25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsසිංගප්පූරු ජාතිකයකු පදිංචි නිවසක් පරීක්ෂා කොට නිති වි‍රෝධි මත්ද්‍රව්‍ය , අවි ආයුධ...

සිංගප්පූරු ජාතිකයකු පදිංචි නිවසක් පරීක්ෂා කොට නිති වි‍රෝධි මත්ද්‍රව්‍ය , අවි ආයුධ සමග එම විදේශිකයා ඇතුළු තවත් ජවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

හෑෂ් ඔයිල් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා සහ ජර්මනියේ නිෂ්පාදිත බලපත්‍ර නොමැති වායු පිස්තෝල අවියක් සමග විදේශිකයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවටගෙන තිබේ.
විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් හා නායකත්වය යටතේ විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පොලිස් පරික්ෂක රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (10) තලංගම පොලිස් වසමේ අංක අංක 916/1, 16 වන පටුමග, පහලවෙල පාර, පැලවත්ත ලිපිනයේ දී වැටලීමක් සිදුකර සිංගප්පුරු ජාතිකයකුගේ පදිංචි නිවස පරීක්ෂා කිරීමේදි ඔහු සන්තයේ තිබී හෑෂ් ඔයිල් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා මත්ද්‍රව්‍ය අතුඅඩංගුවට ගෙන ඇත. තවදුරටත් නිවස පරික්ෂා කිරිමේදි නිවසේ රහසිගතව සගවා තිබු ජර්මනියේ නිෂ්පාදිත අංක E114225165 HAMMERLI P 26 වර්ගයේ බලපත්‍ර නොමැති වායු පිස්තෝල අවියක් සහ අඩියක් පමණ දිගින් යුත් වැඩිදියුණු කරන ලද පිස්තෝලයක හැඩය ඇති කුඩා දුන්නක් සමග උපාංගද ඇතුළුව සැකකටයුතු භාණ්ඩ සමග වයස අවුරුදු 50ක සිංගප්පුරු ජාතිකයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලංගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

එහිදි හැෂ් ඔයිල් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 50 යි,
කේරළ ගංජා ග්‍රෑම් 50 යි, මිලිග්‍රෑමි 220 යි,හැෂ් ඔයිල් තැවරුණු ප්ලාස්ටික් ඩප්පි03 යි,SF 400 වර්ගයේ විද්‍යුත් තරාදියක්, ගංජා එතිම සදහා භාවිතා කරන උපකරණ 02,ජර්මනියේ නිෂ්පාදිත අංක E114225165 HAMMERLI P 26 වර්ගයේ කුවිතාන්සි නොමැති වායු පිස්තෝල අවියක්, වායු පිස්තෝලය සදහා යොදන ලබන යකඩ පැලට් 181යි, MINI CROSS BOW වර්ගයේ කළු පැහැති දුන්නක්,එම දුන්න සදහා භාවිතයට ගන්නා ඊතල 21 ක්,
LAH MINI 45 වර්ගයේ කුඩා දුන්නක් සොයාගෙන ඇත.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සිය

දෛනික වැටලීම්වලදී (10)

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදි

පර්විසන් පාර, මෝදර උයන

ප්‍රදේශයේ වැටලීමක් සිදුකොට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 52යි මිලිග්‍රෑම්

335යි , ජංගම දුරකතනයක්

ඩිජිටල් තරාදියක් හා සේදවත්තේ

පදිංචි අයෙක් අත්අඩංගුවට ගැනීමට

ගෝනහේන කඳවුරේ නිලධාරීන්

සමත් වී තිබේ.

එම කඳවුරේ නිලධාරින් වෙත

ලැබුණු තොරතුරකට අනුව නිලධාරි

කණ්ඩායමක් මිණුවන්ගොඩ

පොලිස් වසමේ නිල්පනාගොඩ

වෑගොව්ව ස්ථානයේ වැටලීමක්

සිදුකොට නීති විරෝධි මත්පැන්

ලීටර් 33.75 සමග අයකු

අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර

විමර්ශන සඳහා මිණුවන්ගොඩ

පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

බුද්ධි කොට්ඨාශයේ නිලධාරි වෙත

ලැබුණු තොරතුරකට අනුව නිලධාරි

පිරිසක් තලංගම පොලිස් වසමේ

පහලවෙල පාර, පැලවත්ත

ප්‍රදේශයේ වැටලීමක් සිදුකොට

පූගොඩ කඳවුරේ නිලධාරින්වෙත

ලැබුණු තොරතුරකට අනුව නිලධාරී

පිරිසක් එම පොලිස් වසමේ

කිලරියන් ෆාම් වෙන්දේසී ඉඩම

අසලදී වැටලීමක් සිදුකොට

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි

මිලිග්‍රෑම් 400ක්

ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන වැඩිදුර

විමර්ශන සඳහා පූගොඩ පොලිස්

ස්ථානය වෙත භාරදී ඇත. එම

පූගොඩ කඳවුරේම නිලධාරීන් එම

පොලිස් වසමේ තරාල, උඩුගම

ප්‍රදේශයේ වැටලීමක් කර නීති

විරෝධි මත්පැන් ලීටර් 22.5ක්

ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන වැඩිදුර පූගොඩ

පොලිස් ස්ථානය වෙත භාරදි ඇත.

අම්බලන්තොට කඳවුරේ නිලධාරින්

වෙත ලැබුණු තොරතුරකට අනුව

නිලධාරි පිරිසක් හම්බන්තොට

වරාය පොලිස් වසමේ රෝහල්

පෙදෙස බැරගම ප්‍රදේශයේදී

වැටලීමක් සිදුකර එහිදි නීති

විරෝධි මත්පැන් ලීටර්

13.75ක් ළඟ තබාගෙන සිටි

අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර

විමර්ශන සඳහා හම්බන්තොට

වරාය පොලිස් ස්ථානය වෙත භාරදී

තිබේ. ආරුගම්බේ කඳවුරේ

නිලධාරින්ට යුද්ධ හමුදා බුද්ධි අංශ

නිලධාරින්ගෙන් ලැබුණු

තොරතුරකට අනුව නිලධාරි

පිරිසක් පොතුවිල් මන අඩිවි

නිලධාරීන් සමග ඒකාබද්ධව

පොතුවිල් පොලිස් වසමේ පුදුවැලි

ප්‍රදේශයේ වැටලීමක් සිදුකොට

නීති විරෝධි කැලෑ කපමින් සිටි

අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර

විමර්ශන සඳහා පොතුවිල් වන

අඩවි කර්යාල වෙත භාරදි තිබේ.

අරලගංවිල කඳවුරේ නිලධාරින්ට

භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ

නිලධාරීන්ගෙන් ලැබුණු

තොරතුරකට අනුව නිලධාරි පිරිසක්

වාලච්චේන පොලිස් වසමේ

වඩමුන මාදුර ඔය ප්‍රදේශයේදි

වැටලීමක් සිදුකොට බලපත්‍ර නැති

ස්ථානයකින් ට්‍රැක්ටර් රථයකට වැලි

පටවමින් සිටි අයකු අත්අඩංගුවට

ගෙන වැඩිදුර විමර්ශන කටයුතු

සඳහා වාච්චේන පොලිස් ස්ථානය

වෙත භාරදී තිබේ. එහිදි වැලි කියුබ්

0.5ක් පුරවන ලද ටේලර් එකයි,

ට්‍රැක්ටර් රථ එකයි, ස්විච් යතුරු

එකයි, බාල්දි එකයි සොයාගෙන

තිබේ. පස්සර කඳවුරේ

නිලධාරින්ට ලැබුණු තොරතුරකට

අනුව නිලධාරින් කණ්ඩායමක්

එම පොලිස් වසමේ පස්සර

මීදුම්පිටිය ප්‍රදේශයේ වැටලීමක්

සිදුකොට බලපත්‍ර නැතිව

අනවසරයෙන් පතල් කැණීම්

සිදුකොට සිව්දෙනකු අත්අඩංගුවට

ගෙන වැඩිදුර විමර්ශන සඳහා

පස්සර පොලිස් ස්ථානය වෙත

භාරදී ඇත. කුරුණෑගල කඳවුරේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරකට අනුව නිලධාරි පිරිසක් පන්නල පොලිස් වසමේ මා ඔය රක්ෂිතයට ඇතුළුවි ගංඉවුරුට හානි වන අයුරින් එන්ජිම රහිත ෆයිබර් වර්ගයේ බෝට්ටුවක් ආධාරයෙන් වැලි ගොඩබාමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පන්නල පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. එහිදි එම භාණ්ඩ සියල්ලද පොලිසිභාරයට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments