන්න පුළුවන් අපේ සංචිත ශක්තිමත් කරගන්න ඒ සංචිත හරහා ණය ගෙවන්න පුළුවන්.