21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsමිනිස් පරිභෝජනයට නුසුදුසුරුපියල් කෝටි අටකට අධික වටිනාකමකින් යුත් සීනි සහ සීනි පැණි...

මිනිස් පරිභෝජනයට නුසුදුසුරුපියල් කෝටි අටකට අධික වටිනාකමකින් යුත් සීනි සහ සීනි පැණි තොගයක් එස්.ටී.එෆ්.සෙයාගනී.

මිනිස් පරිභෝජනයට නුසුදුසුරුපියල් කෝටි අටකට අධික වටිනාකමකින් යුත් සීනි සහ සීනි පැණි තොගයක් සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත.

එහිදි සීනි කි.ග්‍රෑ. 625,000 යි,සීනි පැණි පිරවූ ලීටර් 210, යකඩ බැරල් 218යි, විද්‍යුත් තරාදියක්,

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කොළඹ කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොයි සුමනවර්ධන මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරි අරුණ කටුගම්පල මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකය ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් මත ස්ථානාධිපති වි‍ශේෂ වැටලීම් ඒකකය, ප්‍ර.පො.ප. ඩී.එස්. කුලසේකර නිලධාරියා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (06) වත්තල පොලිස් වසමේ අංක 583/15, මීගමුව පාර, වත්තල යන ස්ථානයේදී වැටලීමක් සිදු කර ඇත.
මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම සීනි පැණි තොගය සමග නීති විරෝධී ලෙස අනවසරයෙන් ගබඩා කර සඟවා තබා ගනිමින් සීනි පැණි හා සීනි වශයෙන් ජාවාරම් කිරීමේ කූඨ ව්‍යාපාරයක ගබඩා භාරකරු ලෙස සිටි පුද්ගලයෙකු අදාළ භාණ්ඩ සමගින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සදහා ගම්පහ පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශණ නිලධාරී කන්දගේ චමින්ද ඉන්දික පියරත්න මහතා ඇතුළු නිලධාරින් වෙත භාර දී තිබේ.

සීනි එහා මෙහා ගෙන යා හැකි කරත්ත,සීනි උර නැවත ඇසුරුම් කරන විද්‍යුත් යන්ත්‍රයක්,සුදු පාට හා දුඹුරු පාට මිශ්‍ර පොලිසැක් උර 7000 ක් පමණ,
සීනි පැණි එකතු කිරීමට භාවිතා කරන ලීටර් 210 හිස් යකඩ බැරල් 26ක් මෙහිදි තිබි හසුවි ඇත.

පුවරසන්කුලම් කඳවුරේ නිලධාරීන් කණ්ඩයමක් අනවසරයෙන් කපා කැබ් රථයකින් ප්‍රවහනය කරමින් තිබු විවිධ ප්‍රමාණයේ බුරුත දැව කඳන් තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. මුලතිව් ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවහනය කරමින් සිටි පුද්ගලයකු ට්‍රැක්ටර් රථයක් අත් අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව වව්නියාව මඩු රක්ෂිතයේ දැවන කඳන් කපා ට්‍රැක්ටර් රථයකින් ප්‍රවහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
තවද නීති විරෝධිව බලපත්‍ර රහිතව විඩිවෙල් පෙරිය ආරු ඇල තුලට ට්‍රැක්ටර් රථ දෙකක් ඇතුළු කර වැලි කැණීම් කර පටවමින් සිටි පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුට ගෙන තිබේ. කලවංචිකුඩි පොලිස් වසමේදී අයිස් තැමැති මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි අයෙකුද අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර කැලෑ පාළුවන්, වැලි ජාවාරමුන් හා ගංජාහේන් වැටලීමටද විශේෂ කාර්ය බලකාය ක්‍රියාකර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments