29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්විදේශීය සංචාරකයින් සඳහා පමණක් තෝරාගත් සංචාරක හෝටල් සහ විශේෂ බලපත්‍ර හිමි ස්ථානවලට...

විදේශීය සංචාරකයින් සඳහා පමණක් තෝරාගත් සංචාරක හෝටල් සහ විශේෂ බලපත්‍ර හිමි ස්ථානවලට මත්පැන් අලෙවි කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබේ.

විදේශීය සංචාරකයින් සදහා සංචාරක හෝටල වල සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරීම

මේ දිනවල බලපවත්නා නිරෝධායන ඇදිරි නීතිය හේතුවෙන් දිවයින පුරා පිහිටි සියඵම සිල්ලරට මත්පැන් විකිණීම සදහා වන සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.

එසේ ද වුවත්, ජෛව සංචාරක බුබුළු සංකල්පය (Bio Tourist Bubble Concept) යටතේ විදේශීය සංචාරකයින් හට ශ්‍රී ලංකාවට පැමිණීමටත්, සංචාරක මණ්ඩල අනුමැතිය සහිත හෝටල් වල නවාතැන් ගැනීමටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය ලබා දී ඇති හෙයින් එසේ පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ පහසුව සදහා එම සංචාරක හෝටල් වලට නිකුත් කර ඇති සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් අවසර ලබා දී ඇත.

මේ අනුව සංචාරක මණ්ඩල අනුමැතිය සහිත හා සුරාබදු ර.බි. 07, සුරාබදු ර.බි. 08, සහ බුටික් විලා යන වර්ග වලට අයත් සුරාබදු බලපත්‍ර සහිත හෝටල වල නවාතැන් ගනු ලබන විදේශීය සංචාරකයින් සදහා එම සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දී තිබේ.

සංචාරක මණ්ඩල අනුමැතිය රහිත හෝටල සදහා මෙම අවසරය හිමි නොවේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments