මෙම වසරට සියවසක් සපිරුනු
ලක්දිව විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ නිර්මාතෘ
ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මැතිතුමා.
උගතෙකු, වියතෙකු, අධ්‍යාපනඥයෙකු, නීති විශාරදයෙකු, දේශපාලකයෙකු හා සැබෑ දේශප්‍රේමී මානවහිතවාදියෙකු වූ ලංකා පුත්‍ර ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්තුමන්ගේ 168 වෙනි ජන්ම දිනය අදට යෙදී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සිහිපත් කරයි.
දිවංගත වූ දිනයත් උපන් දිනයත් ජාතික වශයෙන් සිහිපත් කරන මෙරට උපත ලද ගිහි පැවිදි නායකයන් අතරින් ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතා ද එක් අයෙකි. වර්ග වාදයෙන් තොරව ලාංකීය ජාතියත් පිළිබඳව හිතාමතා කටයුතු කළ දෙමළ ජාතික දේශපාලඥයන් අතරින් මුල් පෙලේ නායකයෙකු වශයෙන් මෙතුමා හැඳින්වීම නිවැරදි යැයි එතුමාගේ චරිතය අධ්‍යනය කරන විට මට පෙනී ගිය කරුණකි. පොන්නම්බලම් අරුණාචලම් පරපුරෙන් මෙරටට බිහි වූ තවත් සුවිශේෂී චරිත දෙකක් හඳුනා ගත හැක. එක් අයෙකු වන්නේ එතුමාගේ සොහොයුරු ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්තුමාය. වරක් එතුමා කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවැති මහජන හමුවකදී මෙසේ කියා තිබුණි.
“මම බොරු නොකියමි, මම ලෝකයේ නොයෙක් රටවල සංචාරය කර ඇත. මට එහිදී නොයෙක් ජාතිකයන් හා ආගමිකයන් දැග ගත හැකි විය. නමුත් මා ඒ කිසිම රටකදී සිංහල ජාතිය තරම් වටිනා ජාතියක් හා බුදු දහම තරම් ශ්‍රෙෂ්ඨ දහමක් නොදුටුවෙමි.“ රාමනාදන් මහතා මෙසේ පැවසුයේ සිය හැඟීම් සැබැවින්ම ප්‍රකාශ කරමිනි. මෙවන් ශ්‍රේෂ්ඨ ජාතික නායකයන් බිහි වූ දෙමළ ජාතික ප්‍රජාව අතරින් පසුගිය දශක තුළ බිහි වූ ඇතැම් වර්ගවාදී දේශපාලකයන් ජාතිවාදය අවුළුවා බලයට පැමිණීමට ගත් උත්සාහයන් නිසා සිදු වූයේ අනවශ්‍ය ජාතිවාදී අරගල, ත්‍රස්තවාදී උවදුරු වලින් අප රට තුළ ගොඩනැගෙමින් තිබූ සංවර්ධිත ක්‍රියාදාමයන් හා ආර්ථික ප්‍රගතියන් සමග ජාතික සමගිය වලටපල්ලට ඇද වැටීමය.
අරුණාචලම් මහතා වැනි වියත් නායකයන් බිහි කළ දේශපාලනය යළි දෙමළ ප්‍රජාව තුළින් ගොඩනැගිය යුතු කාලය උදා වී ඇත. එතුමාගේ මෙහෙවර ඇගයූ මෙරට සිංහල නායකයන් සිදු කළේ එතුමාගේ ප්‍රතිමාවක් එවකට මැති සභා ගොඩනැගිලි භූමියේ පිහිටුවා උපහාර දැක්වීමය. එය ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉදි වූ ප්‍රථම ප්‍රතිමාව ද වනු ඇත.
අරුණාචලම් පරපුරෙන් බිහි වූ අනිත් සුවිශේෂී පුද්ගලයා වනුයේ ලෝකප්‍රකට විද්වතෙකු වූ ආනන්ද කුමාරස්වාමි මහතා ය. මෙතුමා අරුණාචලම් මහතාගේ මාමා වූ ශ්‍රීමත් මුතුකුමාරස්වාමි මහතාගේ පුතණුවන් ය. කුමාරස්වාමි මහතා ලංකාවටත් මෙරට සංස්කෘතිකව සිදු කළ මෙහෙවර අති උසස් එකකි. එතුමා ලියූ “මධ්‍යම කලා ඉතිහාසය“ නැමැති ග්‍රන්ථය එයට දෙස් දෙයි. පොන්නම්බලම් අරුණාචලම් මහතා උපන්නේ අදවන් දිනකය. ඒ 1853 සැප්තැම්බර් 14 වෙනිදා ය. එතුමා උපන්නේ කොළඹ දී බව සඳහන් වුවත් සමහර පොත පතෙහි උපන් ස්ථානය සටහන් වන්නේ යාපනයේ මණිපායි වල බව ය. දෙමාපියන් වූයේ වාසල මුදලිඳු පොන්නම්බලම් මහතා සහ මෑණියන් වූයේ සෙල්ලච්චි කුමාරස්වාමි ය. වර්ෂ 1834 දී මෙරට පිහිටුවන ලද ලංකා ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රථම දෙමළ ජාතික සාමාජිකත්වය හිමි වුයේ මෙතුමියගේ පියාණන් වූ කුමාරස්වාමි මුදලි තුමාට ය. මේ අනුව බලන විට පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ පරපුරේ දේශපාලනය සියවස් දෙකකට ආසන්න ය.
කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ඇරඹූ අරුණාචලම් මහතා අධ්‍යාපන ශිෂ්‍යත්වයක් ලබා ගනිමින් එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට තේරී එහි ගියේ සරසවි අධ්‍යාපනය
සැප්තැම්බර් 14 වෙනි දිනට සමරන
මෙම වසරට සියවසක් සපිරුනු
ලක්දිව විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ නිර්මාතෘ
ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මැතිතුමා.
උගතෙකු, වියතෙකු, අධ්‍යාපනඥයෙකු, නීති විශාරදයෙකු, දේශපාලකයෙකු හා සැබෑ දේශප්‍රේමී මානවහිතවාදියෙකු වූ ලංකා පුත්‍ර ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්තුමන්ගේ 168 වෙනි ජන්ම දිනය අදට යෙදී ඇත.
ලැබීමට ය. ඔහු රාජකීය විද්‍යාලයෙන් සමු ගන්නා විට එවකට එහි විදුහල්පති පදවිය දැරූ බාක්‍රෝෆ්ට් බෝක් මහතා පැවසුවේ තමාගේ 40 වසරක ගුරු ජීවිතයේ දී හමු වූ බුද්ධිමත්ම ශිෂ්‍යයා අරුණාචලම් මහතා බව ය.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ දී සිය සහජ දක්ෂකම් පෙන්වූ අරුණාචලම් සිසුවා 1875 වසරේ දී යළිත් මව් බිමට පැමිණියේ ශාස්ත්‍රපති උපාධිය හිමි කරගනිමිනි. ලංකාවට පැමිණීමෙන් පසු සිවිල් සේවය සම්බන්ධව පැවැති විභාගයකට ඉදිරිපත්ව එයින් සමත් වුයේ ලංකාවේ පළමුවැනියා ලෙස ය. එයින් පසු අරුණාචලම් මහතා ලංකා රාජ්‍ය සේවයේ සිවිල් සේවයට එක්වීය. එය ද සුවිශේෂී වාර්ථාවක් වූයේ සිවිල් සේවයට එක් වූ අප රටේ ප්‍රථම ලාංකිකයා ලෙස ය.
කොළඹ පිහිටි ඒජන්ත කාර්යාලයේ වසරක් සේවය කළ මෙතුමා එයින් පසු මහනුවර පොලිස් උසාවියට මාරුවක් ලැබ ගියේ ය. එම සේවා කාල වලදී අරුණාචලම් මහතා මහේස්ත්‍රාත්වරයෙකු වශයෙන් ද, දිස්ත්‍රික් විනිශ්චයකාරවරයෙකු වශයෙන් ද සේවය කළේය. ඔහුගේ සිවිල් සේවා කාලය වසර 13 කි. එයින් පසුව කොළඹට පැමිණි අරුණාචලම් මහතාට එවකට ආණ්ඩුකාර පදවිය දැරූ ශ්‍රීමත් ආතර් වෝර්ඩන් විසින් කොළඹ රෙජිස්ට්‍රාර් තනතුර පැවරී ය. ටික කලකට පසුව රෙජිස්ට්‍රාර් ජනරාල් පදවියට පත් වූ මෙතුමා එම ක්ෂේත්‍රය තුළ සුවිශේෂී මෙහෙවරක් ඉටු කළහ. ඒ අනුව ලංකාවේ ප්‍රථම ජන ලේඛණය 1901 වසරේ දී සිදු කළේ මෙතුමාගේ මෙහෙයවීමෙනි. මෙම ජන ලේඛණය මෙරට සමාජ විද්‍යාත්මකව ද සඛ්‍යාත්මකව ද රටේ හැරවුම් ලක්ෂයක් විය. ඔහු මෙම සංගණනයෙන් පසු සැකසූ අවසන් වාර්ථාව සෑම අතින්ම ප්‍රයෝජනයට ගත හැකි වටිනා ලේඛණයක් විය.
මෙලෙස උසස් රාජ්‍ය සේවයක් සිදු කළ මෙම ශ්‍රේෂ්ඨ ලාංකිකයා 1913 දී සිය රාජ්‍ය සේවයෙන් සමුගෙන විශ්‍රාම ලැබුවේ ය. විශ්‍රාම සුවයෙන් නිවසට වී සිටිය යුතු යැයි ඔහු සිතුවේ නැත. 60 හැවිරිදි වියේ පසු වූ මෙතුමා තමා වයසට ගොස් ඇතැයි සිතුවේ ද නැත. ක්‍රියාකාරී දේශපලානයට පිවිසිණි. තම මව්බිම අධිරාජ්‍යවාදී ග්‍රහණයෙන් මුදවා ගනු පිණිස සටනට පිවිසියේ රණශූරයෙකු ලෙසය. මෙම කාලයේ සිදු වූ අවාසනාවන්ත ජාතිවාදී අරලයේදී සිංහල බෞද්ධ නායකයන්ට ඉංග්‍රීසි ආණ්ඩුව සළකන මිලේච්ඡ ආකාරය හෙලා දුටු අරුණාචලම් මහතා සිංහලයන්ට සිදු කරන අසාධාරණය පිළිබඳව අපක්ෂපාති කොමිෂමක් අවශ්‍ය බව ආණ්ඩුවට දන්වා සිටියේ ය. ඔහු තමා සමග එංගලන්තයේ සරසවි අධ්‍යාපනය ලබා ලෝකයේ නොයෙක් රටවල ජීවත් වන විවිධ තරාතිරමේ නායකයන්ට ලංකාවේ සිංහල බෞද්ධ ජනතාවට ඉංග්‍රීසි ආණ්ඩුව සිදු කරන අසාධාරණකම් සංදේශ මගින් කියා යැව්වේ ය. ඉංග්‍රීසි නිලධාරින් හා තර්ක විතර්ක කරමින් වාග් ප්‍රහාරයේ යෙදෙමින් ජන කොටසක් හිතුවක්කාර ලෙස තලා පෙලා දැමීම හෙළා දැක්කේ ය.
මේ රටේ යළි ස්වරාජ්‍යයක් ගොඩනැගීමට අවශ්‍ය බව සියලු ජාතින්ටත් ඉංග්‍රීසි ආණ්ඩුවටත් අවධාරණය කළේ ය. මෙතුමා ඇතුළු අනෙකුත් නායකයන් ගෙන ගිය මෙම වැඩපිළිවෙල නිසා එවකට සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ධූරයෙන් පහකර වෙනත් අයෙකු පත් කිරීමට එංගලන්ත ආණ්ඩුවට සිදු විය. මේ තත්ත්වය එකල සිටි සියලුම ජාති විශේෂීන්ට විශාල ශක්තියක් විය. ඒ අනුව 1917 වසරේ මැයි මාසයේ පොන්නම්බලම් අරුණාචලම් මහතා ලංකා ප්‍රතිසංස්කරණ සංගමය නමින් නව සංවිධානයක් ගොඩ නැගුවේ ය. එයට සියලු නායකයන්ගේ සහය නොඅඩුව ලැබිණි. එහි අරමුණ වූයේ ලංකාවට ස්වරාජ්‍යයක් දිනා ගැනීම ය.
එයින් වසර දෙකක් ගිය පසු එනම් 1919 දී හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගේ පියාණන් වූ රාජ නීතීඥ ඊ.ඩබ්.ජයවර්ධන මහතාගේ යෝජනාවක් අනුව නව දේශපාලන සංවිධානයක් පුළුල්ව ගොඩ නැගීමට තීරණය කරන ලදී. එය එක්සත් ජාතික පක්ෂයේ ආදිතම නායකයන් බිහි කළ ප්‍රථම දේශපාලන සංවිධානය වූ ලංකා ජාතික සංගමය වේ. මෙහි ප්‍රථම සභාපතිවරයා වශයෙන් පත් වූයේ ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතා ය. මෙම වසරේදීම පොන්නම්බලම් අරුණාචලම් මහතා ලංකාවේ කම්කරු ජනතාවගේ උන්නතිය සඳහා නව සංවිධානයක් බිහි කළේ ය. එය ලංකාවේ ප්‍රථම වෘත්තිය සමිතිය ලෙස හැඳින්වීම නිවැරදි යැයි මම සිතමි.
1918 මැයි 18 වන දින පිහිට වූ මෙම සංගමය හැඳින් වූයේ ලංකා කම්කරු සුභසාධක සංගමය යනුවෙනි. ලංකාව තුළ විශ්ව විද්‍යාලයක් ඇරඹිය යුතු යැයි මුලින්ම යෝජනා කළේ අරුණාචලම් මහතා විසිනි. මෙම අදහස ඉදිරිපත් කළේ එතුමා රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් සිටියදී එනම්, 1906 දී තරම් ඈත අතීතයේදී ය. ඔහු ඒ සම්බන්ධයෙන් සඟරාවක් ද පවත්වාගෙන ගොස් ඇත. ඔහු කොළඹ රාජකීය විද්‍යාලය විශ්ව විද්‍යාලයක් කළ යුතු යැයි ලංකාවේ එවකට සිටි රිච්වේ ආණ්ඩුකාරවරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටියේ සමස්ත ලාංකීය සිසු පරපුර වෙනුවෙනි. එතුමාගේ ඉල්ලීම ඉතා බලවත් වූ හෙයින් ඉංග්‍රීසි ආණ්ඩුව ලංකාවට විශ්ව විද්‍යාල පීඨයක් පිරි නැමීමට එකඟ විය. ඒ නිසා ලංකාවට විශ්ව විද්‍යාලයක් ලැබිණි. එතුමාගේ ශ්‍රේෂ්ඨ ව්‍යායාමය අගය කර පසු කලෙක පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගොඩනැගෙන විට එහි ගොඩනැගිල්ලක් අරුණාචලම් ශාලාව ලෙස නම් කළේ මේ ශ්‍රේෂ්ඨ වීරවරයාට උපහාර වශයෙනි.
එමෙන්ම විශ්ව විද්‍යාල යෝජනා ක්‍රමයේ තවත් සුවිශේෂී ප්‍රතිපලයක් වශයෙන් එතුමාගේ මග පෙන්වීම මත මෙරට ප්‍රථම විශ්ව විද්‍යාලය ගොඩනැගී මේ ගෙවී යන්නේ සිය වැනි වර්ෂය යි. එම විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමය යටතේ පසුගිය සියවස අවසන් වන විට ලංකා සරසවියකින් අධ්‍යාපනය ලැබූ දේශපාලන නායකයෙකු වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්වූ බව පොන්නම්බලම් අරුණාචලම් මහතාට විශේෂ ගෞරවයක් වශයෙන් සඳහන් කරනු කැමැත්තෙමි. එය පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ මෙහෙවරේ සදාඅනුස්මරණීය සිහිවටනයක් ලෙස මා සළකමි.
අරුණාචලම් මහතා ලංකාවේ ඉතිහාසයට දැඩි ලෙස ගෞරව කළේ ය. ඔහු ලංකා ඉතිහාසය හැදෑරුවේ ය. ඒ අනුව “ලංකාවේ ඉතිහාස සටහන්“ නම් ග්‍රන්ථය සෑම සිංහලයෙකුම, දෙමළ ජාතිකයෙකුම, මුස්ලිම් ජාතිකයෙකුම කියවිය යුතු ග්‍රන්ථයක් ලෙස හැඳින්වීම නිවැරදි ය. උතුරේ අතළොස්සක් වර්ගවාදී ලේඛකයන් හා දේශපාලකයන් විකෘති ඉතිහාසයක් ලංකාවට ආරෝපණය කරමින් පොත් පත් ලියන යුගයක එවැනි විකෘති ඉතිහාසයක් පිළිබඳව ඇතැමුන් මැති සබයේදී පවා තම අදහස් ප්‍රකාශ කළ යුගයක ඔවුන්ට හරි මග දැන ගැනීමට නම් අරුණාචලම් මහතාගේ ඉතිහාස පොත් කියවිය යුතු බව සිහිපත් කිරීම යුගයේ අවශ්‍යතාවයක් ඉටු කිරීමක් ලෙස මා කල්පනා කරමි. හින්දු ආගම භක්තිමත්ව ඇදහූ එතුමා නිවැරදි ඉතිහාසයක් ලිව්වේ බෞද්ධාගම වැළඳගෙන බෞද්ධයෙකු වශයෙන් සිටිමින් නොවීම තවත් සුවිශේෂී සිද්ධියකි.
සිය ජීවිත ගමන රට ජාතිය හා ජාතික සමගිය වෙනුවෙන් කැප කළ මේ අද්විතීය නායකයා මීට වසර 97 කට පෙර දැයෙන් සමුගත්තේ සිය ජීවන මගේ 71 වන විය පසු කරද්දී ය. ඉන්දියාවේ හින්දු සිද්ධස්ථාන වැඳ පුදා ගැනීම සඳහා ගිය මොහොතක එහි දී අසනීප වූ ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතා 1924 ජනවාරි 09 වන දින ජීවිතයෙන් සමු ගත්තේ අනියත දහම ලොවට පසක් කරමිනි. එතුමාගේ අභාවයෙන් පසු වසර ගණනකට පසු එතුමාගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ගොඩනැගිල්ල වූ වර්තමාන ජනාධිපති ලේකම් කාර්යාල භූමියේ ප්‍රතිස්තාපනය කළේ වර්ෂ 1937 මාර්තු මස 03 වෙනිදා ය. එවකට සිටි අග්‍රාණ්ඩුකාරවරයා විසින් විවෘත කළ මෙම ප්‍රතිමාව අදද එම ස්ථානයේ ස්ථාවරව පැවතීම සතුටට කරුණකි.
මෙතුමාගේ සුවිශේෂී මෙහෙවර මේ වන විට ලක්වැසි ජනතාවටත් සිංහල, දෙමළ, මුස්ලිම් ආදී නායකයන්ටත් අමතක වී තිබීම කණගාටුවට කරුණකි. රටක් වශයෙන් ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාට අප සැළකූ ප්‍රමාණය ඉතා අල්ප බව වැටහේ. අප එතුමාගේ උපන්දිනය සමරන මේ මොහොතේ ඒ ශ්‍රී නාමය අප ගෞරව බහු මානයෙන් යුතුව සිහිපත් කරමින් ඒ උත්කෘෂ්ඨ නායකයාගේ මහා මෙහෙවරට ප්‍රශංසා කරමු. සිහිපත් කරමු. ගෞරව කරමු. එය පිදිය යුත්තෙක් පිදීමට ගන්නා වෙහෙස මහන්සියක් යැයි මට හැඟේ.