රජයේ වෛද්‍යනිලධාරින්ගේ සංගමයේ හිටපු ලේකම් හා මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා පැහැදිලි කරයි.
- එන්නත්කරණයේ තීරණ ගන්නේ හමුදාපතිද?
*වසංගත පාලනය සෞඛ්‍යයෙන් ගිලිහිලද?
එන්නත්කරණ ක්‍රියාවලිය යමක් කියනවානම් අපට පේනවා තාක්ෂණික උපදෙස්වලින් බැහැරව ගිහිල්ලා මෙම වගකිව යුත්තෝ එන්නත්කරණ ක්‍රියාවලිය සිදුකරනවා කියලා. විශේෂයෙන්ම පහැදිලිව අපි කිව්වා හැටට වැඩි පුද්ගලයින්ට ප්‍රමුඛතාවයදී කටයුතු කරන්න අවශ්‍යයි කියලා නමුත් තවමත් වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයින් එන්නත් කරණය කොට අවසන් කොට නැහැ. එසේ තිබියදි විස්සත් තිහත් අතර වයස් කාණ්ඩයක් එන්නත්කරණයට යොදාගැනීම තාක්ෂණීක තීරණවලින් බැහැරව යෑමක්. එන්නත්කරණ ප්‍රමුඛතා දිස්ත්‍රික්ක තෝරාගැනීම විශාල ගැටලුවක් අපි දැක්කා. විස්ස-තිහ පටන්ගත්තේ ප්‍රමුඛතා දිස්ත්‍රික්කයකින් නොවේ. ඒවා කාගේ උපදෙස්මත මත ගන්න තීරණ ද කියලා අපි දන්නේ නැහැ. තාක්ෂණික කමිටුවෙන් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉවත්වීමත් අතර සම්බන්ධයක් තිබෙනවාද කියන්න තවම කල්වැඩියි. එය ඒ වෛද්‍යවරයාගෙන් විමසන්න අවශ්‍යයි. ප්‍රමුඛතා දිස්ත්‍රික්කයක් නොවේ හම්බන්තොට කියන එකක් නොවේ අපි දන්නා තරමින්. එවිට තාක්ෂණීක කමිටුව තීරණය කළාද හම්බන්තොට තෝරාගන්න. ඒ කුමන පදනමින්ද මේ කිසිවක් හෙලි දරව්වෙලා නැහැ. අපි දකින්නේ බොහෝ වෙලාවට යුදහමුදාපතිවරයා තමන්ට වුවමනා පරිදි සෞඛ්‍ය ලේකම්වරයා හරහා වසංගතරෝග විද්‍යා අංශයෙන් එන්නත් ටික ගන්නවා. එසේ අරගෙන එන්නත්කරණයේ යෙදෙනවා. මේක දිගටම තිබුණු ගැටලුවක්. මේක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැටියට පෙන්වලා දුන්නා. වසංගත රෝග විද්‍යා ඒකකය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙ පාලනයෙන් ගිලිහිලා කියන එක.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙ උපදෙස් පතන්නේ නැතිව සෞඛ්‍ය ලේකම්වරයා හරහා එසේ නැත්නම් යුදහමුදාපතිවරයාගේ වුවමනාවට හෝ වෙනත් කෙනකුගේ වුවමනාවට මේ තාක්ෂණික තීරණ අභිබවා යමින් ඉතාම අත්තනෝමතික විදියට මේ එන්නත්කරණ ක්‍රියාවලියේ යෙදන බවක් පෙනෙන්නට තිබෙනවා. සෞඛ්‍ය සේවකයින්ගේ නිවෙස්වල සිටින දරුවෝ දැඩි අවධානමකට ලක්වෙලා තිබෙනවා. මේ කොවිඩ් 19 රෝගය වැළඳීමෙන්. ඒ දරුවන්ගේ අම්මා , තාත්තා රාජකාරියට ගිහිල්ලා යළි එන්නේ නිවසට මේ ගැටලුව සියලුම සෞඛ්‍ය සේවකයින්ට තිබෙනවා. අපි කියන්නේ නැහැ විස්ස – තිහ කණ්ඩායමට එන්නත් අවශ්‍ය නැහැ කියලා නමුත් ඒක නොවේ ප්‍රමුඛතාවය කියන එක රජය පැහැදිලිව හඳුනාගත යුතුයි. අනිවාරයෙන් පාසැල් ආරම්භ කරන්න කලින් එන්නත්කරණ කටයුතු සම්පූර්ණ කළ යුතුයි. මේ ෆයිසර් එන්නතතමයි දරුවන්ට ලබාදෙන්න නිර්දේශ කර තිබෙන එකම එන්නත. දරුවන්ට හොඳම දේ කියනවනේ. එහෙනම් ෆයිසර් එන්නත් තිබෙන්නෙත් සීමිත ගණනක් නම් ඇයි දරුවන්ට මෙම එන්නත ලබාදීලා පාසැල් ටිත පටන් ගන්නේ නැත්තේ.