26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්T20 ලෝක කුසාලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.

T20 ලෝක කුසාලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.

2021 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා වු ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර තිබේ.

මේ වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මේ වන විට රටවල් සිය සංචිත ප්‍රකාශයට පත් කරමින් සිටී.

ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ 19 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබෙන අතර උපනායකත්වයේ වගකීම පැවරී ඇත්තේ ධනංජය ද සිල්වාටය.

01. දසුන් ශානක – නායක
02. ධනංජය ද සිල්වා – උප නායක
03. කුසල් ජනිත් පෙරේරා
04. අවිශ්ක ප්‍රනාන්දු
05. චරිත් අසලංක
06. භානුක රාජපක්ෂ
07. දිනේෂ් චන්දිමාල්
08. කමිදු මෙන්ඩිස්
09. වනිඳු හසරංග
10. චාමික කරුණාරත්න
11. දුෂ්මන්ත චමීර
12. ප්‍රවීන් ජයවික්‍රම
13. බිනුර ප්‍රනාන්දු 
14. අකිල ධනංජය
15. මහීෂ් තීක්ෂණ
16. නුවන් ප්‍රදීප්
17. පුළින තරංග
18. ළහිරු කුමාර
19. ළහිරු මධුසංඛ

ඒ අනුව මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී නැමීබියාව, අයර්ලන්තය සහ නෙදර්ලන්තය සමඟින් තරග වැදීමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments