පාරිභෝගික ජනතාවට සතොස මගින් ලබාදෙන සහන මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීමේ පහසුකම ඇති කිරීම සඳහා සතොස අලෙවිසැල් ජාලය දහසක් දක්වා පුළුල් කිරීමේ වැඩපිළිවෙල අද(18) ආරම්භ කෙරේ.
මෙය ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගේ පදිවි ප්‍රාප්තිය වෙනුවෙන් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස්මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතර අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළ මිලට වඩා අඩුමිලට පොදුජනතාවට ලබාදීම සඳහා අද(18) හා (19) දිනවල පමණක් සතොස ශාඛා විසිපහක් එකවර අලුතින් විවෘත කිරීමට සියලු කටයුතු යොදා තිබේ. ඒ අනුව මෙම දෙසැම්බර් (31)ට පෙර සතොස ශාඛා ජාලය පන්සීයක් දක්වා වැඩිකිරීමට පියවර ගැනේ. ඊට පසු ලබන වර්ෂය තුලදී ඒ පළාත් වල මහජන මන්ත්‍රීවරු පළාත් පාලන ආයතන වෙනත් බහුජන සංවිධාන ඉල්ලීම අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම ලංකා සතොස ශාඛා තුන බැගින් වීවෘත කිරීමද එස වසර අවසන්වීමට පෙර සතොස ශාඛා ජාලය දහසක් දක්වා වැඩිකිරීමේ සුවිශේෂි කාර්ය සිදුවේ. මේ මගින් සෑම පාරිභෝගිකයකුටම අත්‍යාවශ්‍ය පරිභෝජන භාණ්ඩ ලබාගැනීම අවස්ථාවක් ලැබේ. ඊට අතිරේකව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව Q ෂොප් ජාලයක් ඇති කොට තිබේ. එය කන්ටේනර් පෙට්ටියක් කුඩා සුපිරි වෙළෙඳසැලක් බවට පරිවර්තනය කර ඇත. එවැනි වෙළෙඳසැල් දැනට නවම් මාවත , කොටුව දුම්රිය පොළ පරිශ්‍රය , නිදහස් චතුරශ්‍රය කොළඹ 07, පදනම් ආයතනය අසල හා කොට්ටාව බහුවිධ ප්‍රවහන මධ්‍යස්ථානය හෝමාගම දුම්රිය පොළ ස්ථානය සතොස සහන මිලටම භාණ්ඩ මිලදි ගන්න ජනතාවට හැකිවේ. එම වෙළෙඳසැල් ජාලයත් පුළුල් කිරීමට වෙළෙඳ අමාත්‍යාංශයේ ඉලක්කයවේ.
මෙම නව සතොස වෙළෙඳසැල් උතුරුමැද පළාතේ රඹෑව,බෙරලියකන්ද, තඹුත්තේගම, පදවිය, මින්නේරිය හා පන්සල් ගොඩැල්ලේද නැඟෙනහිර පළාතේ මුතුර්හිද විවෘතවේ. මධ්‍යම පළාතේ දන්තුරේ, දෙල්තොට,හාරගම, පූඩළුඔය. ඌව පළාතේ වැලිමඩ, වැල්ලවාය යන ප්‍රදේශවලද දකුණු පළාතේ කලෙය්ගාන,පිංකන්ද, සූරියවැව, හපුගල. සබරගමුව රත්නපුර,කරඬුපාන. බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල, කෝරළඉම,වොක්ෂෝල්වීදිය,හෝමාගම. වයඹ පළාතේ නාත්තන්ඩිය හාමහවැව යන ප්‍රදේශවල මෙම අලෙවිසැල් අද හා හෙට විවෘතවීමට නියමිත බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.