25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ප්‍රථම වරට ජාත්‍යාන්තර බොක්සිං තරඟාවලියකදී පදක්කමක් දිනයි.

ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ප්‍රථම වරට ජාත්‍යාන්තර බොක්සිං තරඟාවලියකදී පදක්කමක් දිනයි.

රුසියාවේ මොස්කව් නුවරදි පැවති 58 වන ජාතත්‍යන්තර හමුදා බොක්සිං ක්‍රිඩා තරඟාවලියේදි පළමු වරට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් පදක්කමක් හිමිකර ගත්තාය.

ඇය ශ්‍රි ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් එම තරඟාවලිය සඳහා සහභාගිවුවාය. රුසියාවේ මොස්කව් නුවරදි පැවති 58 වන ජාත්‍යන්තර හමුදා බොක්සිං ක්‍රීඩා තරඟාවලියේදි කාන්තා කිලෝග්‍රෑරූම් 75 බර පන්තිය යටතේ තරඟ වැදුණු නායක ගුවන් කාන්තා ගයානි කලුආරච්චි (25) ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්වූවාය. මෙවැනි ජාත්‍යන්තර බොක්සිං ක්‍රිඩා ඉසව්වක ශ්‍රී ලංකික ක්‍රිඩිකාවක් ලෝකඩ පදක්කමක් ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය වන අතර ජාත්‍යන්තර බොක්සිං ක්‍රිඩා ඉසව්වකදි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ අපගේ මව්බිමට කීර්තියක් හා ගෞරවයක් ගෙන දුන් ගයානි කලුආරච්චි බොක්සිං ක්‍රීඩිකාවට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හෘදයාංගම සුබ පැතුම් පිරිනැමීය.

නායක ගුවන් කාන්තා ගයනි කලුආරච්චි කිලෝ ග්‍රැමි 75 බරපංතිය යටතේ ආරක්ෂක සේවා බොක්සිං තරඟාවලිය 2018, ලේටන් කප් බොක්සිං තරගාවලිය 2019 සහ ක්ලිපර්ඩ් කප් බොක්සිං තරගාවලිය 2019 යන තරගාවලින් ජයග්‍රහණය කරමින් ජාතික හා ජාත්‍යන්තර තරග අත්දැකිමි බහුල ක්‍රිඩිකාවක් ලෙස මෙම තරගාවළියට එක්වූවාය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments