21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්රොබින් ප්‍රනාන්දු දිවි සිනමාවෙන් සමුගනී.

රොබින් ප්‍රනාන්දු දිවි සිනමාවෙන් සමුගනී.

සිනමා,ටෙලි රංඟන ශිල්පියකු, සටන් අධ්‍යක්ෂවරයෙක් හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන රොබින් ප්‍රනාන්දු මහතා (84) අභාවප්‍රාප්තවූයෙන් ඒ මහතාගේ අවසන් කටයුතු (09) බොරැල්ල පොදුසුසාන භූමියේ සිදුකෙරේ.

ඒ මහතා පෙරේදා(08)උදෑසන අභාවප්‍රාප්තවූ අතර ඒ මහතාගේ මෘතදේහය බොරැල්ල රේමන්ඩ් මල්ශාලාවේ තැන්පත් කෙරේ. වසර දෙකක් පමණ රෝගාතුරව සිට ප්‍රනාන්දු මහතා මෙසේ මිය ගොස් තිබේ.

පට්ටියගේ රොබින් ස්ටීවන් ප්‍රනාන්දු, පවුලේ තුන්වැන්නා ලෙස 1937 ජුනි 15 දින කොටහේනේදී උපත ලැබීය. ඔහුගේ පියා සිරිල් ඇන්තනි මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවය කළ අතර M.D. ගුණසේන සමාගමේ මුද්‍රණ අංශයේ ප්‍රධානියා ලෙසද සේවය කර ඇත. ඔහුගේ මව වයලට් ඇන්තනි ගෘහණියක් විය. ඔහුට වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක් සහ බාල සහෝදරියන් දෙදෙනෙක් සිටී.ඔහු දෙවන ලෝක යුද්ධ සමයේදී කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළේය. කරාටේ සහ ජිම්නාස්ටික් වැනි ක්‍රීඩා සඳහාද ඔහු ජාතික වර්ණ ලබාගෙන තිබේ. 1964 විවාහවු රොබින් ප්‍රනාන්දු මහතා හිඟනකොල්ලා,චණ්ඩියා,ධීවරයෝ,සිරිපාල හා රන්මැණිකා, සසර චේතනා, රහසක් නැති රහසක් ඇතුළු චිත්‍රපට අසූවක පමණ රංඟනයෙන් දායකවි තිබෙන රොබින් ප්‍රනාන්දුගේ මුල්ම චිත්‍රපට අධ්‍යක්ෂණය 1983දී සිදුවිය ඒ සුරදූතියෝ සිනමාපටයයි. පසුව නින්ජා ශ්‍රී ලංකා චිත්‍රපටයද අධ්‍යක්ෂණය කළේය. ඒ මහතා ශ්‍රීයාණි අමරසේනගේ ඉරබටු තරුව ටෙලිනාට්‍යයේද රඟපෑ අතර එය එංගලන්තයේදී රූගත කෙරුණි. ඔහු මිය යනවිට චිත්‍රපට අසූවක පමණ රඟපෑ තිබු අතර ටෙලි නාට්‍ය කිහිපයකද රංඟනයෙන් දායකවී තිබුණි. එම චිත්‍රපටවලින් වැඩි ප්‍රමාණයක ත්‍රාසජනක සිද්ධි ඇති සටන් ජවනිකාවල යෙදෙමින් සටන් අධ්‍යක්ෂණයද කළේය. සටන් නළුවන් ලෙස පැමිණි රොබින් හා ඇලෙක්සෙන්ඩර් ප්‍රනාන්දු පසුව චිත්‍රපට ගණනාවකම ප්‍රධාන චරිතය සඳහා එක්වූයේ ඔවුන්ගේ කඩවසම් පෙනුම වගේම දක්ෂතාවයන් නිසාය. අද ඔවුන් දෙදෙනාම අපට අහිමිවි ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments