22.4 C
Sri Lanka
Sunday, May 4, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකාශ්‍රි ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කරනු ලබන තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක...

ශ්‍රි ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කරනු ලබන තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක නිෂ්පාදනය සදහා අවශ්‍යය උපකරණ තොගයක් අමෙරිකාවේ වෙසෙන ශ්‍රි ලාංකියෝ ගුවන් හමුදාව වෙත ප්‍රදානය කර තිබේ.

අමෙරිකාවවේ මිසුරි ප්‍රදේශයේ වෙසෙන ශ්‍රි ලාංකිකයින්ගේ මුල්‍ය දායකත්වයෙන් කොවිඩ්-19 ආසාදිතයින් හට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කරනු ලබන තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක නිෂ්පාදනය කිරිමට අවශ්‍යය උපකරණ තොගයක් ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෙත ප්‍රදානය කිරිම අමෙරිකානු ශ්‍රි ලංකා සංගමයේ සභාපති මහාචාර්ය රවින් කොඩිකාර මහතා (21 ) ගුවන් හමුදා මුලස්ථානයේදි සිදු කළේය.

ශ්‍රි ලංකා ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරු සාමාන්‍ය ඉංජිනේරු පක‍ෂාංගය හා ගුවන් හමුදා රත්මලාන මුලික කඳවුරු විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය එක්ව නිෂ්පාදනය කරනු ලබන මෙම තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයන් මගින් කොවිඩ් රෝගීන්ගේ ස්වසන අපහසුතාවය මගහරවා ගැනිමට ඉමහත් දායකත්වයක් දක්වනු ලබන අතර එමගින් රෝගින්ගේ ජිවිත බේරා ගැනිමට සුවිශේෂි කාර්ය භාරයන් සිදු කරනු ලබන මෙම ඒකකයන් නිෂ්පාදනය වැඩි කිරිම සදහා ඇමරිකා ශ්‍රි ලංකා සංගමය මෙම පරිත්‍යාග සිදු කරනු ලැබුවේය. මෙම පරිත්‍යාගයන් සිදුකිරිම සඳහා සියළු සමිබන්ධිකරන කටයුතු ඇමරිකා ශ්‍රි ලංකා සංගමයේ ලේකමි අයුෂා අමරකෝන් මහත්මිය ව සිදු කළාය.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදාවේ ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් සංදේශ අධ්‍යක්ෂ හා ගුවන් හමුදා වැඩ බලන සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක‍ෂ ඇතුළු නිලධාරී හා සෙසු නිල ලත් පිරිසක් සහභාගි වී සිටි අතර මෙම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ කොවිඩ් 19 වැලැක්වීමේ නිර්දේශයන්ට අනුකූලව පවත්වන ලැබුවේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments