පොලිස් විශේස කාර්ය බලකායේ දෛනික
වැටලිම් (13) දවසෙත් දිවයින පුරා
සිදුකෙරිණි.
එහිදි කහවත්ත කඳවුරේ නිලධාරි
කණ්ඩායමක් නිවිතිගල පොලිස් වසමේ
බලපත්‍ර රහිතව අනවසරයෙන් පතල් කැණිම්
කළ පුද්ගලයින් පස්දෙනකු අත්අඩංගුවට
ගෙන තිබේ. මෙම ප්‍රදේශයේ වැටලිම් තුනක්
සිදුකර තිබෙන අතර එරබද්ද දැලවේ ගඟ
ප්‍රදේශයේදි අනවසර කැණීම් කර එම
පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රත්නපුර
ස්වර්ණාභරණ අධිකාරිය වෙත භාරදිමෙන්
පසු රුපියල් 10.000ක දඩමුදල් එක් අයකුට
රුපියල් පන්දහසක දඩයක්ද ගෙවීමෙන් පසු
නිදහස් කර තිබේ. එහිදි හොයිස්ටර් තුනක් හා
ප්ලේට් තුනක්ද වයර් අඩි හැටක්
සොයාගෙන ඇත.
විශේෂ මෙහෙයුම් ඒකකයෙහි නිලධාරි
පිරිසක් හබරාදුව පොලිස් වසමේ වඩුගෙවත්ත
,හරුමල්ගොඩ, වැටලිමක් සිදුකර කේරළ
ගංජා ග්‍රෑම් දහයක් හා ඉන් උපයාගත් රුපියල්
දහතුන්දහසක මුදලක් හා අයකු අත්අඩංගුවට
ගෙන තිබේ. බියගම පොලිස් වසමේ
යටවත්ත ප්‍රදේශයේ වැටලීමක් සිදුකොට
කේරළ ගංජා ග්‍රෑම් දහයක් හා විද්යුත්
තරාදියක් සමග අයකු අත්අඩංගුවට ගෙන
තිබේ. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් එම
පොලිස් වසමේ කඳනගොඩ, වැටලිමක් කර
නිති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි
අයකු සහ නීති විරෝධි මත්පැන් මිලි ලිටර්
33,750ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ගෝනහේන කඳවුරේ නිලධාරි කණ්ඩායමක්
කඳාන පොලිස් වසමේ ගනේගොඩ ප්‍රදේශයේ
වැටලිමක් සිදුකර අයකු සමග නීති විරෝධි
මත්පැන් 33,750ක් අත්අඩංගුවට ගෙන
ඇත. පුත්තලම කඳවුරේ නිලධාරි
කණ්ඩායමක් නොරොච්චෝල පොලිස්
වසමේ සේනපොල ප්‍රදේශයේ වැටලීමක්
සිදුකර නීති විරෝධි මත්පැන් මිලි ලිටර්
36,750ක්, ගෝඩා366.75ක් යකඩ බැරල්
එකක්, ගෑස් සිලින්ඩර් එකක්, තඹ දඟර ,
ගෑස් ලිප් එකක් සමග අයකු අත්අඩංගුවට
ගෙන ඇත.
එමෙන්ම කහවත්ත කඳවුරේ නිලධාරි පිරිසක් කලවාන පොලිස් වසමේ ඇල්ල ස්ටෝර්ස්, දෙල්ගොඩ ජනපදය, වැටලීමක් සිදුකර නීති විරෝධි මත්පැන් හා ගෝඩා ළඟ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදි නීති විරෝධි මත්පැන් මිලි ලීටර් 7,500ක්, ගෝඩා ලීටර් 135යි, ප්ලාස්ටික් බැරල් එකක්ද සොයාගෙන ඇත. කොක්මාදූව උප කඳවුරේ නිලධාරි කණ්ඩායමක් අකුරැස්ස පොලිස් වසමේ උදාර මාවතේ ප්‍රදේශයේ වැටලිමක් සිදුකර තහනම් වල්නාශක ග්ලයිෆෝසේට් ග්‍රෑම් සීයේ පැකට් 123ක්, නම සඳහන් නොකරන වල්නාශක ලිටර්170.4 අයෙක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේ පාවට්ටකූලම් ප්‍රදේශයේදී වැටලිමක් සිදුකොට බලපත්‍ර රහිතව ටිපර් රථයකින් පස් ප්‍රවහනය කරමින් අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට භාරදි තිබේ.