කටාර් රාජ්‍යයේ පැවැත්වෙන 44 වන ලෝක ආරක්ෂක සේවා පැරෂුට් තරගාවලිය සදහා ශ‍්‍රි ලංකාව නියෝජනය කිරීමට සුදුසුකමි ලැබු ශ‍්‍රි ලංකා ගුවන් හමුදා ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන් හට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ගුවන් හමුදා මුලස්ථානයේදි සිය සුබ පැතුම් එක් කරන ලැබුවේය. මෙම තරඟාවලිය සදහා ගුවන් හමුදා ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන් හතර දෙනෙකු (04) සුදුසුකම් ලබා ඇති අතර ඔවුන් (17) කටාර් රාජ්‍ය බලා පිටත්ව යන ලැබූහ.
මෙම 17 වන දින සිට 30 දින දක්වා පැවැත්වෙන මෙම තරඟාවලිය සදහා විංග් කමාන්ඩර් නිරෝෂන් රිටිගල, සැරයන් සම්පත් මීරියගල්ල, නායක ගුවන් කාන්තා හංසිකා මධුභාෂිනී, නායක ගුවන් කාන්තා චතුරිකා අමරසිංහ යන ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන් තරඟ වැදිමට නියමිතව ඇති අතර මෙම පැරෂුට් කණ්ඩායෙමි කණ්ඩායම් භාර ප‍්‍රධාන නිලධාරී ලෙස ගෲප් කැප්ටන් අනුරුද්ධ විජේසිරිවර්ධන හා ප‍්‍රධාන පුහුණුකරු ලෙස විංග් කමාන්ඩර් විජිත ගෝමිස් යන නිළධාරීවරුන්ද ඇතුළුව හය (06) දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම සංචාරය සඳහා එක් වීමට නියමිතව ඇත.