බදු පැහැර හරිමින් වත්කම් සැඟ වූ දේශපාලනඥයින් හා ප්‍රකෝටිපතියන්ගේ ගනුදෙනු පිළිබඳ රහස් තොරතුරු හෙළි වීමත් සමග ලෝකයේ බොහෝ රටවල්වලට මෙන්ම ශ්‍රී ලංකාවටවත් බලපෑම් එල්ලවී ඇති බව පෙනෙන්නට තිබේ.
මේ වාර්තාව නම් කර ඇත්තේ, පැන්ඩෝරා ලේඛනය යනුවෙනි.
පැන්ඩෝරා යන වචනයට ග්‍රීක පුරවෘතවල කතාවක් ඇති අතර පැන්ඩෝරා මංජුසාව යනු විවෘත නොකළ යුතු දෙයකි.
මන්ද එය විවෘත කළ හොත් ඉන් එළියට එන්නේ ලෝකයට අහිතකර දේවල් වන බැවිනි.
ඒ අනුව මෙම ලේඛනවලට පැන්ඩෝරා නම යොදා තිබෙන්නේ ඒ අර්ථයෙනි.
පැන්ඩෝරා ලේඛනය යනු කුමක්ද ?
ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංසදය එළි දක්වා ඇති මෙම නවතම වාර්තාවට අනුව ලොව ධන කුවේරයින්ගේ රහසිතග ගනුදෙනු , මුදල් විශුද්ධිකරණය හා බදු පැහැර හැරීමට අදාළ ලියකියවිල මිලයන 12 කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් වේ.
මෙවන් ගනුදෙනු පිළිබඳව වසර 7 ට පසු එළි දැක්වූ නවතම හා යාවත්කාලීනම වාර්තාව මෙයයි.
පැන්ඩෝරා ලේඛනවල ශ්‍රී ලාංකිකයන්ගේ නම් තිබේ ද ?
හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරුපමා රාජපක්ෂ සහ ඔහුගේ සැමියා වන ව්‍යාපාරික තිරුකුමාර් නඩේශන් මහතාගේ නම් මෙහි සඳහන් වේ.
ඔවුන් ඇමරිකාව , සැමෝවා , බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් සහ නවසීලන්තයේදී ආයතන 08 ක් පිහිටුවා ඇති බව පැන්ඩොරා වර්තා අනාවරණය කරයි.
ඉන් එක් ආයනතයක් පවත්වාගෙන ගොස් ඇත්තේ ලන්ඩන් නුවර සහ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සුඛොපබෝගී නිවාස සංකීර්ණ මිලදී ගැනිම සඳහායි.
ශ්‍රී ලංකා රජය සමග ව්‍යාපරික ගනුදෙනු සිදු කළ විදේශීය ආයතන කිහිපයකට තිරුකුමාර් නඩේශන් මහතාට අයත් තවත් එක් සමාගමකින් උපදේශන සේවා සපයා ඇති බව ද පැන්ඩෝරා ලේඛනවල සඳහන් ය.
මේ අතර සිංගපූරුවේ එෂියාසිටි ට්‍රස්ට් යන ආයතනය ද අදාළ ක්‍රියාකාරකම් සඳහා දායකත්වය ලබා දී තිබේ.
2016 වසරේදී මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් තිරුකුමාර් නඩේශන් මහතාට මෙරට චෝදනා එල්ල වූ පසුබිමකදී පවා සිංගපූරුවේ එෂියාසිටි ට්‍රස්ට් ආයනතනය විසින් ඔහුගේ විදෙස් ගනුදෙනු සඳහා දායකත්වය ලබා දී ඇති බව ද පැන්ඩෝරා වාර්තා වැඩිදුරටත් කරුණු අනාවරණය කරයි.
2011 වසරේදී නඩේශන් මහතාගේ මුළු වත්කම් ඇමරිකානු ඩෙලර් මිලයන 160 කට අධිකයි.
පැසිපික් කොමෝඩිටීස් යන තවත් සමාගමක් හරහා ඔහු වටිනා කලා කෘති රැසක් කූඨ ලෙස බදු මග හරිහින් සන්තකයේ තබා ගෙන ඇති බව පැන්ඩෝරා ලේඛන හෙළි කරයි.
මේ කරුණු පිළිබදව ප්‍රතිචාර දැන ගැනීමට ICIJ හෙවත් ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංසදය තිරුකුමාර් නඩේශන් සහ ඇගේ බිරිඳ වන හිටපු නියේජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ යන අය සම්බන්ධ කර ගැනීමට උත්සක කළ ද ඔවුන් ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටි බව සඳහන් ය.
නඩේශන් මහතා සහ නිරුපමා රාජපක්ෂ යන අය විසින් පවත්වාගෙන ගිය ආයනත 02 කින් තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ප්‍රතිලාභ ලබා ඇති බව පැන්ඩෝරා වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.
මෙම වර්තාවේ රහස් ගනුදෙනු තොරතුරු ඇති ලෝක බලවතුන් කවු ද ?
හිටපු රාජ්‍ය නායකයින් සහ දැනට බලයේ සිටින රාජ්‍ය නායකයන් 35 දෙනෙකු ඇතුළු 300 කට අධික ප්‍රභූන්ගේ රහසිගත තොරතුරු පැන්ඩෝරා වර්තාවලින් හෙළි කර තිබේ.
පැනඩෝරා ලේඛනවල සඳහන් වන පරිදි ජෝර්දානයේ අබ්දුල්ලා රජු රහසිගත හිමිකාරත්වය දැරූ සමාගම් තුළින් ඉපයූ පවුම් මිලියන 70ක් ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍ය වත්කම් රැස් කිරීමට වැය කර තිබේ.
බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ ඔහුගේ බිරිඳ ලන්ඩන් නුවර කාර්යාලයක් මිලදී ගැනීමේදී මුද්දර ගාස්තු තුන් ලක්ෂ 12,000 ක මුදලක් වංචා කර ඇති බවද මෙහි සඳහන් ය.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ රහස්‍ය වත්කම් මැනාකෝ රාජ්‍ය ඇති බව බවට තොරතුරු හෙළි වේ.
ඉන්දියාවේ දේශපාලඥයින් 6 දෙනෙකුගේ රහස්‍ය ගනුදෙනු ද එම ලේඛනයේ ඇතුළත් ය.
පැන්ඩෝරා ලේඛනයේ චෝදනා ගැන ඉක්මනින්ම ක්‍රියාත්මක වුයේ කවුද?
පාකිස්ථානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හා සම්බන්ධ දේශපාලනඥයින් 7දෙනෙකුගේ නම් ද පැන්ඩෝරා ලේඛනවල දැක්වේ.
ව්ටිටර් පණිවිඩයක් නිකුත් කරමින් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මෙම ලේඛනවල නම් ඇතුළත් සියලුම පාකිස්ථාන ජාතිකයින් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන බවයි .
අදාළ විමර්ශනයෙන් ඔවුන් වැරදිකරුවන් ලෙස හෙළිදරව් වුවහොත් ඔවුන්ට එරෙහි නිසි ක්‍රියා මාර්ග ගන්නා බවද පාකිස්ථාන අග්‍රාමත්‍යවරයා නිකුත් කළ ට්විරටර් පණිවිඩයේ සඳහන් ය.
මේ අතර පැන්ඩෝරා ලේඛනයෙන් අනාවරණ කළ තොරතුරු පිළිබදව ශ්‍රී ලංකාව ස්වාධින පරික්ෂණයක් කඩිනමින් සිදුකළ යුතු බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.
එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පැන්ඩෝරා ආයතනය හෙලිකළ මුදල් ගනුදෙනු ශ්‍රී ලංකාවේ පොදු සම්පත් අවභාවිතය මගින් උපයාගත් මුදල්දැයි සොයා බැලීමට පුළුල් අභයන්තර විමර්ශනයක් සිදුකළ යුතු බවයි.