24 C
Sri Lanka
Friday, June 6, 2025
Homeක්‍රීඩා පුවත්6 වන නාවික හමුදා විවෘත වෙඩි තැබිමේ තරඟාවලිය - 2022 ශුරතාවය ශ්‍රි...

6 වන නාවික හමුදා විවෘත වෙඩි තැබිමේ තරඟාවලිය – 2022 ශුරතාවය ශ්‍රි ලංකා නාවික හමුදාවට.

6 වන නාවික හමුදා විවෘත වෙඩි තැබිමේ තරඟාවලිය – 2022, ජනවාරි මස 14 වන දින සිට 22 වන දින දක්වා වැලිසර, නාවික හමුදා වෙඩි තැබිමේ සංකිර්ණයේදී පවත්වන ලද අතර, එහිදි නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතය සමස්ථ තරඟාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය.
මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ක්‍රීඩා සමාජ රැසක් මෙන්ම දිවයින පුරා පිහිටි පාසල් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සහභාගී විය. මෙම තරඟාවලියේ දක්‍ෂතම කාන්තා වෙඩික්කරු සම්මානය කාන්තා සුළු නිලධාරි (සංඥා) එම්ජිටියුඊ එගොඩවෙල දිනා ගත් අතර, දක්‍ෂතම වෙඩික්කරු සම්මානය ශ්‍රී ලංකා යුද හමුදාවේ සැරයන් ඩබ්ඒජේආර් හේමචන්ද්‍ර හිමිකර ගන්නා ලදී. මෙම තරඟාවලියේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව කණ්ඩායම් ඉසව් සහ ඒකල වශයෙන් ජයග්‍රහණ රැසක් ලබා ගනිමින් තරඟාවලියේ සමස්ථ ශූරතාවය දිනා ගත් අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එහි අනුශූරතාවය දිනා ගන්නා ලදී. නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතය නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහත ජයග්‍රහණ හිමි කර ගැනීමට සමත් විය.

මීටර් 10 වායු පිස්තෝල පිරිමි (කණ්ඩායම්) රන් පදක්කම,මීටර් 10 වායු පිස්තෝල කාන්තා (කණ්ඩායම්) රන් පදක්කම,මීටර් 25 සම්මත පිස්තෝල පිරිමි (කණ්ඩායම්)රන් පදක්කම,මීටර් 10 වායු පිස්තෝල කාන්තා (ඒකල)රිදී පදක්කම,මීටර් 10 වායු තුවක්කු පිරිමි (ඒකල)ලෝකඩ පදක්කම,මීටර් 10 වායු තුවක්කු කාන්තා (ඒකල) රිදී පදක්කම,මීටර් 25 ක්‍රීඩා පිස්තෝල කාන්තා (ඒකල)ලෝකඩ පදක්කම,මීටර් 25 ක්‍ෂණික වෙඩිතැබීම් පිස්තෝල පිරිමි (ඒකල) රන් පදක්කම,මීටර් 25 සම්මත පිස්තෝල පිරිමි (ඒකල)රන් පදක්කම,මීටර් 50 නිදහස් පිස්තෝල පිරිමි (ඒකල)රන් පදක්කම,මීටර් 50 බිම වැතිර පිරිමි (ඒකල)රන් පදක්කම,මීටර් 50 බිම වැතිර පිරිමි (ඒකල)රිදී පදක්කම,මීටර් 50 බිම වැතිර පිරිමි (ඒකල)ලෝකඩ පදක්කම,මීටර් 50 බිම වැතිර කාන්තා (ඒකල)රන් පදක්කම,මීටර් 50 බිම වැතිර කාන්තා (ඒකල)ලෝකඩ පදක්කම,මීටර් 50 තුන් ඉරියව් පිරිමි (ඒකල) රිදී පදක්කම,මීටර් 50 තුන් ඉරියව් පිරිමි (ඒකල) ලෝකඩ පදක්කම,මීටර් 50 තුන් ඉරියව් කාන්තා (ඒකල)රන් පදමීටර් 50 තුන් ඉරියව් කාන්තා (ඒකල)රිදී පදක්කම හිමිකර ගත්හ.

තවද, මෙම තරඟාවලිය සඳහා පාසල් ක්‍රීඩා සංගමය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 83 දෙනෙකු සහභාගි විය. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් විශේෂ දක්‍ෂතා පෙන්නුම් කළ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ එන් සැලී දක්‍ෂතම කණිෂ්ඨ වෙඩික්කරු ලෙසත්, කොළඹ විශාඛා විද්‍යාලයේ යුකේඩිටි ගීත්මා දක්‍ෂතම කණිෂ්ඨ වෙඩික්කාරිය ලෙසත්, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ එස්බිඑම්එච්කේ බණ්ඩාරනායක දක්‍ෂතම යොවුන් වෙඩික්කරු ලෙසත් සම්මාන දිනාගත් අතර, කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ ඩිඑම්එන්එන්එම් දසනායක දක්‍ෂතම යොවුන් වෙඩික්කාරිය ලෙස සම්මාන දිනා ගනිමින් 2022 වර්ෂයේ චිනයේ පැවැත්වීමට නියමිත 19 වන ආසියාතික තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වීම මෙම තරඟාවලියේ විශේෂ සිදු විමක් ලෙස සනිටුහන් විය.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම වෙඩිතැබීමේ තරඟාවලිය සංවිධානය කරන ලද අතර, එහි ත්‍යාග ප්‍රධාන උත්සවය, ප්‍රධාන ආරාධිත අමුත්තාවශයෙන් සහභාගී වූ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් වයිඑන් ජයරත්නගේ ප්‍රධානත්වයෙන් වැලිසර නාවික හමුදා වෙඩි තැබිමේ සංකිර්ණයේදී 2022 ජනවාරි මස 23 වන දින පැවැත්විණි. තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා, නාවික හමුදා වෙඩිතැබිමේ සංචිතයේ සභාපති, ඇතුළු නාවික පුද්ගලයින් පිරිසක් සහභාගිවි සිටියහ.

තවද, නාවික හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ, නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතය වෙනුවෙන් නව අවි, උපකරණ සහ පහසුකම් ලබා දීමෙන් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්හට වැඩි ජයග්‍රහණ සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකියාව ලැබි ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments