දෛනිකව කොළඹ නගරයට ලක්ෂ 19ක පමණ ජනකායක් පැමිණෙන අතර වාහන ලක්ෂ හයකට ආසන්න ප්‍රමානයක් විවිධ ප්‍රදේශ වලින් ඇතුළුවන බව සමීක්ෂණවලින් හෙලිවී ඇත.
මේ හේතුවෙන් කොළඹ සහ කොළඹ අවට තදාසන්න ප්‍රදේශවල විශාල වාහන තදබදයක් ඇතිවී තිබෙන බවත් මේ තුලින් සිදුවන වායු දූෂනය සහ ශබ්ද දූෂණය ඉතා ඉහල අගයකට පත්වී ඇති බව හෙලිවී ඇත.
මෙම කරුණු අනාවරණය වූයේ ප්‍රවාහන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන මහකොළඹ ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යපෘතියේ ප්‍රගතිය සොයාබැලීම සඳහා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද ( 14 ) දින ප්‍රවාහන අමාත්‍යංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීය.
මෙහිදී ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කරුණු දක්වමින් කියාසිටියේ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි ප්‍රවාහන ක්ෂේත්‍රයට තිරසාර ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා වඩාත් සුරක්ෂිත සහ සුවපහසු ප්‍රවාහන ක්‍රමවේදයන් ස්ථාපිත කිරීමට,ප්‍රවාහන අමාත්‍යංශය යටතේ දීර්ඝකාලීන සැලැස්මක් සැකසියයුතු බවයි.
ඒ අනුව කොළඹ සහ අවට තදාසන්න ප්‍රදේශවල බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පිහිටුවීමේ සංකල්පය ක්‍රියාවට නැංවීමට කටයුතු ආරම්භ කරන ලෙසට අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.එමෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රය නිසා සිදුවන පාරසරික දූෂණය අවම කිරීමට කාබන් විමෝචනය ක්‍රියාවලිය පිළිබඳව ගතයුතු ඉදිරි සැලසුම් පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ලෙසටද ප්‍රවාහන අමාත්‍යවරිය මෙහිදී නිලධාරීන්හට අවධාරණය කළාය.
මෙම ව්‍යාපෘතිය පුළුල් කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන විදේශ ආධාර මඟින් සොයාගැනීම සඳහා යෝජනා පත්‍රයක් සකසන ලෙසට ව්‍යාපෘති අධ්‍යක්ෂ වරයාට සහ අමාත්‍යංශ ලේකම් වරයාට අමාත්‍යවරිය උපදෙස් දෙන දුන්නාය.
ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් මොන්ටි රණතුංග ,අතිරේක ලේකම් බර්නාඩ් වසන්ත ,ව්‍යාපෘති අධ්‍යක්ෂ නාලක දිසානායක ව්‍යාපෘති කළමණාකාරිනි සැලසුම් ආචාර්ය කල්‍යානි ඩයස් මහත්මියද ,අධ්‍යක්ෂ ජනරාල් (කාර්මික) ඩිලන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගිවූහ.