21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්සූ කීට යළි වසර 04ක සිර දඬුවමක් නියම කර තිබේ.

සූ කීට යළි වසර 04ක සිර දඬුවමක් නියම කර තිබේ.

මියන්මාරයේ බලයෙන් පහ කළ නායිකා අවුන් සාන් සූ කී සාපරාධී චෝදනා තුනකට වරදකරු කරමින් එරට හමුදා අධිකරණයක් ඇයට තවත් වසර 04ක සිර දඬුවමක් නියම කර තිබේ.

හමුදා පාලනය යටතේ පවතින මියන්මාර අධිකරණය මෙලෙස සිව් වසරක සිර දඬුවම් විඳින සු කීට එලෙස තවත් සිව් වසරක සිර දඬුවම් නියම කර ඇත්තේ, බලපත්‍ර රහිතව සන්නිවේදන උපකරණ සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයකට වරදකාරිය කරමිනි.

වෝකි ටෝකි ළඟ තබාගෙන අපනයන – ආනයන නීතිය උල්ලංඝණය කිරීම හා තවත් සංඥා කට්ටලයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන්  සූ කීට වසර 2 ක සිර දඬුවමක්  නියම කර ඇති අතර ඉතිරි වසර දෙකේ සිර දඬුවම ලබා දී ඇත්තේ, කොරෝනා වසංගතයට අදාළ ආපදා කළමනාකරණ නීතිය කඩ කිරීමේ චෝදනාවටයි.

අවුන් සාන් සු කී චෝදනා කිහිපයකට වරදකාරිය කරමින් පසුගිය දෙසැම්බර් මාසයේදී සිරගත කෙරුණු අතර එහිදී ද ඇයට වසර හතරක සිර දඬුවමක් නියම කෙරිණ.

ඒ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී උසිගැන්වීම් සහ කොරෝනා නීති කඩ කිරීම සම්බන්ධයෙනි.

අද තීන්දුව ප්‍රකාශයට පත් වූ සූ කීට එරෙහි දෙවන නඩු විභාගය වාර්තා කිරීම සඳහා මාධ්‍යට අවසර හිමි නොවූ අතර සු කීගේ නීතිඥයින්ට මාධ්‍ය සහ ජනතාව සමග සන්නිවේදනය කිරීම ද තහනම් කර තිබේ.

තව ද සු කී රඳවාගෙන සිටින්නේ කුමන ස්ථානයක ද යන්න මියන්මාර හමුදා පාලනය තවමත් හෙළි කර නොමැත.

නොබෙල් ත්‍යාගලාභී 76 හැවිරිදි සූ කී ඇයට එල්ලවී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ඇයගේ ආධාරකරුවන් පවසන්නේ ඇයට එරෙහි නඩු පදනම් විරහිත බවත්, හමුදා පාලනය සූ කිගේ දේශපාලන ජීවිතය අවසන් කිරීමට සැලසුම් මෙලෙස ක්‍රියාත්මක කර ඇති බවත් ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments