පනස් අටවන ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා තරඟාවලියේ බොක්සිං ක්‍රිඩා තරඟ සඳහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ශ්‍රි ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ සිව් දෙනෙකු (04) හා එම තරඟාවලියේ විනිශ්චය කටයුතු සඳහා ජාත්‍යන්තර බොක්සිං විනිසුරුවකු වන ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ස්කොඩිරන් ලිඩර් ප්‍රසාද් විජේසිංහ 16 රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව ගියහ.
ඔවුන් සියළු දෙනා හට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ව සුබ පැතුම් එක් කරන කළේය.
මෙම තරඟාවලිය සදහා සහභාගිවිමට නියමිත නායක ගුවන් කාන්තා චමෝදි පස්යාල කිලෝ ග්‍රැමි 57 බරපංතිය යටතේ ලේටන් කප් බොක්සිං තරඟාවලිය 2019 ක්ලිපර්ඩ් කප් බොක්සිං තරගාවලිය 2019 ජාතික බොක්සිං තරඟාවලිය 2018 සහ 2019 ජයග්‍රහණය කර ඇති අතර නායක ගුවන් කාන්තා සජිවනි කුරේ කිලෝ ග්‍රැමි 60 බරපංතිය යටතේ ආරක්ෂක සේවා බොක්සිං තරඟාවලිය 2018ල ජාතික බොක්සිං තරඟාවලිය 2018 සහ 2019ල තායිලන්ත විවෘත බොක්සිං තරඟාවලිය 2018ල ජාත්‍යන්තර සේවා බොක්සිං තරගාවලිය 2019 දකුණු ආසියානු බොක්සිං තරඟාවලිය 2019 ලේටන් කප් බොක්සිං තරඟාවලිය 2019 ක්ලිපර්ඩ් කප් බොක්සිං තරඟාවලිය 2019 යන තරඟාවලි ජයග්‍රහණය කර ඇත.
නායක ගුවන් කාන්තා කෂ්මි තිවංකා කිලෝ ග්‍රැමි 69 බර පංතිය යටතේ ආරක්ෂක සේවා බොක්සිං තරඟාවලිය 2018 ලේටන් කප් බොක්සිං තරඟාවලිය 2019 ක්ලිපර්ඩ් කප් බොක්සිං තරඟාවලිය 2019 ජාතික බොක්සිං තරඟාවලිය 2018 සහ 2019 ජයග්‍රහණය කර ඇති අතර නායක ගුවන් කාන්තා ගයනි කලූආරච්චි කිලෝ ග්‍රැම් 75 බරපංතිය යටතේ ආරක්ෂක සේවා බොක්සිං තරඟාවලිය 2018 ලේටන් කප් බොක්සිං තරඟාවලිය 2019 ක්ලිපර්ඩ් කප් බොක්සිං තරඟාවලිය 2019 යන තරඟාවලින් ජයග්‍රහණය කරමින් ජාතික හා ජාත්‍යන්තර තරඟ අත්දැකිම් බහුල ක්‍රිඩිකාවෝ ලෙස මෙම තරඟාවලියට එක් විමට නියමිතව ඇත.
ශ්‍රි ලංකා ගුවන් හමුදා බොක්සිං ක්‍රිඩා සංචිතයේ සභාපති ලෙස ගෲප්කැප්ටන් ඉන්දික වික්‍රමසිංහ කටයුතු කරනු ලබන අතර ලේකම් ලෙස විංග් කර්මාන්ඩර් විරාජ් ගමගේ කටයුතු කරනු ලබයි. ප්‍රධාන පුහුණුකරු ලෙස නායක ගුවන්භට ධනුෂ්ක ආරියරත්න කටයුතු කරනු ලබනවා.