29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීති විරෝධි මත්ද්‍රව්‍ය හා වැලි ජාවාරමුන් එස්.ටී.එෆ්.දැලේ.

නීති විරෝධි මත්ද්‍රව්‍ය හා වැලි ජාවාරමුන් එස්.ටී.එෆ්.දැලේ.

දෙලක්ෂ හැට දහසක් පමණ වටිනා කේරළ ගංජා ප්‍රවාහණය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙනතිබේ. .

විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක එම්.එච්. ගයාන් පෙරේරා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (04) වන දින ඇඹිලිපිටිය පොලිස් වසමේ නව නගරය පාර, මල්ශාලාවක් ඉදිරිපිට මාර්ගයේ දී වැටලීමක් සිදුකර ඇත. එහිදි කේරළ ගංජා සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටිය දී ක්ෂණික මාර්ග බාධකයක් යොදා වයස අවුරුදු 40 සහ 43 වයසේ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම කේරළ ගංජා මේ ආකාරයෙන් දීර්ඝ කාලයක් ප්‍රවාහනය කරමින් අම්බලන්තොට, හම්බන්තොට, කතරගම යන ප්‍රදේශ වලට මාහා පරිමාණයේ ගැනුම් කරුවන්ට අලෙවි කරන බවට කරුණු අණාවරණය කරගෙන තිබේ. අත්අඩංගුවට ගත් දෙලක්ෂ හැට දහසක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 2 හා ප්‍රවාහණයට කිරීම සදහා යොදාගන්නා යතුරු පැදිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇඹිලිපිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් 111හී නිලධාරී කණ්ඩායමක් කේරළ ගංජා ළඟ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානයට භාරදී තිබේ. අම්බලන්ගොඩ කඳවුරේ නිලධාරි කණ්
එහිදී පැය 1820 පමණායමක් කේරළ ගංජා ප්‍රවහනය කරමින් සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම මුලතිව් කඳවුරේ නිලධාරි කණ්ඩායමක් මුරිප්පු රක්ෂිත ප්‍රදේශයේ අනවසරයෙන් කපා ප්‍රවහනයට සූදානම් කර තිබු තේක්ක දැව කඳන් තොගයක් සැකකරුවන් රහිතව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා මුල්ලියාවෙලි අඩවි වන කාර්යාලයට භාරදී ඇත.
මේ අතර හපුතලේ කඳවුරේ නිලධාරි කණ්ඩයමක් නීතිවිරෝධි ලෙස වල් ඌරුමස් වෙළෙඳාම පිණිස සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ඇල්ල වනජීවි කාර්යාලය වෙත භාරදී තිබේ. මොරටුව කඳවුරේ නිලධාරි පිරිසක් නීතිවිරෝධි මත්පැන් ළඟ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. වැලිකඩ බන්ධනාගාර සංකීර්ණයේ රාජකාරි නියුතු විශේෂ කාර්ය බලකාය නිලධාරි කණ්ඩායමක් රැඳවියන් සෝදිසි කිරීමේදි කේරළ ගංජා යැයි සැක සහිත කැබලි එකක් ඇතුළු භාණ්ඩ ළඟ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහාජේලර්වරයකු වෙත භාරදී ඇත. රත්ගම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් නීති විරෝධි මත්පැන් ළඟ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රත්ගම පොලිස් ස්ථානය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාරදී ඇත. වව්නතිව් කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර රහිතව කදිරමඩු ආර ඇළ තුලට ට්‍රැක්ටර් රථය බස්සවා ඇළ ඉවුරට හානිවනසේ වැලි කැණීම් කර පටවමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වව්නතිව් පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. කන්තලේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කරමින් ටිපර් රථවලින් වැලි ප්‍රවහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා සේරුනුවර පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. අලුත්ගම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කේරළ ගංජා ළඟ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොස්ගොඩ පොලිස් සථානය වෙත භාරදී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments