පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න මහතා (09) මහානායක හිමිවරු බැහැදැක නව වසරට අශිර්වාද ලබාගනී.
ඒ මහතා ශ්‍රී දළදා මාළිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අත්ගෞරවාහ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාර වාංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක මහිමිපාණන් වහන්සේ සහ මහනුවර අස්ගිරි විජයසුන්දරාරාම විහාරද්වයාධිපති රාජකීය පණ්ඩිත මහෝපාධ්‍ය අතිගෞරවාහ වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඥානන්ද ඤාණරතනාභිධාන මහාවිහාර වාංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක මහිමිපාණන් බැහැ දැක නවවසරට අශිර්වාද ලබාගෙන ඇත.
අනතුරුව මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක ගෞරව ශාස්ත්‍රවේදි අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්මාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, සාහිත්‍ය චක්‍රවර්ති සද්ධම්ම ජෝතික දජ ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි අභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී රතනපාල උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, කාරක සංඝ සභිත ආචාර්ය පූජ්‍ය ගොඩගම ශ්‍රී මංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කාරක සංඝ සභික නියෝජ්‍ය ලේඛකාධිකාරි ශාස්ත්‍රවති පූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාවේ ශ්‍රී විමලහිමියන් ඇතුළු නාහිමිවරුද් බැහැ දැකිමට කටයුතු කර තිබේ.