29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsතීරුබදු නොගෙවා මෙරටට ගෙනා දුම්වැටි තොගයක්, වැලිජාවාරමුන් එස්.ටී.එෆ්.දැලේ

තීරුබදු නොගෙවා මෙරටට ගෙනා දුම්වැටි තොගයක්, වැලිජාවාරමුන් එස්.ටී.එෆ්.දැලේ

නීති විරෝධි ලෙස තීරුබදු

නෙගෙවා මෙරටට ආනයනය කළ

විදෙස් දුමිවැටි තොගයක් හා

පුද්ගලයන් දෙදෙනකු විශේෂ

කාර්ය බලකා නිලධාරීන්ගේ

අත්අඩංගුවට.

මෙරටට ගෙන්වන ලැබු දුම්වැටි

අලෙවිය සඳහා ළඟ තබාගෙන සිටි

වයස අවුරුදු 27 ක මුල්ලියාවේලි

ප්‍රදේශයේ පුද්ගලයකු හා වයස

අවුරුදු 44 ක තුංකම ප්‍රදේශයේ

පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු

අත්අඩංගුවට ගෙන වැඩිදුර

විමර්ශන කටයුතු සඳහා කුට්ටිගල

පොලිස් ස්ථානය හා මුල්ලියාවේලි

පොලිස් ස්ථානය වෙත භාර දී එහිදි

TRADITIONAL වර්ගයේ

දුමිවැටි 400

ක්,MANCHESTER වර්ගයේ

දුමිවැටි 941 ක්,

අත්අඩංගුවට ගත්

දුම්වැටි වල දළ වටිනාකම රුපියල්

93,870.00 ක් පමණ වේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන

නිලධාරී නියෝජ්‍ය පොලිස්පති

නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ

සෘජු අධීක්ෂණය යටතේ විශේෂ

කාර්ය බලකාය අම්බලන්තොට

කඳවුරේ හා විශේෂ කාර්ය බලකාය

මුලතිව් කඳවුරේ නිලධාරීන්ට

ලැබුණු තොරතුරු වලට අනුව එම

කඳවුරුවල නිලධාරීන් කණ්ඩායම්

දෙකක් (18) කුට්ටිගල පොලිස්

වසමේ හා මුල්ලියාවේලි පොලිස්

වසමේ දී මෙම වැටලීම් දෙක

සිදුකර දුම්වැටි තොගය

අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර මුලතිව් කඳවුරේ නිලධාරී

කණ්ඩායමක් මුල්ලියාවේලි

පොලිස් වසමේදී විදේශයක

නිෂ්පාදිත අදාල තීරුබදු නොගෙවා

මෙරටට ගෙන්වන ලැබු

ගෝල්ඩ්ලීෆ් වර්ගයේ දුම්වැටි ළඟ

තබාගැනීමේ වරදට අයකු

අත්අඩංගුවට ගෙන ඇත. හපුතලේ

කඳවුරේ නිලධාරී කණ්ඩායමක්

හම්බේගමුව පොලිස් වසමේ

අක්කර 1/4ක ප්‍රමාණයක් නීති

විරෝධි ලෙස වගාකර තිබු ගංජා

වගාවක් සමග අයකු අත්අඩංගුවට

ගෙන ඇත. වව්නතිව් කඳවුරේ

නිලධාරී කණ්ඩායමක් වැටලීම්

දහයකදී කරදියාරු පොලිස් වසමේ

නීති විරෝධි ලෙස බලපත්‍ර

කොන්දේසී උල්ලංඝනය කර වැලි

ප්‍රවහනය කරමින් සිටි පුද්ගලයින්

දස දෙනකු ට්‍රැක්ටර් රථ දහයක්

අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් අනුරාධපුර පොලිස්

වසමේ කසිප්පු , ගෝඩා හා

පෙරීමේ උපකරණ ළඟ තබාගෙන

සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන

තිබේ. සමන්තුරය කඳවුරේ නිලධාරී

කණ්ඩායමක් සමන්තුරය පොලිස්

වසමේ බලපත්‍ර රහිතව ස්ථානයකින්

ට්‍රැක්ටර් රථයක් ගඟ තුලට

ඇතුළුකර වැලි කැණීම් කට

පටවමින් සිටි පුද්ගලයකු

අත්අඩංගුවට ගෙන ඇත.

අරන්තලාව කඳවුරේ නිලධාරී

කණ්ඩායමක් මහඔය පොලිස්

වසමේ බලපත්‍ර රහිතව මහඔය

තුළට ට්‍රැක්ටර් රථයක් ඇතුළුකර

වැලි කැණීම්කර පටවමින් සිටි

අයකු අත්අඩංගුවට ගෙනතිබේ.

මහඔය පොලිස් වසමේ තවත්

වැටලීමක් සිදුකර මහඔය තුලට

ට්‍රැක්ටර් රථයක් ඇතුළු කර වැලි

කෑණිම්කර පටවමින් සිටි තිදෙනකු

අත්අඩංගුවට ගෙන ඇත. සාම්පූර්

පොලිස් වසමේ කන්තලේ කඳවුරේ

නිලධාරී කණ්ඩායමක් සාම්පූර්

පොලිස් වසමේ බලපත්‍ර කොන්දේසී

උල්ලංඝණය කර බොරළු ප්‍රවහනය

කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනකු

අත්අඩංගුවට ගෙන තිබේ. දෙනියාව

කඳවුරේ නිලධාරී කණ්ඩායමක්

මාලිම්බඩ පොලිස් වසමේ බලපත්‍ර

රහිතව ටිපර් රථයකින් වැලි

ප්‍රවහනය කරමින් සිටි අයකු

අත්අඩංගුවට ගෙන

ඇත.කැබිතිගොල්ලෑව කඳවුරේ

නිලධාරී කණ්ඩායමක්

හොරොව්පතාන පොලිස් වසමේ

රජයේ රක්ෂිත ප්‍රදේශයට

අනවසරයෙන් ඇතුළුවි රක්ෂිතයේ

අක්කර දෙකක පමණ ප්‍රදේශයක්

එළි පෙහෙළි කරමින් සිටි අයකු

අත්අඩංගුවට ගෙන ඇත. කහවත්ත

කඳවුරේ නිලධාරී කණ්ඩායමක්

නිවිතිගල පොලිස් වසමේ බලපත්‍ර

රහිතව අනවසරයෙන් පතල්

කැණීම් කරන ලැබු ස්ථාන වටලා

දසදෙනකු අත්අඩංගුවටගෙන ඇති

අතර මෙහිදි පොලිස් විශේෂ කාර්ය

බලකාය වැටලිම් හතක් සිදුකර

තිබේ.

එමෙන්ම අරලගංවිල කඳවුරේ

නිලධාරී කණ්ඩායමක් වැලිකන්ද

පොලිස් වසමේ බලපත්‍ර රහිතව වැලි

කැණීම් කර ට්‍රැක්ටර් රථයකට

පටවමින් සිටි අයකු අත්අඩංගුවට

ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments