26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPපොත්හල් වසා තැබීම නිසා වන ගැටළුව පිළිබඳ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ...

පොත්හල් වසා තැබීම නිසා වන ගැටළුව පිළිබඳ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ නිලධාරීන් අධ්‍යාපන ඇමැති හමුවේ.

රටේ පවතින තත්ත්වය මත පොත්හල් වසා තැබීම නිසා පාසල් දරුවන්, දෙමාපියන්, පොත්හල් හිමියන් මුහුණ දී ඇති ගැටළුව පිළිබඳ දැනුවත් කිරීමට, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ නිලධාරීන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2021.09.09 දින බත්තරමුල්ල, ඉසුරුපාය,  අධ්‍යාපන අමාත්‍යාංශයේදී හමුවිය.

සාමාන්‍ය අධ්‍යාපනයට මෙන්ම මාර්ගගත අධ්‍යාපනයට ද පොත පත අවශ්‍ය බැවින්  සිසු දරුවන් අපහසුතාවයන්ට මුහුණ දී ඇති බව ඔවුන් පැවසීය. මේ වන විට ජාත්‍යන්තර පාසල්වල දරුවන්ටද පොත් ලයිස්තු නිකුත් කර ඇති නිසා ඔවුන් ද ගැටළුවට මුහුණ දී සිටින බවද  පැවසීය. දිනකට පැය 2 ක් හෝ පොත්හල් විවෘත කර තැබීමට අවශ්‍ය කටයුතු සලසා  දෙන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලීය. සිය සංගමය මඟින් වසරක් පාසා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයද රට සාමාන්‍ය තත්ත්වයට පත්වූ වහාම පැවැත්වීමට අපේක්ෂා කරන බවත් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති උපාලි වනිගසූරිය, එච්.ඩී ප්‍රේමසිරි, ප්‍රේම් දිසානායක, සමන්ත ඉන්දීවර, එස්.සී වන්නිආරච්චි යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments