21 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPජපන් ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමය ගුවන් හමුදාවට ගිනි නිවන රථ දෙකක්...

ජපන් ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමය ගුවන් හමුදාවට ගිනි නිවන රථ දෙකක් හා ගිලන් රථයක් ප‍්‍රදානය කෙරේ.

ජපන් ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමය ගුවන් හමුදාවට ගිනි නිවන රථ දෙකක් හා ගිලන් රථයක් (05) ගුවන් හමුදා මූලස්ථානයේදි පරිත්‍යාග වශයෙන් භාරදීම සිදුවිය.
මෙම අවස්ථාව සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සහභාගි වූයේය. ආචාර්ය ලාල් තිලකරත්න මහතා සහ ජපාන ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමයේ කැපකිරිම් මත ලොව පුරා උද්ගත වි ඇති කොවිඞ්-19 වසංගත තත්වය හමුවේ පනවා ඇති විවිධ සීමාවන් මාධ්‍යයේ වුවද මෙම රථ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලබාදීමට අවස්ථාව උදාවි තිබේ.

වසංගත තත්වය හේතුවෙන් ජපන් ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමයේ නිලධාරීන්ට මෙම උත්සව අවස්ථාව සදහා සහභාගි වීමට හැකියාව නොලැබුණු අතර විඩියෝ තාක්ෂණය ඔස්සේ ආචාර්ය ලාල් තිලකරත්න මහතා සම්බන්ධ කර ගැනිමෙන් උත්සවය සිදුවන ආකාරය ඔහුට දැක ගැනීමට හැකිවිය.

එහිදි එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සහ ආචාර්ය ලාල් තිලකරත්න මහතා අතර සුහද සාකච්ඡාවක් පැවැත්වු අතර ජපන් ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමය වසර ගණනාවක් පුරා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලබාදුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳ ගුවන් හමුදාධිපති සිය කෘතඥතාවය පලකළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments