ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි සෙත්සිරිපාය සහ ඒ ආසන්නව පිහිටි කාර්යාල සේවකයින්ගේ ප්‍රයෝජනය සඳහා, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සෙත්සිරිපාය පරිශ්‍රයේ සිට නව බස් සේවාවන් රැසක් (16) සිට ආරම්භ කෙරේ.
සෙත්සිරිපාය කේන්ද්‍ර කරගනිමින් කිරිඳිවැල- යක්කල- කටුනායක – පාදුක්ක – මතුගම – හොරණ- අවිස්සාවේල්ල- නිට්ටඹුව – කොළඹ කොටුව – දෙමටගොඩ දුම්රිය ස්ථානය සහ කඩවත දක්වා බස් සේවාවන් 11ක් අද දින සිට ආරම්භ කෙරිණි.
එම කාර්යාල සේවාවන් ආරම්භ කිරිම අද (16) ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු වූවාය.
කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරිමත් සමගම රැකියා සදහා පැමිණෙන කාර්යාල සේවකයින්ගේ පහසුව සදහාත් මෙම බස් සේවාව ප්‍රවාහන අමාත්‍යාංශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කළ බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
බත්තරමුල්ල – සෙත්සිරිපාය සහ ඒ අවට රාජ්‍ය ආයතනයන්හි සේවයේ නියුතු කාර්ය මණ්ඩලවල සෞඛ්‍යාරක්ෂාවත්, තනි බස් සේවාවක් පහසුවෙන් තම ගමනාන්තයන් වෙත යාමට හැකි වන පරිදි මෙම බස් සේවාවන් සැලසුම් කර ඇත.
මෙහිදි අදහස් දැක්වු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ බත්තරමුල්ල ප්‍රදේශයේ සෙත්සිරිපාය, සුහුරුපාය හා ඒ අවට අමාත්‍යාංශ සහ රජයේ කාර්යාල විශාල සංඛ්යාිවක් පිහිටා තිබෙන බවත්, එම කාර්යාලවල සේවය කරන සේවකයන් හට මෙම කාර්යාල බස් සේවාව ඉතාමත් ප්රෙයෝජනවත් වෙන බවයි.එමෙන්ම රජය විසින් කොවිඩ් වසංගත තත්වය පාලනය කිරිමත් සමග මෙවැනි කාර්යාල බස් සේවාවන් ආරම්භ කිරිම රැකියා සඳහා පැමිණෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු වන බවද ප්‍රකාශ කළාය.
මෙම කාර්යාල ප්‍රවාහන සේවාවන් ආරම්භ කිරිමේ අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක යන මහත්වරුන් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වූහ.