21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්රටේ වත්මන් ආර්ථික අර්බුදය ඇතිවි තිබෙන්නේ කොරෝනා නිසා නොවේ තිබෙන විදේස් ණය...

රටේ වත්මන් ආර්ථික අර්බුදය ඇතිවි තිබෙන්නේ කොරෝනා නිසා නොවේ තිබෙන විදේස් ණය නිසයි.ලංකා ජනතා පක්ෂයේ මහා ලේකම් අජිත් ජයසුන්දර

රටතුල ආර්ථික පසුබෑමකට ලක්වී ඇත්තේ කොරෝනා උවදුර නිසා නොව ඉදිරි සැළසුමක් නොමැතිව රජය ලබාගෙන ඇති විදේශ ණය නිසා බව ලංකා ජනතා පක්ෂයේ මහා ලේකම් අජිත් ජයසුන්දර
මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේබව සඳහන් කළේ ඉකුත්(21) කොළඹ පැවැති උත්සවයකින් පසු මාධ්‍ය වෙත කරුණු දක්වමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීය……..අවධාරණය කරමු 2011 වර්ෂය වන විට ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් මිලියන 32748 වන අතර 2019 වර්ෂය වන විට එය ඩොලර් මිලියන 55916ක් දක්වා වැඩිවී තිබෙනවා රටක් ලෙස ණය සහ පොලී ගෙවා ගැනීමට නොහැකිව ලතවන අතර දේශිය නිෂ්පායේ අඩුකම නිසා අපනයන ආදායම රටට අහිමිවී තිබෙනවා එම නිසා ගෙවුම් ශේෂය සෘණ අගයක් අරන් තිබෙනවා එම නිසා රටේ ආර්ථිකය පසුබෑමකට ලක්වී තිබෙනවා උද්ධමන වේගය 7%දක්වා ඉහල ගොස් තිබෙනවා රටේ ආර්ථිකය නැන්වීමට නොව විදේශීය ණය ලබාගෙන ඇත්තෙ විශේෂයෙන් මන්මාවත් සකස් කිරීම සදහා බව පැහැදිලි වනවා එම නිසා ලබාගත් විදෙස් ණය වලින් ආර්ථිකයට වාසි නොවී තිබීම දේශිය ආර්ථිකය පසුබෑමකට ලක්වීමට බලපානවා කොරෝනා උවදුරෙන් රටේ ආර්ථිකය පසුබෑමකට ලක් නොවූ අතර පලදායි තාවයකින් තොරව රජය ලබාගෙන ඇති විදෙස් ණය නිසා මෙම තත්වය උදාවී ඇති බව පැහැදිලියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments