මොටර් රථ ප්‍රවාහන
දෙපාර්ථමේන්තුව මගින් නිකුත් කරනු
ලබන අංක තහඩු වලට සමාන නීති
විරෝධීව ව්‍යාජ වාහන අංක තහඩු
සැකසීමේ ස්ථානයක් විශේෂ කාර්ය
බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන
තිබේ.
විශේෂ කාර්ය බලකාය මුලතිව්
කඳවුරේ නිලධාරීන්ට ලැබුණු
තොරතුරකට අනුව විශේෂ කාර්ය
බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය
පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර
මහතාගේ සෘජු අධීක්ෂණය හා
යාපනය කලාප අණදෙන නිලධාරි
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩි.ඩි.ඩි.කේ.
හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීම
යටතේ කඳවුර අණදෙන නිලධාරී
ප්‍රධාන පොලිස් පරික්ෂක යු.වී.සී.ටී.
විජේරත්න ඇතුළු නිලධාරීන්
කණ්ඩායමක් (16) වව්නියාව
පොලිස් වසමේ තාන්ඩිකුලම්
ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර
එහි දී
මොටර් රථ ප්‍රවාහන
දෙපාර්ථමේන්තුව මගින් නිකුත් කරනු
ලබන අංක තහඩු වලට සමාන ව්‍යාජ
වාහන අංක තහඩු සැකසීමේ
ස්ථානයක් දීර්ඝ කාලයක් මුළුල්ලේ
සිට පරිගණක හා මුද්‍රණ යන්ත්‍ර
උපයෝග කරගනිමින් පවත්වාගෙන
යමින් සිටි තාන්ඩිකුලම්, වව්නියාව
ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක
පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර
විමර්ශන කටයුතු සහ ඉදිරි නීතිමය
කටයුතු සඳහා වව්නියාව පොලිස්
ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් භාණ්ඩ වනුයේ
ව්‍යාජ ලෙස සකස් කරන ලද ඉදිරි පස
අංක තහඩු 01 යි, ව්‍යාජ ලෙස සකස්
කරන ලද පසු පස අංක තහඩු01 යි,
සිපියු 1යි,මොනිටර් 1යි,මවුස්
01 යි,කී බෝඩ් 01යි,රාජ්‍ය
ලාංඡනය සහිත ස්ටිකර් 412 ක්
අඩංගු කාඩ්පත් 01 යි,DMT ලෙස
මුද්‍රිත ස්ටිකර් කාඩ් 01 යි,ඇළුමිනියම්
පැහැති ස්ටිකර් කාඩ්පත් 01ක්
.
මේ අතර පොලිස් විශේෂ කාර්ය
බලකායේ දෛනික වැටලිම්වලදී
විශේෂ මෙහෙයුම් 1හි නිලධාරි
කණ්ඩායමක් මොරටුව පොලිස්
වසමේ අනස්ට්, පෙදෙස ලක්සපතිය,
මොරටුව පිහිටි ස්ථානයේ වැටලීමක්
සිදුකොට කේරළ ගංජා ග්‍රෑම් 25ක්
ළඟ තබාගෙන සිටි අයකු
අත්අඩංගුවට ගෙන ඇත. පූගොඩ
කඳවුරේ නිලධාරි කණ්ඩායමක්
හංවැල්ල පොලිස් වසමේ වැලිකන්න
කාන්ති ස්ටොර්ස් වෙළෙඳසැල
පිටුපසදී නීතිවිරෝධි මත්පැන්
මි.ලි.33,000ක් ළඟ තබාගෙන
සිටි අයකු අත්අඩංගුවට ගෙන
තිබේ.ගෝනහේන කඳවුරේ නිලධාරි
පිරිසක් මහබාගේ පොලිස් වසමේ
වැලිසර තොටුපොළ පාර මංකඩ යන
ප්‍රදේශයේ නීති විරෝධි මත්පැන්
මිලිලීටර් 67,500 ළඟ තබාගෙනි
සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.
මූලස්ථාන කඳවුරේ නිලධාරි පිරිසක්
මොරටුව පොලිස් වසමේ ශාන්ත පීටර්
පටුමග, මොරටුව යන ලිපිනයේ නිවස
ඉදිරිපිටදී නීති විරෝධි මත්පැන්
මිලිලීටර් 30,000ක් ළඟ
තබාගෙන සිටි අයකු අත්අඩංගුවට
ගෙන තිබේ. කැබිතිගෝල්ලෑව
කඳවුරේ නිලධාරි කණ්ඩායමක්
කල්ලංචිය පොලිස් වසමේ
බොරළුහින්න, රඹෑව ප්‍රදේශයේදී නීති
විරෝධි ලෙස මදන මෝදක
කිලෝග්‍රෑම් 7,700ක් ළඟ
තබාගෙන සිටි අයකු අත්අඩංගුවට
ගෙන ඇත. එමෙන්ම මහඔය
කඳවුරේ නිලධාරී කණ්ඩායමක්
මහඔය පොලිස් ස්ථානයේ නිලධාරි
කණ්ඩායමක් සමග ඒකාබද්ධව 69
හංදියේ ප්‍රදේශයේ සිදුකරන ලැබු
මාර්ග බාධක රාජකාරියකදී බලපත්‍ර
නීති උල්ලංඝණය කොට වැලි
ප්‍රවාහනය කරමින් සිටි අයක්
අත්අඩංගුවට ගෙන ඇත. මහඔය
කඳවුරේ නිලධාරීන් අරන්තලාව
කඳවුරේ නිලධාරි පිරිසක් සමග
ඒකාබද්ධව මහියංගණය පොලිස්
වසමේ මහියංගණය දඹාන ප්‍රදේශයේ
සිදුකළ මෙහෙයුමකදී නීති විරෝධිව
කපා ප්‍රවාහනය සඳහා සූදානම් කර
තිබු විවිධ ප්‍රමාණයේ දැව කඳන්
තොගයක් අත්අඩංගුවට ගෙන
තිබේ.යාපනය කඳවුරේ නිලධාරි
පිරිසක් චාවාකච්චේරිය පොලිස්
වසමේ නාවක්කුලිය හංදියේ
දුම්රියපොළ ඉදිරිපිට බලපත්‍ර රහිතව
හිංසාකාරි ලෙස එළුවන් 68ක්
ප්‍රවහනය කරමින් සිටි දෙදනකු
අත්අඩංගුවට ගෙන තිබේ.