26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්ස්ටෑන්ඩර්ඩ්චාර්ටර්ඩ්‘COVID-19 ව්‍යාප්තියටඑරෙහිවහොඳින්මප්‍රතිචාරදක්වනබැංකුව’ ලෙසආසියානුසංවර්ධනබැංකුවේසම්මානයෙන්පිදුම්ලබයි.

ස්ටෑන්ඩර්ඩ්චාර්ටර්ඩ්‘COVID-19 ව්‍යාප්තියටඑරෙහිවහොඳින්මප්‍රතිචාරදක්වනබැංකුව’ ලෙසආසියානුසංවර්ධනබැංකුවේසම්මානයෙන්පිදුම්ලබයි.

14 සැප්තැම්බර්2021, කොළඹ: ආසියානු සංවර්ධන බැංකුව සමග ගනුදෙනු කරන විශාලතම වෙළඳ මුල්‍ය ගනුදෙනුකරුවෙකු ලෙස තමන් සතු ස්ථානය නැවත වරක් තහවුරු කරගනිමින්, ‘COVID-19 ව්‍යාප්තියට එරෙහිව හොඳින්ම ප්‍රතිචාර දක්වන බැංකුව’ ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ සම්මානයෙන් පිදුම් ලැබීමට ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ්බැංකුව සමත් වී තිබේ. ආසියානු සංවර්ධන බැංකුවේ වෙළඳ හා සැපයුම් දාම මුල්‍ය වැඩසටහනට අදාළ2021 සම්මාන උළෙලේදී(Trade and Supply Chain Finance Program Awards 2021)ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවටමෙම සම්මානය පිරිනැමෙනු ඇත. ආසියානු සංවර්ධන බැංකුව සමග එක්වී, ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා මිලියන 15.4 ක් ආනයනය කිරීම සඳහා මුල්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් මෙම සම්මානය ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවටහිමි වී තිබේ.

“COVID-19 ව්‍යාප්තියට එරෙහිව හොඳින්ම ප්‍රතිචාර දක්වන බැංකුව ලෙස සම්මානයට පාත්‍ර වීම අපට පෞද්ගලිකව බෙහෙවින් වටිනා ජයග්‍රහණයක්. අතිශයින් වියවුල්කාරී ලෙස හැඳින්විය හැකි මෙවැනි කාලයක, මෙම පෙර නොවූ විරූ අර්බුදයට මුහුණ දීමේදී පැහැදිලි වෙනසක් ඇති කිරීම සඳහා ලොව පුරා විසිරී සිටින අපගේ සාමාජික සාමාජිකාවන් එකට එක් වූවා. මෙම සම්මානය, ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ කණ්ඩායම් මෙන්ම මෙම ගනුදෙනු වලට සම්බන්ධ ආසියානු සංවර්ධන බැංකුවේ කණ්ඩායම්වල පරමාර්ථය මැනවින් නිරූපණය කරනවා.” මෙරට ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිඟුමාල් තෙවරතන්ත්‍රී මහතා පැවසී ය.

ආසියානු සංවර්ධන බැංකුවේ වෙළෙඳ හා සැපයුම් දාම මුල්‍ය වැඩසටහන (Trade and Supply Chain Finance Program – TSCFP) යනු, ජාත්‍යන්තර වෙළඳාම් කටයුතුවලට ආධාර කිරීම සඳහා බැංකුවලට ඇප සහ ණයපහසුකම් ලබාදීම ඔස්සේ වෙළෙඳපොළ තුළ වෙළෙඳ මුල්‍ය සේවාවන් සම්බන්ධයෙන් පවතින අඩුපාඩු පියවීම අරමුණු කරගත් වැඩසටහනකි. එම වැඩසටහන තම හවුල්කාර බැංකු සමග එක්ව, ආසියාවේ වඩාත්ම අභියෝගකාරී වෙළෙඳපොළවල ආනයන හා අපනයන ක්‍රියාකාරකම්වල නිරතවන සමාගම්වලට අවශ්‍ය මුල්‍යමය අත්වැල ලබාදෙයි.

“මෙම වසරේ ජූනි සහ අගෝස්තු මාසඅතර, එන්නත් මිලියන 15 කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 137 කට අධික මුල්‍ය පහසුකම් සැපයීමට ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව කටයුතු කළා. මෙය ශ්‍රී ලංකාව ලද විශාල ජයග්‍රහණයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මුළු ලොවම අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවක, දේශීය හා විදේශීය වශයෙන් තම හවුල්කරුවන්, ක්ෂේත්‍රය සහ විවිධ කණ්ඩායම් සමග එක්වී, අත්‍යවශ්‍ය ගනුදෙනු සඳහා අවශ්‍ය මුල්‍ය පහසුකම් සැලසීමට අපට හැකියාව ලැබුණා. මේ කඩිනම් ප්‍රතිචාරය, අපගේ මූලික අරමුණ වන ‘here for good’ආදර්ශ පාඨය මැනවින් නිරූපණය කරන්නක් ලෙස හැඳින්විය හැකියි.” මෙරට ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ මුල්‍ය ආයතන ප්‍රධානී ලක්ෂාන් ගුණතිලක මහතා පැවසී ය.

ආසියානු සංවර්ධන බැංකුව සංවිධාන කරන TSCFP සම්මාන උළෙල, ආසියානු පැසිෆික් කලාපයේ වෙළෙඳ හා සැපයුම් දාම මූල්‍ය පහසුකම් පුළුල් කිරීම සඳහා හවුල්කාර බැංකු දක්වන විශිෂ්ට දායකත්වයන් ඇගයීමට ලක්කරන සම්මාන උළෙලකි. එය ආසියාවේ බැංකු සහ මුල්‍ය ක්ෂේත්‍රයේ වඩාත්ම ඉහළ පිළිගැනීමක් සහිත සම්මාන වැඩසටහන ලෙස සැලකේ. මෙම වසරේ සම්මාන සඳහා 2020 ජූලි 01 දින සිට 2021 ජූනි 31 දින දක්වා සිදුකරන ලද ගනුදෙනු සැලකිල්ලට ගන්නා ලද අතර, ජයග්‍රාහකයන්ට හිමි සම්මාන 2021 සැප්තැම්බර් 29 දින පැවැත්වෙන අතථ්‍ය (Virtual) සම්මාන උළෙලකදී පිරිනැමෙනු ඇත. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments