21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්වසර 70 කට පසු ඇමරිකාවේ කාන්තාවකට මරණ දඬුවම

වසර 70 කට පසු ඇමරිකාවේ කාන්තාවකට මරණ දඬුවම

ඇමරිකාව තුළ ජාතික මට්ටමෙන් මෙන්ම ඇතැම් ප්‍රාන්තවල වෙන් වෙන් වශයෙන්ද තවමත් මරණ දඬුවම ක්‍රියාත්මක වේ. මේ ආකාරයෙන් ජාතික මට්ටමෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යන අවස්ථාවක් ගැන මේ දිනවල අවධානය යොමුව තිබේ. මෙවර මරණ දඬුවම ලබා දීමට යන්නේ කාන්තාවකට වීම විශේෂත්වයක් වන අතර කාන්තාවකට මෙලෙස මරණ දඬුවම ලබා දීමට යන්නේ වසර 70 ක පමණ කාලයකට පසුව බව සඳහන් වේ. මෙයට පෙර කාන්තාවකට මේ අන්දමින් මරණ දඬුවම ලබා දී තිබුණේ 1953 වසරේය.

මෙවර මෙම දඬුවම ලැබීමට යන ලීසා මොන්ට්ගොමරිට එරෙහිව එල්ල වූ චෝදනාව වූයේ ගැබිනි කාන්තාවකගේ ගෙල සිරකර මරා ඇයගේ සිරුර කපා දරුවා සොරා ගැනීමයි. මෙය සිදුව තිබුණේ 2004 වසරේය. ඇය විසින් මරණයට පත් කරනු ලැබ තිබුණේ බොබී ජෝ ස්ටිනෙට් නමැති කාන්තාවක වූ අතර ඒ වන විට ස්ටිනෙට් අට මස් ගැබිනියකව සිටියාය. ලීසා ඇයගේ නිවසට ගොස් තිබුණේ බලු පැටවකු මිල දී ගැනීමට එන බව පවසමිනි. ළමා වියේ සිටියදී සිදු වූ පහර දීමක් හේතුවෙන් ලීසා ගේ මොළයට හානි සිදුව ඇති බවත්, ඇය මානසිකව යහපත් තත්ත්වයක නොසිටින බවත් ඇයගේ නීතිඥයන් සඳහන් කර තිබිණි. ඒ අනුව ඇයට මරණ දඬුවම ලබා නොදිය යුතු බවට ඔවුන් තර්ක කර තිබූ බැව් සඳහන් වේ.

විස එන්නත් කිරීමෙන් ලීසා මොන්ට්ගොමරිට මරණ දඬුවම ලබා දීමට නියමිතව ඇත්තේ ලබන දෙසැම්බර් 8 වැනි දිනයි. 1953 වසරේ මෙම දඬුවමට ලක් කළ කාන්තාව වූයේ බොනී හෙඩී නමැත්තියකි. කප්පම් ගැනීම සඳහා 6 හැවිරිදි දරුවකු පැහැරගෙන ගොස් මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇයට මෙම දඬුවම ලබා දුන්නේ ගෑස් කාමරයක දැමීමෙනි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments