26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ආණ්ඩුව මේ රටේ ජනතාව මර්දනය කරන්න හදිසි නීතිය පාවිච්චි කරන තත්ත්වයට ඇවිල්ලා-...

ආණ්ඩුව මේ රටේ ජනතාව මර්දනය කරන්න හදිසි නීතිය පාවිච්චි කරන තත්ත්වයට ඇවිල්ලා- පා.ම. රෝහිණී කවිරත්න මහත්මිය

ආණ්ඩුව මේ රටේ ජනතාව මර්දනය කරන්න හදිසි නීතිය පාවිච්චි කරන තත්ත්වයට ඇවිල්ලා තිබෙන බව ස.ජ.බ.මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රකාශ කරයි.
ඇය මේ බව සඳහන් කළේ (08) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවාය……

අපි දන්නවා කොතලාවල පනත ආණ්ඩුව පාර්ලිමේන්තුවට ගේන්න නැතුව අකුලා ගත්තා. නමුත් අද වෙන විටත් උද්ඝෝෂණය කරපු විශ්වවිද්‍යාල දරුවො ටික බන්ධනාගාර ඇතුලෙ තියාගෙන ඉන්නවා ඒ අයට තමන්ගේ ජීවිත වලටත් තර්ජනයක් වෙලා .ආණ්ඩුවේ අලුත්ම දඩයමක් ආරම්භ රලා ඒ තමයි පෙරේදා පාර්ලිමේන්තුවේ හදිසි නීතිය ඡන්දයෙන් සම්මත කර ගන්නත් කලින් නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින ප්‍රසාද් රණසිංහ මහත්තයා ලියුමක් නිකුත් කරලා තියෙනවා සියලුම පොලිසි වලට. එය පහුගිය කාලයේ උද්ඝෝෂණ කරපු ගුරුවරු සහ විදුහල්පතිවරුන් සම්බන්ධව සවිස්තරාත්මක ලයිස්තු 09 වැනි මාසේ 10 වැනිදාට කලින් ලබා දෙන්න කියලා මේ හදන්නේ ගුරුවරුන් දඩයම් කරන්න ද කියන එක මේ රටේ පුරවැසියෝ ඒ විදියට දැන ගන්න සිදුවෙනවා ඇත්තටම අද අධ්‍යාපනය වෙනුවෙන් ආණ්ඩුවට කරන්න තියෙන්නේ උද්ඝෝෂණය කරපු ගුරුවරුන් දඩයම් කරන එක ද ?මේ බව අපි අධ්‍යාපන ඇමතිවරයාගෙන් හා පොලිසියෙන් අහනවා අද මේ රටේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් බිඳ වැටිලා සාමාන්‍ය පෙල අයදුම් පත්‍රයක් දාගන්න බැරි තත්ත්වයට පත්වෙලා උසස් පෙළට මේ වෙනකොට අයදුම්පත්‍ර දාගන්න බැරිවෙලා ශිෂ්‍යත්ව විභාගයට මොකක්ද කරන්නේ කියලා තීරණයක් තවමත් නැහැ පහුගිය සාමාන්‍ය පෙළ විභාගය කරලා ප්‍රායෝගික පරීක්ෂණ කරගන්න බැරුව දරුවො ටික ගෙදර ලතවෙන යුගයක්. පාසල් ටික ඇරගන්න ක්‍රමයක් නැහැ අවුරුදු 12න් ඉහළ දරුවන්ට ලෝකයේ අනිත් රටවල් එන්නත ලබා දෙන කොට අපේ රටේ එය ලබා දෙන්න වැඩපිළිවෙළක් නැහැ මේ වගේ වැඩ තිබියදී ඕන්ලයින් අධ්‍යාපනය මේ රට ලැබෙන්නේ 40% විතරයි 60% මාර්ගගත අධ්‍යාපනය ලැබෙන්නේ නැහැ. මේ ආණ්ඩුව අධ්‍යාපනය නගා සිටුවන්න කරන වැඩපිළිවෙල කුමක්ද ගුරුවරුන් මර්දනය කරනවා වෙනුවට ගුරුවරුන්ට මේ සඳහා සාධනීය වැඩපිළිවෙළක් සකස් කරල කඩා වැටුණු අධ්‍යාපනයක් ගොඩනඟන්නට මේ ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබිය යුතුයි. අපි ඉල්ලනවා ආණ්ඩුවෙන් ගුරුවරුන් මර්දනය කරනවා වෙනුවට අධ්‍යාපනය ගොඩනඟන්න උගත් සමාජයක් ඇති කරන්න කටයුතු කරන්න කියලා මොකද මේ ආණ්ඩුව උගත් පිරිසක් එනවට අකමැති නිසා

මහ කන්නයට තවත් සති 3ක පමණ කාලයක් පමණයි තිබෙන්නේ එහිදී කුඹුරු හා හේන් ගොවිතැන් වලට බිම් සකස් කිරීම් මේ වන විට සිදුවෙනවා එහි පළමු කාර්යය තමයි වල් මර්ධනය කිරීම මේ වෙනවිට ඉරිඟු වගාවට හේන් ගොවිතැන කරන මොනරාගල පොහොර ඇමතිවරයාගේ ප්‍රදේශවල ජනතාවට ගොවිතැන් ඉදිරියට කරනවද නැද්ද තීරණයක් ගන්න බැරුව ඉන්නවා හේතුව වල් මර්දනය කරන්නෙ නැතුව මේ එන මහ වැස්සත් සමග ඉදිරියට ගොවිතැන කරන්න ගැටලුවක් තිබෙනවා. ආණ්ඩුව මේ වන විට බහුදින යාත්‍රා මඟින් නීත්‍යානුකූල නොවන ආකාරයට බෝට්ටු වල් නාශක සහ බෝට්ටු දිලීරනාශක ගෙන්වන්න කටයුතු කරමින් සිටිනවා අපි මෙතෙක් අහල තිබෙන්නේ බෝට්ටු කරවල බහුදින යාත්‍රාවලින් ගෙන එනවා පමණයි නමුත් මේ වනවිට බහුදින යාත්‍රා මඟින් නැගෙනහිර මුහුදු තීරයෙන් දකුණෙන් මුහුද කළාපයෙන් මන්නාරමෙන් මේ රටට තහනම් කරපු අධික විෂ සහිත වල් නාශක සහ දිලීර නාශක කෘමිනාශක මේ රටට ඇතුළු වෙන තත්ත්වයක් ඇතිවෙලා ආණ්ඩුවට මේ සඳහා නිසි වැඩ පිළිවෙළක් නැහැ පසුගිය කාලයේ කුරුණෑගල ප්‍රදේශයේ අපි දුටුවා කුඹුරු වලට ගිනි තියෙනවා කීඩෑ උවදුරින් ගොවිතැන ගොඩනඟාගන්න බැරුව බලාපොරොත්තු වූ අස්වැන්න ලබා ගන්න බැරි වුණා එම අයගේ අස්වැන්න කෙළවර වුණේ පිදුරු හා බොල් වී අස්වැන්නක් පමණයි මේ නිසා කුඹුරු ගිනි තියන්න ඔවුන් තීරණය කළා මේ ටිකම තමයි දිලීරනාශක නැති වුනොත් ඉදිරියට එන නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග විශේෂයෙන්ම නුවරඑළිය මාතලේ ප්‍රදේශවල කඳුකර ප්‍රදේශවල තේ අස්වැන්න මේ වෙනවිට කඩාවැටිල ඉදිරියේදී ඒ විදියටම සිදුවෙනවා තෙතමනය සහිත කාලගුණය නිසා දිලීර රෝග පැතිරෙනවා එහිදී එළවළු වගාව මල් වගාව බිඳ වැටෙනවා අපි දකිනවා මෙවැනි තත්ත්වයකදී කෘෂිකර්ම අමාත්‍යංශය කියනවා දිලීර නාශක වල් නාශක සහ නිර්දේශිත කෘමිනාශක ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදනවා කියලා එහිදී අපට ගැටලුවක් වෙනවා මීටර් 50ක් වල් නාශක දිලීර නාශකයක් ග්‍රෑම් 400ක දිලීරනාශක පැකට් එකක් ගන්න පෝලිමේ ඉන්න සිදුවෙනවා. එහිදී කෘමි උවදුරු කලින් ආරාධනා කරලා එන්නේ නැහැ දැනුම් දීලා එන්නේ නැහැ එම කෘමීන් දවසෙන් දෙකෙන් වගාවන් හානි කරනවා අපිට මතකයි සේනා දළඹුවා ආපු වෙලාවේ බඩඉරිඟු වගාවට සිදු වූ දේ මේ රටේ ජනාධිපතිතුමා ගිහින් ඒවාට සිදු වෙච්ච දේ බැලුවා සේනා දළඹු කූඩිත්තන් වැනි සතුන් එනවිට අවශ්‍ය වල් නාශක කෘමිනාශක යොදන්න ඕන එසේ නොවුනහොත් අස්වැන්න බිඳ වැටෙනවා අපි දැක්කා පසුගියදා කැබිනට් පත්‍රිකාවක් නිකුත් කරලා තිබුණා එය කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් රසායනික පොහොර ආනයනය ඒකාධිකාරියක් ගොඩනඟන්න උත්සාහ කිරීමක්. අපි දැක්ක සීනි ආනයනය කරපු ආයතන වලට දීපු නිසා ප්‍රතිවිපාක රටක් විදිහට අපි භුක්ති විඳිමින් සිටිනවා එම නිසා කෘෂිකර්ම අමාත්‍යාංශය මේ සකස් කරපු කැබිනට් පත්‍රිකාවෙන් කෘෂි රසායන ආනයනය සියයට අසූ හතක් ඒකාධිකාරියක් තනි සමාගමකට දෙන්න හදනවා ඒ තුළ ඉදිරියේදී මිල වැඩි වීමක් සිදු වෙනවා .ආහාර ද්‍රව්‍ය වලිනුත් මිල වැඩි වෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments