22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්රට වසා දැමුවට මුල්‍ය සමාගම් නියෝජිතයන් ක්‍ෂුද්‍ර මුල්‍ය ණය අයකර ගන්න කාන්තාවන්ට...

රට වසා දැමුවට මුල්‍ය සමාගම් නියෝජිතයන් ක්‍ෂුද්‍ර මුල්‍ය ණය අයකර ගන්න කාන්තාවන්ට හිරිහැර කරනවා – හේමමාලි අබේරත්න

රට වසා තිබෙන තත්වය තුළත් ක්ෂුද්‍ර මුල්‍ය නියෝජිතයන් කාන්තාවන්ට හිරිහැර කරමින් ණය ගෙවා දමන ලෙස බලකරමින් සිටින බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය පවසයි.
පසුගිය ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවත් ක්ෂුද්‍ර මුල්‍ය ණය බරින් පීඩිත ජනතාවට බොරු පොරොන්දු දුන් නමුත් ඔවුන් මුහුණ දෙන ගැටලුවලට කිසිදු සහනයක් ලබා දී නැති බව එම සංවිධානය පවසයි. මේ බව ප්‍රකාශ කෙරුණේ ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී එහි ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න කළ අදහස් දැක්වීමේදීය.

ඇය පළ කළ අදහස්වල සාරාංශයක් මේ සමග පළ වේ.

“පළවෙනි සහ දෙවැනි කොවිඩ් රැල්ල අවස්ථාවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් කාන්තාවෝ පීඩාවට පත්වුණා. ඒ වගේම මේ වසංගත අවස්ථාවේත් ගොවියන් ධීවරයන්, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්, වෘත්තීයවේදීන්  වගේම  අඩු ආදායම් මාර්ග අවිනිශ්චිත ආදායම් මාර්ග තිබුණු ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් පිරිස පීඩාවට පත්ව සිටිනවා. ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රශ්නයට එරෙහිව  අපි දිගින් දිගටම අරගලයක ඉන්නවා. නමුත් පාලකයන් සහ බලධාරීන් මේ ප්‍රශ්නය නොසළකා හැර තිබෙන ප්‍රශ්නයක්. ඒ වෙනුවට ආණ්ඩුව මේ මූල්‍ය සමාගම් ශක්තිමත් කරමින් ඉන්නවා.

දැන් ආණ්ඩුව කියන විදිහට රට වසා දමා තිබෙනවා. නමුත් මූල්‍ය ආයතනවල නියෝජිතයන් ණය අයකරගැනීමේ ක්‍රියාවලියක නියැලී ඉන්නවා. එකපැත්තකින් හරියාකාරව කන්න බොන්නවත් නැතුව පීඩාවට පත්ව සිටින කාන්තාවන්ගේ ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රශ්නයට මේ රටේ පාලකයන්ට උත්තරයක් දෙන්න බැරිවෙලා තියෙනවා. මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය අරගෙන තියෙන්නේ මේ රටේ අන්ත අසරණ ජනතාව. රටේ හැමතැනම මූල්‍ය ආයතන නියෝජිතයෝ ණය අයකරගන්නා ගෙවල්වලට එනවා. මහියංගනයේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් කාන්තාවන්ගේ ගෙවල්වලට ණය ලබා ගැනීම සඳහා ඇවිල්ලා තියෙනවා. ඇටම්පිටියේ වතු යායේ කරත්ත පාර වතු නිවාසවල සිටින වතු කම්කරු ජනතාවගෙන් ණය අයකරගන්නා අගෝස්තු මාසෙ සිට මේ මාසෙ 20 දක්වා මූල්‍ය සමාගම් නියෝජිතයෝ ඇවිත් තියෙනවා. මේ නියෝජිතයෝ ගෙවල්වලට ඇවිත් ණය ඉල්ලලා කරදර කරනවා.

මොණරාගල කාන්තාවක් ලබාගෙන තිබෙන ණය මුදල රු 30,000ක්. ඇයට මේ සමාගම් නියෝජිතයෝ ඇවිත් රු 10ක් හරි ගෙවන්න කියලා කරදර කරනවා. ඇය පාර අයිනේ බුලත්විට සහ ධාන්‍ය විකුණලා ජීවත්වෙන කෙනෙක්. ඇඳිරි නීතිය නිසා මේ වෙලාවෙ ඇයට ඒ ආදායම් මාර්ගයත් ඇණ හිටලා. එහෙම තත්ත්වයක් ඇතුලේ තමයි මේ මූල්‍ය ආයතන නියෝජිතයෝ ණය ඉල්ලලා කරදර කරන්නෙ.
නමුත් කිසිම තැනක ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා විපතට පත්ව සිටින කාන්තාවන්ගේ ප්‍රශ්නය සාකච්ඡා වෙන්නෙ නැහැ. එක පැත්තකින් තමන්ගේ රැකියා නැතිවෙලා, ආදායම් මාර්ග අහිමිවෙලා. අනිත් පැත්තෙන් තමන් වගා කරපු ඉඩම් රජය විසින් මහා පරිමාණ සමාගම්වලට ලබාදීලා. ඒ වගේම සමාගම් සහ ආණ්ඩුව ගොවියාගේ බෙල්ල හිරකරනවා. නිතිය අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ බෙල්ල හිර කරනවා.

බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ණය ගත්තොත් ණය ගෙවන්න ඕන නේද කියන එක. නමුත් ප්‍රශ්නේ තියෙන්නෙ මේ මූල්‍ය ආයතන විසින් අයකරන්නේ උහුලගන්න බැරි තරම් පොළියක්. සියයට 35, 40, 60 අසාධාරණ පොලිය තමයි මේ අයකරන්නෙ. LOLC එකට කෝටි ගණන් ලාභ ඉහළ ගන්න පුළුවන් වෙන්නෙ දරිද්‍රතාවයේ පතුලේ ඉන්න සියයට 40ක් මිනිස්සු තමන්ට ලැබෙන සොච්චම් ආදායමත් මේ මූල්‍ය සමාගම්වලට ගෙවන නිසා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments