රටේ මරමස්ථානයක්ව විදුලිබලය 50%ක් මෙවැනි පුද්ගලික සමාගමකට ගියාම ඒ රටේ ස්වෛරීත්වයට කුමක් වෙයිද?
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත්( 20) ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත කරුණු දක්වමින්ය එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රධාන ලේකම්වරයා මෙසේද කීය………….අපි ඉල්ලා සිටි කාලසීමාවත් පසුකරගෙන සංචරණ සීමාවන් ගැන කියද්දී අපි අගෝස්තු මාසයේදී ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය ඉතා බරපතල වුණා. දිනයකට හයදහස ඉක්මවා රෝගීන් වාර්තාවන තත්ත්වයක් තිබුණා. පුද්ගලයින් දෙසීය ඉක්මවා දිනකට මියගියා. එම අවස්ථාවේදී මේ රටේ වෘත්තීයවේදීන්ගේ සංවිධාන , ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංවිධානය රජයෙන් ඉල්ලුවා සංචරණ සීමා පනවන්න එසේ නැතිව රටේ මේතත්ත්වය පාලනය කරන්න නොහැකි බව . දේශපාලන පක්ෂ හැටියට අපිත් රජයට මේ කරුණු ඉදිරිපත් කළා.
සෞඛ්‍ය අමාත්‍යාංශය තුල කොවිඩ් මර්දන ඒකකයක් වෙනම ස්ථාපනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.
ඒ විතරක් නොවේ ඉන්පසුව ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය යටතේ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂ දහයක් හැටියට වෙනම ඉල්ලීමක් අපි රජයට ඉදිරිපත් කෙරුවා. එපමණක් නොව නායක ස්වාමීන් වහන්සේලාත් ඉල්ලීමක් කළහ. රජය ගියා දින දහයක සංචරණ සීමාවකට. වෙනත් රටවල ජනතාව කැරලි ගහනවා රට වහන්න එපා කියලා නමුත් අපේ ජනතාවගෙන් ඉල්ලීමක් ඇතිවුණා රටවහන්න කියලා. වැඩකරන පන්තියෙනුත් එම ඉල්ලීම පැමිණියා. එම අවස්ථාවේ ඇතැම් අය කිව්වා මෙවැනි ඉල්ලීම් කරන්නේ කුමන්ත්‍රණකාරීන් කියලා. ජාත්‍යාන්තර කුමන්ත්‍රණයක් කියලත් ඇතැමුන් කිව්වා. නමුත් රජය දෙවරක් සංචරණ සීමා ඉදිරියට ගෙනත් දැන් ලබන සදුඳා එය ඉවත් කිරීමට තිබෙනවා. දැන් ඔබට පේනවා ඇති දිනපතා වාර්තාවෙන රෝගීන්ගේ හා මරණ ප්‍රමාණ අඩුවෙලා තිබෙනවා. ඒ අනුව සංචරණ සීමා දැමීමේ ප්‍රතිඵල අපි දකිනවා. ආසාදන දාමය බිඳින එක තමයි අපි බලාපොරොත්තුවුණේ ඒක සිද්ධවුණා. රෝහලට එන රෝගීන්ගේ ප්‍රමාණ අඩුවුණු නිසා එහි තදබදය අඩුවුණා. ඒ නිසා තමයි සෞඛ්‍ය කාර්ය මණ්ඬලවලට පහසුවි තිබෙන්නේ. එහිදි අපි ඉල්ලුවා රට මෙසේ වසාදමා එන්නත්කරණය වැඩසටහන වේගවත් කරන්න කියලා. අපි විශේෂයෙන් ඉල්ලා සිටියා සෞඛ්‍ය සේවා පද්ධතියේ සියලු විභවයන් පාවිච්චිකරන්න කියලා. එය තවත් සරලව කිව්වොත් සියලුම රෝහල්වල එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා .සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල සිදුවුණත් රොහල්වල මෙය සිදුවුණේ නැහැ. දැන් රට වසා තිබුණු කාලයේදි රෝහල්වලත් මේක ආරම්භ කෙරුණා. එක මාත්‍රාව ගත් ප්‍රමාණය රටේ ජනගහනයෙන් 58% ඉක්මවා තිබෙනවා. සංඛ්‍යාවක් වශයෙන් කිව්වොත් මිලියන දහතුනක් ඉක්මවා තිබෙනවා. මාත්‍රා දෙකම ගත් පිරිස 49%ක් වෙනවා. මේ තත්ත්වය තවත් ඉදිරියට යාවි කියලා අපි කල්පනා කරනවා. මේ අවස්ථාවේ අපි කැමැතියි රජය උනන්දු කරවන්න තවත් පියවර ගන්න කියලා. කොමියුනිස්ට් පක්ෂය ලෙසත් එය සිදුකරනවා. අපේ පක්ෂය තවත් යෝජනා තුනක් රජයට ඉදිරිපත් කරනවා. මේ එක යෝජනාවක් කලින් දිගට දිගට කියපු එකක්. මේ කොවිඩ් ප්‍රතිචාරය රජයේ පමණක් නොවන එකක් විය යුතුයි. මෙය සමස්ත ජාතියේම වැඩසටහනක් ලෙස එකට සිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ ඇතුළත්වන ලෙස සර්වපාක්ෂික කමිටුවක් ස්ථාපනය කරන ලෙස යෝජනා කරනවා. එම කමිටුවක් සමග කටයුතු කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ කමිටුවක් අවශ්‍ය වෙනවා. සෞඛ්‍ය අංශයේ ඉන් පිටත පිරිස්වලින් නියෝජනය වන. මෙහෙම කළොත් තමයි රටක් හැටියට මේ කොවිඩ්19 වසංගතය මුහුණ දෙනවා කියන එක ජනතාවට දැනෙන්නේ. දෙවන යෝජනාව තමයි දිගින් දිගටම මාධ්‍යවල කිව්වා අදත් කියනවා ප්‍රමාද වැඩිනැහැ ඒක පටන් ගන්න. අපිට කිසිසේත් සිතන්න බැහැ මේක ඉදිරි මාස දෙක තුනේදි අවසන් වෙනවා කියලා. අපිට වසර කිහිපයක් කොවිඩ් සමග ජීවත්වන්න සිදුවෙනවාමයි. එහෙමනම් අපි දිගට යන වැඩසටහනක් අවශ්‍යයි. එවැනි වැඩසටහනකට ප්‍රජාව සම්බන්ධ කරගන්න එක ඉතාම වැදගත්. ප්‍රජා සහභාගිත්වය එදත් ඉල්ලුවා අදත් එම ඉල්ලීමඅලුත් කරනවා. එය කිරීමට තවමත් ප්‍රමාද නැහැ. අවස්ථාව තිබුණා දෙමව්පියන් මිය යනවා දරුවන් ගෙවල්වල. මුළු පවුලම නිරෝධායනයේ නිවසර ආහාර එන්නේ නැහැ. ඒ නිසයි අපි කියන්නේ ගම්වල කමිටුවක් සකස් කරන්න. ගමේ හාමුදුරුවෝ, පියතුමා ඇතුළු අනෙකුත් ආගමික නායකයෝ, ප්‍රජා නායකයෝ එහෙම කිහිප දෙනකුගේ කමිටුවක් ගම බලාගන්න කියලා. ඒක තමයි අනෙකුත් රටවල සිදුකළේ. මේවා සඳහා පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලනවා. මෙය දීර්ඝ කාලීනව මුහුණ දෙන්න විය හැකි ප්‍රශ්නයක් නිසා, අවසාන හෙවත් තුන්වන යෝජනාව අපි අලුතින් ඉදිරිපත් කරන එකක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විවිධ රෝග සඳහා විශේෂිත ඒකක තිබෙනවා. ලිංඟාශ්‍රීත එච්අයිවි රෝග ගත්තොත් ඒ සඳහා විශේෂිත අංශ තිබෙනවා. ජාතික ලිංඟාශ්‍රිත වැඩසටහන හා ඒඩ්ස් මර්දන වැඩසටහන එයින් තමයි එම රෝගය පාලනය කරන්නේ. ඩෙංගු සඳහා ක්‍රියාකරන වෙනම ඒකකයක් තිබෙනවා. ඒ ඩෙංගු මර්දන වැඩසටහන. මැලේරියා මර්දන ජාතික වැඩසටහනක් තිබෙනවා. ජලභීතිකාවට. ලාදුර රෝගවලට වෙනම ඒකක තිබෙනවා. ඒ අකාරයට කොරෝනා මර්දන ජාතික වැඩසටහනක්,නැත්නම් වෙනම ඒකකයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කළ යුතුයි.එය දැනට විවිධ පාර්ශව සම්බන්ධවෙලා කරනවා. ඊට කමක් නැහැ. අපි ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සුවිශේෂි ඒකකයක් ආරම්භ කළ යුතුයි. කරුණාකරලා තේරුම් ගන්න වසංගත රෝග විද්‍යා අංශය කියන්නේ. එක රෝගයක් ගැන ක්‍රියාකරන අංශයක් නොවේ. සෑම රෝගයකම අධ්‍යන කටයුතු ක්‍රියාකරන ඒකකය තමයි වසංගත රෝග විද්‍යාංශය. ඒකට බැහැ රෝග පාලනය කරන්න. මේකට සෞඛ්‍ය අමාත්‍යාංශය තුල අයිතිකාරයෙක් නැහැ. ඒක නිසා විවිධ අවස්ථාවල විවිධ පුද්ගලයෝ කතා කරනවා. ඒ නිසා දැන්වත් කොරෝනා ගැන පමණක් ක්‍රියාකරන ඒකකයක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල පිහිටවමු කියලා ඉල්ලනවා.
රජය සහ අමෙරිකානු සමාගමක් අතර විදුලිබලාගාර සම්බන්ධයෙන් ඇතිවි තිබෙන තත්ත්වය. මේ පිළිබඳ ඇතැම් මාධ්‍ය මගින් වෙනත් මූලාශ්‍රවලින් අපිට දැනගන්න තිබෙනවා මේ වගේ ගනුදෙනුවකට රජය ගිහිල්ලා තිබෙනවා කියලා. දැවි තෙල් වලින් ක්‍රියාත්මක වන විදුලි බලාගාර ගෑස්වලින් ක්‍රියාත්මක කරන විදුලිබලාගාර වලට පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙලක් තිබෙනවා. මේවනවිට ගල්අඟුරු බලාගාර ක්‍රියාත්මක වෙනවා, ඩීසල් දැවිතෙල්වලින් විදුලිබලාගාර ක්‍රියාත්මක වෙනවා. මේවා පරිසරයට හානිකරයි. වඩාත්ම පරිසරයට හානිකර ගල්අඟුරුවලින් වලින් ක්‍රියාත්මක විදුලිබලාගාරයි. එය සීයට සීයක්නම් ඩීසල්වලට එනවිට එය සීයට හැත්තෑවක් වෙනවා. ගෑස්වලට යනවිට සීයට තිහක් පමණ වෙනවා. මෙහි ලාභයකුත් තිබෙනවා. මේක නිවැරැදි දිසාවට ගත් තීරණයක්. මෙහි මුල් ව්‍යාපෘතිය තමයි යුගදනවි බලාගාරය. මෙය දැනට ඩීසල්වලින් ක්‍රියාත්මක බලාගාරයක්. මීට ගෑස් ලබාගැනීම සඳහා පාවෙන ගෑස් ගබඩාවකින් සිදුකිරීමට තමයි යන්නේ. මේ මුහුදේ තිබෙන ගබඩාවක්. එම ස්ථානයේ සිට ගොඩබිම දෙසට නළමාර්ගයක් ඉදිවෙන්නත් ඕනේ .මේ කටයුතු දෙක සඳහා රජය ටෙන්ඩර් කැඳවීමක් සිදුකළා. මේකකරන්න පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම උත්සහ කළා එය සිදුවි නැහැ. නමුත් දැන් මේ සඳහා ටෙන්ඩර් කැඳවා එම පරිපාටිය සම්පූර්ණයෙන් අවසන් කරලයි තිබෙන්නේ. මෙයින් සීයයට හතළියක් අමෙරිකාවේ නිව්ෆෝර්ට්‍රස් නම් මෙම සමාගමට දෙන්න ගිවිස ගෙන තිබෙන බවට දැන් කරුණු අනාවරණය වී තිබෙනවා. පාවෙන ගබඩාවෙත්, නළ මාර්ගයත් ඉදිකරන්න එම සමාගමට ලබාදී තිබෙන බවයි කියැවෙන්නේ. මේ දෙන්නේ ආරංචි විදියට අමෙරිකානු ඩොලර් මිලියන් දෙසිය පනහකටයි. අපට ලැබුණු ආරංචි විදියට මේක තීරණ කර තිබෙන්නේ ඇමැති මණ්ඬලයයි. මින් ප්‍රධාන ප්‍රශ්න දහයක් මතුවෙනවා. අපි බලාපොරොත්තුවෙනවා රජයෙන් අපිට මේවාට යම් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. දැනට යුගදනවි බලාගාරයෙන් ලැබෙන විදුලි ඒකක මෙගාවොඩ් තුන්සීයක්. මෙම තුන්සීය ලබාගන්න නොවේ පාවෙන ගබඩාව ඉදිකරන්නේ. ටෙන්ඩරයේ තිබෙන්නේ අඩුතරමේ මෙගාවොඩ් එක්දහස් නවසීයක් පමණ ලබාගන්න මේක ඉදිකරන්නේ කියලා. අමෙරිකාව මෙම සමාගමට පැවරු කොන්ත්‍රාත්තුව ඇතුළේ තිබෙනවා තවත් ගෑස් සැපයීමේ වැඩපිළිවෙලක්. තව තිබෙනවා ස්වභාදනවි කියලා එතැනත් මෙගාවොට් තුන්සීයක් තිබෙනවා.කැලණිතිස්ස බලාගරයෙත් එම ප්‍රමාණයේම තිබෙනවා. තවත් බලාගාර කිහිපයක් කෙරවලපිටිය ප්‍රදේශයේදී ඉදිරියේදී ඉදිවීමට නියමිතයි. මෙහිදි බලාගාර එකතුවක් ලෙස මෙගාවොට් එක්දහස්පන්සීයක් පමණ නිෂ්පදනය කිරීමට නියමිතයි. මේවාට විදුලිය නිෂ්පාදනය කරන්නේ පාවෙන ගබඩාවෙන්ය. ඒක තමයි මේකේ සමස්ත වැඩපිළවෙල. මෙහෙමද වෙනනේ කියලා රජය පැහැදිලි කරන්න ඕනේ.ලංකාවේ මුළු විදුලිබල අවශ්‍යතාවය තව වසර කිහිපයක් ගියත් මෙගාවොට් හාරදහස් ගණනක් තමයි තිබෙන්නේ. එවිට අපේ විදුලිබල අවශ්‍යතාවයෙන් 50%කට ආසන්න සංඛ්‍යාවක් යනවා මෙම පුද්ගලික සමාගමට. මේක ඇත්තද රජය අපට කියන්න ඕනේ. තවත් රටවල් කිහිපයකින් ටෙන්ඩර් කැඳවලා ඇගයීම් කර තිබෙද්දි ඒවා පැත්තකට දමා අමෙරිකාවට මෙය ලබාදීම නිසා රාජතාන්ත්‍රික අර්බුදයකට අපිට යන්න වෙයිද,ලංකාවේ ස්වෛරීත්වයට කොයිතරම් බලපෑමක් මේ ගිවිසුම හරහා එල්ලවෙයිද, රටේ මරමස්ථානයක්ව විදුලිබලය 50%ක් මෙවැනි පුද්ගලික සමාගමකට ගියාම ඒ රටේ ස්වෛරීත්වයට කුමක් වෙයිද. චීනය අපේ රටේ ව්‍යාපර කරනවා ඒ අයත් මේවාට ආයෝජනය කොට ඒ අයත් ලාභ ගන්නවා. මෙහිදි අමෙරිකානු සමාගම් රටකට එනවිට ගැස්සීමක් සිදුවෙනවා. චීන ව්‍යාපෘති ගැන ප්‍රශ්න නගන අය මේ ගැන කටවහාගෙන ඉන්නේ ඇයි. ඒ අය මේක දැකකේ නැද්ද නැත්නම් අමෙරිකාවේ ඩොලර් ඒ අයගේ කටවල් වහලද කියලා අහන්න කැමතියි.