කොළඹ කටුනායක අධිවේගි
මාර්ගයේ සීදුව පිටවිමේ දොරටුව
අසල දී කේරළ ගංජා ප්‍රවාහනය
කරමින් සිටි පුද්ගලයෙකු විශේෂ
කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන
තිබේ.
කොළඹ කටුනායක අධිවේගි
මාර්ගයේ සීදුව පිටවිමේ දොරටුව
අසල විශේෂ කාර්ය බලකායට
අනුයුක්තව මාර්ග බාධක රාජකාරී
කරනු ලබන පොලිස් පරික්ෂක
එච්.ඒ.පි.ජේ. සුසන්ත ඇතුළු
නිලධාරීන් කණ්ඩායමක් (11)
කේරළ ගංජා ළඟ තබාගෙන කාර්
රථයකින් ප්‍රවාහනය කරමින් සිටි
වයස අවුරුදු 36 පසුවන උතුරු
මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි
පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා
සීදුව පොලිස් ස්ථානය වෙත භාර දී
ඇත.
එහිදි කේරළ ගංජා කිලෝ ග්‍රෑමි
4.334 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
නීති විරෝධී ලෙස මෙරටට
ගෙන්වන ලැබු දුම්වැටි සමග
පුද්ගලයෙකු විශේෂ කාර්ය
බලකායේ අත්අඩංගුවට.
විශේෂ
කාර්ය බලකාය සංවිධානාත්මක
අපරාධ මර්ධන ඒකකය II හි
නිලධාරීන්ට ලැබුණු තොරතුරකට
අනුව උප පොලිස් පරීක්ෂක ටී.එන්.
ධර්මවර්ධන ඇතුළු නිලධාරීන්
කණ්ඩායමක් (11) රාගම
පොලිස් වසමේ අංක
311/A/4, පොඩි වී කුඹුර,
රාගම යන ලිපිනයේ දී නීතී විරෝධී
ලෙස, තිරුබදු රහිතව මෙරටට
ආනයනය කරන ලැබු, රජයේ
අවවාදය සටහන් කර නොමැතිව
අලෙවිය සඳහා සූදානම් කර තිබූ
දුම්වැටි සමග වයස අවුරුදු 29
පසුවන රාගම ප්‍රදේශයේ පදිංචි
පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා
සීදුව පොලිස් ස්ථානය වෙත භාර දී
ඇත.
එහිදි Manchester
වර්ගයේ දුම්වැටි
240ක්,Manchester
ice crush වර්ගයේ
දුම්වැටි200ක්,Manchest
er Apple වර්ගයේ දුම්වැටි
160ක්,Manchester
Strawberry වර්ගයේ
දුම්වැටි100ක්,Manchest
er Cherry වර්ගයේ
දුම්වැටි 100 ක්
අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර විශේෂ පොලිස් කාර්ය
බලකාය තවත් වැටලීම් සිදුකරමින්
සංවිධානාත්මක අපරාධ මර්දන
ඒකකය 1හි නිලධාරි
කණ්ඩායමක් මට්ටක්කුලිය පොලිස්
වසමේදී වැටලීම් දෙකක් සිදුකර
ඇති අතර නීති විරෝධි හෙරොයින්
මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයකු
හා අනුබලදීමේ වරදට සැකපිට
කන්තාවයක් අත්අඩංගුවට ගෙන
ඇත. වැලිකඩ බන්ධනාගාර
කඳවුරේ නිලධාරි පිරිසක් එම
පොලිස් වසමේ රැඳවියන් සෝදිසි
කිරීමකදි පොලිතින් මගින්
ආවර්ණය කර ගුද මාර්ගයේ භාණ්ඩ
කිහිපයක් සඟවාගෙන සිටි
පුද්ගලයකු අත්අඩංගුවට ගෙන
ඇත. බුද්ධි කොට්ඨාශයේ නිලධාරි
කණ්ඩායමක් මට්ටක්කුලිය පොලිස්
වසමේදී වැටලීම් දෙකක් සිදුකර
ඇති අතර නීතී විරෝධි හෙරොයින්
මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි
කාන්තාවක් හා අයකු අත්අඩංගුවට
ගෙන තිබේ. දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරි කණ්ඩායමක් තිහගොඩ පොලිස් වසමේදී නීති විරෝධි හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. සමන්තුරය කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේදී බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කරමින් වැලි කැණීම් කර ටිපර් රථයකට වැලි පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පුල්මුඩේ කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ දී රජයේ වනාන්තරයකට අනවසරයෙන් ඇතුළුවි අක්කරයක පමණ ප්‍රදේශයක කැලෑව එළි කර නියරවල් සාදා කුඹුරක් සකස් කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. මහඔය කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කරමින් වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු ටිපර් රථයක් අත්අඩංගුවට ගෙන ඇත. වාකරේ කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන් හා පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. බුත්තල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කුඩාඔය පොලිස් වසමේදී පර්චස් තුනක භූමි ප්‍රමාණයක නීති විරෝධි ලෙස වගාකර තිබු ගංජා පැළ පන්සීයක් සමග අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරි පිරිසක් හොරොව්පතාන පොලිස් වසමේදී රජයේ රක්ෂිතයකට අනවසරයෙන් ඇතුළුවි අක්කර 1/4ක ප්‍රදේශයක් එළි පෙහෙලි කළ අයකු අත්අඩංගුවට ගෙන ඇත. අනුරාධපුර කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේදී බලපත්‍ර නැතිව ජංගම ඉරුම්හලක් පවත්වාගෙන යාම, තේක්ක දැව කඳන් ළඟ තබාගැනීම වරදට දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ.