විශේෂ කාර්ය බලකාය දකුණු
පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ
නිලධාරීන් ගිනි අවියක්, උණ්ඩ
ඇතුළු මත්ද්‍රව්‍ය අත්අඩංගුවට
යාපනය කඳවුරේ නිලධාරී කණ්ඩායමක් මනිප්පායි පොලිස් වසමේ මෙරට තහන් කරන ලැබු එල්.ටි.ටි.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එහි ඇතුළත් ඡායාරූප ජංගම දුරකතනයේ තබාගනිමින් අපරාධ සිදුකිරීමට යැයි සැකපිට පුද්ගලයින් දෙදනකු අත් අඩංගුවට ගෙන ඇත.
මෙම විශේෂ කාර්ය බලකාය අණදෙන
නිලධාරී නියෝජ්‍ය පොලිස්පති
නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ
සෘජු අධීක්ෂණය යටතේ කලාප
අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස්
අධිකාරී විදුර දිසානායක මහතාගේ
උපදෙස් පරිදි විශේෂ කාර්ය
බලකාය වතුකොළකන්ද උප
කඳවුරේ දකුණු පළාත් විශේෂ
මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති
පො.ප. ඩබ්.එම්.කේ.එස්. ප්‍රනාන්දු
ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්
(24) මිද්දෙනිය පොලිස් වසමේ
ලැනරෝල් වත්ත ප්‍රදේශය දී
වැටලීමක් සිදුකර ඇත.
එහි දී එංගලන්තයේ
නිෂ්පාදිත WEBLEY AND
SCOTT LTF වර්ගයේ ගිනි
අවියක්, එම උණ්ඩ 90 ක් සහ
කේරළ ගංජා ග්‍රෑම් 52, මි.ග්‍රෑ.
380 ක් සන්තකයේ තබාගෙන
සිටි වයස අවුරුදු 48 ක් වූ වත්තල
ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට
ගෙන වැඩිදුර විමර්ශන කටයුතු
සඳහා මිද්දෙනිය පොලිස් ස්ථානය
වෙත භාර දී ඇත.
තංගල්ල පොලිස් වසමේදී මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන අවි එකක්,වෙබි බෙල්ට් එකක්, ඩොල්ෆින් මත්ස්‍යයෙකුගේ මස් කිලෝ හතළිස් තුනක්, ගෝනමස් කිලෝ දහතුනක් ළඟ තබාගත් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ.
කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරී කණ්ඩායමක් හොරොව්පතාන වසමේ ආනඋලැන්දාව රක්ෂිතයට ඇතුළුවී රක්ෂිතයේ අක්කර එකහාමාරක් පමණ භූමි ප්‍රදේශයක් අනවසරයෙන් එළි පෙහෙළි කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුටව ගෙන ඇත. කුච්චවේලී පොලිස් වසමේ යාං ඔය පාලම අසලදී බලපත්‍ර රහිතව නොමැතිව ට්‍රැක්ටර් රථ දෙකකට වැලි පටවමින් සිටි පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. වාලච්චේන පොලිස් වසමේ බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කර වැලි ප්‍රවහනය කරමින් සිටි පුද්ගලයකු ටිපර් රථය සමගද අත්අඩංගුවට ගෙන තිබේ. මාවතගම පොලිස් වසමේ බලපත්‍ර රහිතව ටිපර් රථ දෙකකට වැලි පටවමින් සිටින පුද්ගලයන් දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. කොච්චිකඩේ පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් මිලි ලීටර් එක්ලක්ෂ දොළොස්දහස් පන්සීයක්, ගෝඩා මිලි ලීටර් ලක්ෂ අටක් සහ පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. මාන්කූලම් පොලිස් වසමේ බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කරමින් ට්‍රැක්ටර් රථ තුනකට වැලි පටවමින් සිටි සැකකරුවන් තිදෙනකු ට්‍රැක්ටර් රථ සමග අත්අඩංගුවට ගෙන ඇත.පුදුකඩිඉරුප්පු පොලිස් වසමේ බලපත්‍ර රහිතව ට්‍රැක්ටර් රථ දෙකකට වැලි පටවමින් සිටි පුද්ගලයින් දෙදනකු ට්‍රැක්ටර් රථ දෙක සමග අත්අඩංගුවට ගෙන තිබේ.