21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බොබ්මාලි අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බොබ්මාලි අත්අඩංගුවට

බේරුවල මුහුදු තීරයේදී හෙරොයින් මෙරටට රැගෙන ඒම සම්බන්ධ බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් කිහිප දෙනකු රාජ්‍ය බුද්ධි සේවයේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වීමට මෙරට සිට මෙහෙයවු සැකකරුවකු බවට සැකකරනු ලබා කළුදුර චමින්ද තාබ්‍රේව් නොහොත් බොබ් මාලි නැමැති වයස හතළිස් එකක් වන මාලඹේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු (09) ඇල්පිටිය පොලිස් වසමේ කැටපොල ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී  ඔහු ළඟ තිබි හෙරොයින් ග්‍රෑම් 100ක්ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුට සැඟව සිටීමට ආධාර අනුබල දුන් සැකකරුගේ බිරිඳවන වයස අවුරුදු 34ක්වු කාන්තාව සහ වයස අවුරුදු 47ක්වන කැටපොල ප්‍රදේශයේ සැඟව සිටි නිවසේ අයිතිරකරුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments