22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsබලපත්‍ර රහිතව පතල් කැණීම් , වැලිපස් හා නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවරමුන් එස්.ටි.එෆ්....

බලපත්‍ර රහිතව පතල් කැණීම් , වැලිපස් හා නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවරමුන් එස්.ටි.එෆ්. දැලේ.

hhhh

පොලිස් විශේෂ කාර්ය බලකාය සිය

දෛනික වැටලිම් වලදි (16)

ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක්

වැල්ලම්පිටිය හා ජාඇළ පොලිස්

පොලිස් වසම්වලදි සිදුකළ

වැටලීම්වලදී කේරළ ගංජා කිලෝ

එකයි ග්‍රෑම් විස්සක් ළඟ තබාගෙන සිටි

අයකු හා නීතිවිරෝධි මත්පැන්මිලි

ලීටර්506,250ක් , ගෝඩා මිලි

ලීටර් 2850000 හා පෙරීමේ

උපකරණ ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ

මෙහෙයුම් අංශ 1හි නිලධාරි පිරිසක්

වැල්ලවත්ත පොලිස් වසමේ කේරළ

ගංජා ග්‍රෑස් විස්සක් ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙනඇත. දකුණු පළාත්

විශේෂ මෙහෙයුම් ඒකකයට

අනුයුක්ත නිලධාරින් කණ්ඩායමක්

වැලිගම පොලිස් වසමේ කේරළ ගංජා

ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන ඇත. කහවත්ත

කඳවුරේ නිලධාරි පිරිසක් රත්නපුර

පොලිස් වසමේ බලපත්‍ර රහිතව

අනවසරයෙන් පතල් කැණීම් කරන

ලැබු පුද්ගලයින් දෙදනකු

අත්අඩංගුවට ගෙන ඇත. උඩවලව

කඳවුරේ නිලධාරීන් පිරිසක්

කොළොන්න පොලිස් වසමේ වැටලීම්

හතරක් සිදුකොට බලපත්‍ර රහිතව

පතල් කැණීම් කළ පුද්ගලයින්

සිව්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
කල්මුණේ කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් එම පොලිස් වසමේ

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන

ප්‍රවහනය කරමින් සිටි අයකු

අත්අඩංගුවට ගෙන ඇත. කන්තලේ

කඳවුරේ නිලධාරී පිරිසක් අග්බෝපුර

පොලිස් වසමේ බලපත්‍ර කොන්දේසි

උල්ලංඝණය කරමින් නීති විරෝධි

ලෙස ට්‍රැක්ටර් රථයක් ඇලට

ඇතුළුකර වැලි පටවමින් සිටි අයකු

අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම

පුල්මුඩේ කඳවුරේ නිලධාරි පිරිසක්

ගෝමරන්කඩවල් පොලිස් වසමේ

වැටලිම් තුනක් සිදුකර එහිදි

අනවසරයෙන් රක්ෂිතයට ඇතුළුවි

බලපත්‍ර රහිතව අක්කර දෙකක පමණ

භූමි ප්‍රමාණයක් කපා එළි පෙහෙළි කර

නියරවල් සකස් කරමින් සිටි දෙදනකු

ට්‍රැක්ටර් රථ දෙකක්ද අත්අඩංගුවට

ගෙන තිබේ. පරයනාලන්කූලම්

කඳවුරේ නිලධාරි පිරිසක් මඩු පොලිස්

වසමේ බලපත්‍ර කොන්දේසි

උල්ලංඝණය කරමින් නීති විරෝදි

අන්දමින් ට්‍රැක්ටර් රථයක් ඇලට

ඇතුළුකර වැලි පටවමින් සිටි අයකු

අත්අඩංගුවට ගෙන ඇත. අරලගංවිල

කඳවුරේ නිලධාරි කණ්ඩායමක්

වැලිකන්ද පොලිස් වසමේ වැටලීම්

පහක් සිදුකොට බලපත්‍ර රහිතව ටිපර්

රථයකින් වැලි ප්‍රවහනය කිරීමේ

වරදට එක් පුද්ගලයකු හා වැලි ගබඩා

කර තිබු ස්ථාන හතරක් පුද්ගලයින්

රහිතවද අත් අඩංගුවට ගෙන තිබේ. එහිදි වැලිකියුබ් හයක් ද සොයාගෙන ඇති අතර මෙම සිදුවීම හා වැලිකන්ද පොලිසිය අතර දුර කිලෝමිටර් දෙකක පමණ දුරක්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments