26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ශ්‍රී.ල.නි.ප.ය ශක්තිමත් කරනවා. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි

ශ්‍රී.ල.නි.ප.ය ශක්තිමත් කරනවා. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි

කොරෝනා වසංගතය මෙරටින් තුරන් කිරීමට මෙන්ම ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වර්තමාන රජයට පූර්ණ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රට සහ ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් නොපිරිහෙලා ඉටුකිරීමට පියවර ගන්නා බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත් අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේ, “වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී අද තිබෙන ආර්ථික අර්බුදයත් විශේෂයෙන්ම කොරෝනා වසංගතය කියන කාරණයේදීත් අපි වර්ථමාන රජයට අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලෙස ඉදිරි අනාගතය සඳහා පුළුල් ශක්තිමත් වැඩපිළිවෙළක් මේවන විට ක්‍රියාත්මක කරගෙන යනවා. පක්ෂයේ සංවිධාන ජාලය ශක්තිමත් කරමින්, පුළුල් ජාතික ව්‍යාපාරයක් සකස් කිරීම අපේ බලාපොරොත්තුව.“ 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments