26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්SLT-MOBITEL වෙතින් One Galle Face Mall සහ One Galle Face Tower වෙත...

SLT-MOBITEL වෙතින් One Galle Face Mall සහ One Galle Face Tower වෙත අති-නවීන තාක්ෂණික විසඳුම්

SLT-MOBITEL වෙතින් One Galle Face Mall සහ One Galle Face Tower වෙත අති-නවීන තාක්ෂණික විසඳුම්

ජාත්‍යන්තර තලයේ ඩිජිටල් සේවාවන් සැපයීම සඳහා ගිවිසුම් අත්සන් කෙරේ

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL,One Galle Face Mall සහ One Galle Face Towerවෙත අති-නවීන ඩිජිටල් සේවාවන් සැපයීම සඳහා ෂැංග්‍රි-ලා හොටෙල්ස් ලංකා (පුද්.) සමාගම සමග ගිවිසුමකට අත්සන් තැබී ය.

SLT-MOBITEL වෙනුවෙන් SLT ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා සහ, ෂැංග්‍රි-ලා හොටෙල්ස් ලංකා (පුද්.) සාමාගම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ෂැංග්‍රි-ලා සමූහයේ උප සභාපති (මෙහෙයුම්)ටිමති රයිට් මහතාමෙමගිවිසුම අත්සන් කළහ. මීට අමතරව දෙපාර්ශ්වය නියෝජනය කරන තවත් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

මෙම ගිවිසුම යටතේ One Galle Face Mall සහ One Galle Face Tower හි සියලුම ඒකක වෙත SLT-MOBITELFibre තාක්ෂණය හරහා අධිවේගී සම්බන්ධතාවන් ලබාදීමට SLT-MOBITEL කටයුතු කරනු ඇත. එම සේවාවන් භාවිතා කරන්නන්ට 100 Mbps දක්වා වනඅධිවේගීඅන්තර්ජාලසම්බන්ධතාවක්අත්විඳීමට අවස්ථාව හිමි වේ.

මීට අමතරව මෙම ගිවිසුම යටතේ PEO-TV සම්බන්ධතාවන් පිරිනැමීමටදSLT-MOBITEL පියවර ගනු ඇත. ඉදිරියේදීඑම පාරිභෝගිකයන් වෙනුවෙන්,Smart Building සංකල්පයටඅනුකූලඅති-නවීනතාක්ෂණිකපහසුකම්සැපයීමටදSLT-MOBITEL සැලසුම් කර තිබේ.

“ලොව විශිෂ්ටතම හෝටල් හිමිකාරීත්ව සහ කළමනාකරණ සමාගමක් ලෙස සැලකෙන ෂැංග්‍රි-ලා සමග මේ ආකාරයට හවුල්කාරීත්වයකට එළඹීමට හැකි වීම අපට මහත් සතුටක්. මේ ඔස්සේ අපට One Galle Face Mall සහ One Galle Face Towerපාරිභෝගිකයන්ගේ ඩිජිටල් ජීවන රටාවන් තවදුරටත් වැඩිදියුණු කිරීමට අවස්ථාව හිමිවෙනවා. තාක්ෂණයේ දියුණුව හා වර්ධනයට සමගාමීව, ඩිජිටල් විසඳුම් නිරන්තරයෙන් වැඩිදියුණු කරමින්, පාරිභෝගිකයන්ගේ වෘත්තීයහා විනෝදාස්වාද අවශ්‍යතාවන්ට හොඳින් ගැළපෙන අධිවේගී සම්බන්ධතාවන් පිරිනැමීමට SLT-MOBITEL සෑම විටම සූදානම්” SLT ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා පැවසී ය.

ආසියා පැසිෆික් කලාපයේ ප්‍රමුඛතම සුඛෝපභෝගී හෝටල් ජාලය ලෙස සැලකෙන ෂැංග්‍රි-ලා විසින් ඉදිකර කළමනාකරණය කරනු ලබන One Galle Faceව්‍යාපෘතිය,කොළඹ නගරයේ ඉහළම තලයේ ජාත්‍යන්තර මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකේ. වර්ග අඩි 530,000 කින් යුත් One Galle Face Towerලොවනවීනතම පහසුකම් වලින් සමන්විත කාර්යාලයීයකුලුනක්වන අතර, One Galle Face Mall යනු දේශීය හා විදේශීය පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය දිනාගත්, ජාත්‍යන්තරතලයේඅලෙවිසැල්, විනෝදාස්වාද මධ්‍යස්ථාන සහ ආපනශාලා ඇතුළු පහසුකම් රැසකින් සමන්විත සාප්පුසංකීර්ණයකි.

“ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්පාදකයා වන සහ, විශිෂ්ට සහ නිර්මාණශීලී සන්නිවේදන අත්දැකීම් පිරිනැමීමේ වැදගත්කම හොඳින් අවබෝධ කරගෙන සිටින SLT-MOBITEL සමග එක්ව කටයුතු කිරීමට හැකිවීම අපට මහත් සතුටක්. අපගේ ව්‍යාපෘති භාවිතා කරන්නන් සෑම විටම විශිෂ්ට තලයේ නිෂ්පාදන හා සේවාවන් අපේක්ෂා කරන අතර, SLT-MOBITEL වෙතින් ලැබෙන සේවාවන් ඔවුන්ගේ නොමඳඇගයීමට ලක්වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ” මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ෂැංග්‍රි-ලා සමූහයේ උප සභාපති (මෙහෙයුම්)ටිමති රයිට් මහතා පැවසී ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments