21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeසතියේ සංවාදදශක දෙකකට පසු විශ්ව රූ රැජිණ කිරුළ ඉදිරියේ ඉන්දීය නාමය යළි රඳවා...

දශක දෙකකට පසු විශ්ව රූ රැජිණ කිරුළ ඉදිරියේ ඉන්දීය නාමය යළි රඳවා තැබු පන්ජාබ් දියණියක වන සන්දු.

ඊශ්‍රායලයේ අයිලට්හි පැවති 70 වැනි විශ්ව රූ රැජිණ තරගාවලියේදී ඉන්දියාව නියෝජනය කරමින් තරගාවලියට ඉදිරිපත් වූ 21 හැවිරිදි හර්නාස් සන්දු කිරුළට හිමිකම් කීවේ, පැරගුවේ සහ දකුණු අප්‍රිකාවේ තරගකාරිණියන් පරදවමිනි.

දශක දෙකකට පසු විශ්ව රූ රැජිණ කිරුළ ඉදිරියේ ඉන්දීය නාමය යළි රඳවා තබන්නට පන්ජාබ් දියණියක වන සන්දු සමත්වූවා ය.

විශ්ව රූ රැජිණ තරඟාවලිය ලොව පුරා සජීවීව විකාශය කෙරුණු අතර 2021 විශ්ව රූ රැජිණ කිරුළ සන්දු හිස පැළැන්දුවේ, ගිය වසරේ කිරුළේ හිමිකාරිය වූ ඇන්ඩ්‍රියා මෙසා ය.

මේ වනවි‌ට රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටින සන්දුගේ විශ්ව රූ රැජිණ දක්වා පැමිණි ගමන ආරම්භ වන්නේ, ඇය 17 වැනි වියේ සිටයි.

සන්දු මෙලෙස ඉන්දියාවට කිරුළ හිමි කර දුන්නේ අවුරුදු 21 කට පසුව වන අතර මීට පෙර 2000 වසරේදී ලාරා දත්තා විශ්ව රූ රැජිණ කිරුළ හිමිකර දුන්නා ය. ලාරා දත්තාට පෙර කිරුළ ඉන්දියාවට හිමිකර දුන්නේ සුෂ්මිතා සෙන් ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments