26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරදි.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරදි.

ශ්‍රී ලංකා රේගුව ඉකුත් අගෝස්තු (28) සිට මෙම මස (03) දක්වා කාලය තුල අනුමත අපනයවල වටිනාකම46,427,903,400 (රුපියල් බිලියන 46.43) එම කාලය තුල ආනයන බදු වශයෙන් එකතු කළ මුදල රු. 9,342,577,159((රුපියල් බිලියන 9.34)ක්වේ.

ඒ අනුව නිරෝධායන ඇඳිරිනීති ක්‍රියාත්මක පසුගිය සතිය තුළ දීත් ශ්‍රී ලංකා රේගුව තම සේවා වන් සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට සමත් වී තිබෙනවා. අගෝස්තු 28 වන දිනෙන් ආරම්භ වී (03) අවසන් වූ පසුගිය සතිය තුල රුපියල් බිලියන 46.43 වටිනා අපනයන ශ්‍රී ලංකා රේගුව විසින් අනුමත කර තිබෙනවා. මීට අමතරව, එම කාලය තුල ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් බිලියන 9.34 ක්‌ ආනයන බදු වශයෙන් එකතු කර තිබෙනවා.

මෙරට දැනට පවතින වසංගත තත්ත්වය මගින් ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් හට සැලකිය යුතු බලපෑමක් කර ඇතත් රටේ ආර්ථික ස්ථායිතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සෞඛ්‍ය උපදෙස් දැඩිව අනුගමනය කරමින් රේගු සේවා වන් සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා ප්‍රමුඛ සියලු රේගු නිලධාරීන් විසින් කටයුතු කරනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments