21.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPනීතී විරෝධී ලෙස ප්‍රවාහනය කළ වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් නිලාවේලී ප්‍රදේශයේදී...

නීතී විරෝධී ලෙස ප්‍රවාහනය කළ වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් නිලාවේලී ප්‍රදේශයේදී නීතියේ රැහැනට.

නාවික හමුදාව, නිලාවේලි පොලිසිය හා එක්ව (24) වන දින ත්‍රිකුණාමලය, නිලාවේලි අටේ කණුව ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස වෝටර් ජෙල් නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු විසි හතක් (27) සහ විදුලි නොවන ඩෙටනේටර් පන්සියයක් (500) ප්‍රවාහනය කළ සැකකරුවෙකු (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

නැඟෙනහිර නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා විජයබා ආයතනය සහ නිලාවේලි පොලිසිය එක්ව ත්‍රිකුණාමලය, නිලාවේලි අටේ කණුව ප්‍රදේශයේ සිදු කල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ත්‍රීරෝද රථයක් පරික්‍ෂාවට ලක්කරන ලදී. ඒ අනුව එම ත්‍රීරෝද රථයේ නීතී විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ වොටර් ජෙල් නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ විසි හතක් (27), විදුලි නොවන ඩෙටනේටර් පන්සියයක් (500) සමඟ එම ත්‍රීරෝද රථය සහ සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සිදු කළ මෙ‍ම මෙහෙයුම මඟින් අත්අඩංගුවටගත් සැකකරු වයස අවුරුදු 28ක් වන නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් වෝටර් ජෙල් නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය, විදුලි නොවන ඩෙටනේටර් ප්‍රමාණය, ත්‍රිරෝද රථය සහ සැකකරු ඉදිරි නීතීමය කටයුතු සඳහා නිලාවේලි පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments