ජර්මානු ආරක්ෂක උපදේශක කපිතාන් ජෙරල්ඞ් කොච් මහතා (Gerald Koch) ඇතුලූ පිරිසක් ඊයේ (05) ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවූයේය.
කපිතාන් ජෙරල්ඞ් කොච් මහතා :(Gerald Koch) ඉංදියාවේ ජර්මානු තානාපති කාර්යාලයට අනුයුක්තව ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන අතර ඔහු නිල වශයෙන් ගුවන් හමුදාධිපති හමු වූ ප‍්‍රථම අවස්ථාව මෙය විය. මෙම නිල හමුවේදී දෙරටේ ගුවන් හමුදා අතර පවත්නා දිගු කාලීන සබඳතාවය හා සහයෝගීත්වය සම්බන්දයෙන් මෙන්ම ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද පිළිසඳරක් පැවැත්විණි.
තවද මෙම අවස්ථාව සඳහා ශ‍්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ඔලාෆ් මැල්කෝව් (Olaf Malchow), ඉංදියාවේ ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශක ලූතිනන් කර්නල් ජෑන් සිහාර් (Jan Cihar) සහ ශ‍්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලයේ වෙළඳ සංවර්ධන සහ දේශපාළන කටයුතු පිළිබඳ උපදේශක ධරිනි දලූවත්ත මහත්මිය සහභාගී වූ අතර මෙම හමුව සනිටුවන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.