පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදී කිලිනොච්චිය කඳවුරේ නිලධාරි පිරිසක් රාජ්‍ය බුද්ධි අංශය මගින් ලබාදුන් තොරතුරකට අනුව පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ සැකකරුවන් නැතිව ඉකුත් යුධ සමයේ භාවිතා කර අතහැර දමනු ලැබු මි.මි. 122 කාලතුවක්කු උණ්ඩයක් හා තමිලාන් ගුණ්ඩු අත්බෝම්බයක් සොයාගෙන තිබේ.
බුද්ධි කොට්ඨාශයේ නිලධාරි පිරිසක් මාළිගාවත්ත පොලිස් වසමේ අයිස් ග්‍රෑම් විසිහයයි මිලිග්‍රෑම් තුන්සිය පනහක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. බුද්ධි කොට්ඨාශයේ නිලධාරි පිරිසක් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වැටලීම් දෙකක් සිදුකර හෙරොයින් ග්‍රෑම් හයයි මිලිග්‍රෑම් දෙසීයක් ළඟ තබාගැනීම ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අයකු හා අයිස් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් තුන්සිය හැටක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වාරියපොල පොලිස් වසමේ කේරළ ගංජා ග්‍රෑම් 115 ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. බුත්තල කඳවුරේ නිලධාරි පිරිසක් තණමල්විල පොලිස් වසමේ පර්චස් දෙකක භූමි ප්‍රමාණයක නීති විරෝධි ලෙස වගාකර තිබු අඟල් අටක් පමණ උස ගංජා පැළ 20,000ක් අත්අඩංගුවට ගෙන තිබේ. සෙට්ටිකුලම කඳවුරේ නිලධාරි පිරිසක් වව්නියාව අඩවි වන කාර්යාලයේ නිලධාරි පිරිසක්ද ඒකාබද්ධව එම පොලිස් වසමේ නීතිවිරෝධි මොහන්තාන්කූලම් රජයේ කැළෑවේ අක්කර එකක පමණ භූමි ප්‍රමාණයක් එළිපෙහෙලි කර ගිනි තබමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. මන්නාරම කඳවුරේ නිලධාරීන් හා පරයානකූලම් කඳවුරේ නිලධාරි කණ්ඩායම් ඒකාබද්ධව මඩු පොලිස් වසමේ වැටලීම් තුනක් සිදුකර බලපත්‍ර නැතිව ස්ථානයකින් වැලි කැණීම් කර පටවා ප්‍රවාහනය කිරීමට සූදානම්කර තිබු ටිපර් රථ දෙකක්, ට්‍රැක්ටර් එකක් සමගින් පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. අරලගංවිල කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ මාදුරු ඔයට අනවසරයෙන් ඇතුළුවි බලපත්‍ර නැතිව වැලි පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. වැලිකඩ කඳවුරේ නිලධාරි පිරිසක් වැලිකඩ බන්ධනාගාර සංකීර්ණයේ මැගසින් බන්ධනාගාර දෙරටුවේදි රැඳවියකු සෝදිසි කිරීමේදි ඔහු ඇඳගෙන සිටි කලිසම් සාක්කුවේ කළු පාට හෑන්ඩ් ෆ්‍රී එකක් සඟවාගෙන සිටියදි සොයාගෙන තිබේ.