බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කරලීම සහ ජනතාවගේ කාර්යයන් පහසු කරවීම සඳහා නව පොලිස් ස්ථාන ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ යටතේ 196 වන නව පොලිස් ස්ථානය ගම්පහ නුංගමුව ප්‍රදේශයේ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ අතින් විවෘත විය. මෙම වැඩසටහනට පෙර පොලිස් ස්ථාන 494 දිවයින පුරා පිහිටුවා තිබූ අතර නුංගමුව පොලිසිය හයසිය වන පොලිස් ස්ථානය ලෙස එක් විය. මෙම අවස්ථාව සදහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද සහභාගි විය.