පොලිස් විශේෂ කාර්ය බලකාය සිය
දෛනික වැටලීම්වලදි (09)
ගෝනහේන කඳවුරේ නිලධාරි
කණ්ඩායමක් අයිස් මත්ද්‍රව්‍ය ළඟ
තබාගෙන සිටි දෙදනකු
අත්අඩංගුවට ගෙන තිබේ.
එම කඳවුරේම නිලධාරී පිරිසක්
හෙරොයින් ළඟ තබාගෙන සිටි
පුද්ගලයකු අත්අඩංගුවට ගෙන
ඇත. පූගොඩ කඳවුරේ නිලධාරි
කණ්ඩායමක් නීති විරෝධි මත්පැන්
ළඟ තබාගෙන සිටි අයකු
අත්අඩංගුවට ගෙන තිබේ.
සෙට්ටිකුලම කඳවුරේ නිලධාරී
පිරිසක් නීති විරෝධි ලෙස මෙරට
නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන
බඳින තුවක්කු දෙකක් ළඟ
තබාගෙන සිටි අයකු අත්අඩංගුවට
ගෙන තිබේ. කැබිතිගෝල්ලෑව
කඳවුරේ නිලධාරි පිරිසක් පදවිය
රක්ෂිතයේ මොරවැව ප්‍රදේශයේ
අක්කරයක පමණ ප්‍රමාණයක
භූමියක් එළිපෙහෙලි කළ අයකු
අත්අඩංගුවට ගෙන තිබේ.
සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරි
පිරිසක් තහනම් තංගුස් දැල් භාවිතා
කරමින් ජයන්ති වැවේ මසුන්
අල්ලමින් සිටි දෙදනකු
අත්අඩංගුවට ගෙන ඇත. උඩවලව
කඳවුරේ නිලධාරි කණ්ඩායමක්
බලපත්‍ර නැතිව කුඹුක් ගසක් කපා
ප්‍රවාහනය සඳහා සූදානම් කරමින්
සිටි පස්දෙනකු අත්අඩංගුට ගෙන
තිබේ. අරලගංවිල කඳවුරේ නිලධාරි
පිරිසක් බලපත්‍ර නැතිව මෙරට
නිෂ්පාදිත ගිනි අවි කොටස්,
පතුරම්ගැබ්, ජීවඋණ්ඩ ඇතුළු
භාණ්ඩ ළඟ තබාගෙන සිටි අයකු
අත්අඩංගුවට ගෙන තිබේ. බුත්තල
කඳවුරේ නිලධාරි පිරිසක් පර්චස්
10ක භූමි ප්‍රමාණයක් වගාකර තිබු
ගංජා හේනක් සැකකරුවකු නැතිව
අත්අඩංගුවට ගෙන ඇත. ලාහුගල
කඳවුරේ නිලධාරි කණ්ඩායමක්
ලාහුගල වනෝද්‍යානය තුල
සිදුකරන ලැබු සෝදිසි
මෙහෙයුමකදී කපාදැමු
කොතලහිඹුටු දැව තොගයක්
සැකකරුවෙකු නැතිව අත්අඩංගුවට
ගෙන තිබේ. මාන්කූලම් කඳවුරේ
නිලධාරි පිරිසක් දම්වැල් කියතක්
ආධාරයෙන් පලුගසක් ඉරමින් සිටි
පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට
ගෙන තිබේ. සූරියවැව කඳවුරේ
නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව
මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත්
කොටන තුවක්කුවක් ළඟ
තබාගෙන සිටි අයකු අත්අඩංගුවට
ගෙන තිබේ. එම කඳවරේම
නිලධාරි කණ්ඩායමක් අක්කර
1/2ක පමණ භූමි ප්‍රමාණයක
වගා කර තිබු ගංජා හේනක්
සැකකරුවකු සමග අත්අඩංගුවට
ගෙන ඇත.